" ඔප්පා....ඇයි අනේ මගෙ ඇස් වහලා...."
ටේයි ඉයූ බබයි ශොපින් ගිහින් ඇවිත් ඉයූ බබා වොශ් එකක් දා ගන්න කියලා ටේ ඒ දෙන්නා යන්න කලින් ගෙදර ඉදපු ඔක්කොම මේඩ්ලට කියලා ඉයූ බබාගෙ රූම් එක හදන හැටි කියලා දීපු එකේ හරි වැරදි හොයන්න පටන් ගත්තෙ පිස්සෙක් වගේ අරයට බනිනෝ මෙයාට බනිනෝ මේක වැරදී කියනෝ අරක හරී කියනෝ පව් අසරන මේඩ්ලා 😂 කරන්නෙ මොකද්ද කියලා හිතා ගන්න බැරුව බලන් ඉන්නෝ අන්තිමට ඉයූ වොශ් දාගෙන ඉවර වෙන්න කලින් කොහොම හරි ටේ රූම් එක ඇරේන්ජ් කර ගත්තා මායි ජුනයි මේ නාඩගම පැත්තකට වෙලා බලන් ඉදියා දැන් මේ ටේ ඉයූගෙ ඇස් දෙක රෙදි කෑල්ලකින් ගැට ගහලා අරගෙන යනෝ රූම් එක බෙන්නලා සප්රයිස් කරන්න ....
" ඉයූ බබා තා සුට්ටයි අනේ යමු මම ඔයා වට්ටන්නෙ නැ අනේ ..."
" හරි හරි මගේ ටේ ඔප්පේ...මම දන්නවා අනෙ ඔයා ගැන...."
ඉයූව රූම් එකේ දොරෙන් ඇතුලට එක්කන් ගිහින් දැන් ටේ ඉයූගෙ ඇස් බැදපු රෙදි කෑල්ලෙ ගැට ගලවනෝ 😂 මම ඕකට කිව්වා පොඩි ගැටයක් ගහපම් කියලා දැන් දාර ගැටයක් ගහලා ගැටේ ලිහා ගන්න බැරුව මැරෙන්න හදනෝ ජුන් හියුන් හිනාව තද කරන් ඉන්නෙ මේක දැකලා 😂😂
" යා මෙහෙ එනව කෝ ජිමී මේක ගලවපම් කෝ.."
ආ ඔය ඇමතුවෙ😂
" ඉදපම් ඉදපම් ඒක තමයි මිනිහෝ මම කිව්වෙ ගලවන්න පුලුවන් එකක් ගහ පම් කියලා "
" හරි පන්ඩිතයා වෙන්නෙ නැතුව මේක ගලවපම් "
" දැන් යකෝ මමද පන්ඩිතයා තෝ නේ...හෙම්බා"
" අයිශ් ගෙබි ඔප්පලා දෙන්නා ගලවනවා මේක මගෙ ඇස් දෙකත් පොට්ට වෙනෝ මේක දාගෙන ඉදලා "
ඉයූ යකෝ මේකි ... ජුන් හියුන්ට ඒක ඇහුන ගමන් නම් හිනාව බකස් ගාලා පැන්නා 😂
" අහ ගත්තද උබලා දෙන්නා දැන්වත් ඔය පොඩි එකාගෙ ඇස් බැදපු ඔය රෙදි කෑල්ල ගලවපම් "
ටේ ගහපු අබලම් ගැටේ නෙමෙයි දාරානිපාත ගැටේ ගලවලා දැම්මා මම
" ඉයූ බබා ඔන්න ඇස් ඇරලා බලන්න..."
ඉයූ ඇස් ඇරලා බැලුවා එක්කම එක සැරේ ඇස් වලින් කදුලු එන්න ගත්තෙ අපි හැමෝම බය කරලා වැඩිපුරම ටේ අප්සට් ගිහින් එයා හදපු රූම් එකට ඉයූ කැමති නැ කියලා හිතලා