01. යාලුවො

1.4K 192 46
                                    

ADIYA'S POV

.
.
.
.

" ඉතිං.. උබ කියවලා ඉවර නං වරෙං බං......." මං කෑ ගැහුවෙ නරක හිතකින් නෙවෙයි ... මේ මෝඩ සහනා කෙල්ලො ටික වට කරං කියවනවා, කියවනවා ඉවරයක් නැති නිසයි.

මං මෙච්චර වෙලා එතන ඉස්සරහා හිටගෙන අත් දෙකත් බදගෙන බලං ඉන්නෙ මු එනකං.... යකෝ තව පැයකින් අනිත් ලෙක්චර් එක.... ඊට කලින් බඩට මොනා හරි දාගන්නත් ඕන... මු මෙතන මල් කඩනෝ....

ඉතින් මම බයින එක සාදාරණ නැද්ද...

" ඒ හලෝ සහන්.. මේ... ඒනං ඔයා ඕක හිමින් ඉවර කරං එන්න. මං අරපැත්තට යනව හරිද..." මං සහන් ලගට ගිහින් ඒම කියලා ආවා එන්න..
.
.
.
.
.

ඔන්න ඉතින් ටිකකින් ඇහෙනෝ කෑ ගහන් එන සද්දෙ...... මං ඉතිං කට කොනෙන් හිනා වේගෙන ඇහෙන්නෑ වගේ ඉස්සරහට ඇවිදං ගියා..

" ඒ ආදි... ඔහොම හිටපං බං... යා.. මොකක්ද බං.......... බල්ලෝ..... ඒයි.... " සහන් කෑ ගගහා එනකොට මං දුවන්න ගත්තා...

කැම්පස් එකේ වටේ උං ඔක්කොම බලනෝ..... බැගී ශර්ට් එකයි, පැන්ට් එකයි ගහගත්ත කොන්ඩෙ කොටටම කපපු සුදු 😌 කෙල්ලෙක් ඉස්සරහින් දුවනෝඕ... ඒ පස්සෙන් ඒ වගේම සුදු කෙට්ටු හැන්ඩිම හැන්ඩි කොල්ලෙක් කෑ ගහගා දුවනෝ....

කැම්පස් එකේ උං බලනව ඇති මේ මොකද යකෝ මේ කියලා. සමහරු බලනව ඇති කපල් එකක්ද කොහෙද කියලා..ලංකාවේ ඉතිං කෙල්ලෙක්ට හොඳ ෆිට් එකේ කොල්ලෙක් එක්ක යාලුවො වගේ ඉන්න බෑනෙ.... ඒම හිටියොත් හිතන්නෙ කපල් එකක් කියලා..

😂අනේ මං අහන්නෙ මේ ලොකෙ දියුණු වෙලා තියන එකේ ඔය තියරිය කෙල්ලො දෙන්නෙක් හරි කොල්ලො දෙන්නෙක් හරි ඉන්න තැන් වලටත් දාපංකෝ..

හාහා...ඒම බෑ.. ඒ ඉන්නෙ යාලුවො. හ්ම්. 😌 ඔන්න ඉතින් ලංකාවේ තියරි.

.
.
.
.
.

කොමෙන් හරි මම දුවගෙන ඇවිත් නතර උනේ එලියේ කැන්ටින් එකේ බංකුවක..
ඉදගෙන කකුල් දෙකත් අල්ලං හති අරින්න ගත්ත මට පොතකින් පාරක් ඔලුවට වැදුනෙ ආව් ගෑවෙන්නමයි.

" තමුසෙට පොඩ්ඩක් ඉන්න බෑ නේද... මං පොඩ්ඩක්..." සහන් කියවගෙන කියවගෙන යද්දි මම පැනලා ඒකාගෙ කට වැහුවෙ වටේ පිටේ ඉන්න ඔක්කොම අක්කලා අපි දිහා බලන්න ගත්ත නිසයි..

TOP (සිංහල GL) ✅Where stories live. Discover now