06.ටොප්

1.2K 189 73
                                    

.
.
.

ADIYA'S POV

.
.
.
.
.

කවුරු උනත් කරලා තියෙන්නේ මහම මහ ජරා වැඩක්.. මායි තිසක්‍යා අක්කයි අත් අල්ලං ශොපින් මෝල් එකෙන් එන විදිහ ෆොටෝ වගයක්  කැම්පස් එකේ මේන් ග්රෑප් එකක ශෙයා කරලා තිබ්බෙ " කපල් එකක්" කියලයි.

බැලු බැල්මට නං ඒකෙ යාලුකමට වඩා දෙයක් පේන නිසා මං ටිකක් බය උනා.. ඇත්තටම බය උනා නෙවෙයි හොඳටම බය වුණා..

සහන් කේශාලි වගේම ප්‍රතිබත් මුලු රෑම කොල් වල හිටීයේ දැං කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරීවයි...

ඒක කලේ කවුද කියලා නම් දන්නෑ. මං ගාව තිසක්‍යා අක්කගෙ නම්බර් එකවත් නැති නිසා මං මුලු රෑම ගෙවා ගත්තෙ උදේ වෙන්නෙ කීයටද කියල ගැන ගැනයි.

.
.
.
.

වෙනදට කලින්ම ඇහැරුන මම ඉක්මනට කැම්පස් එකට ගියේ මේක විසදගන්න විදිහක් හිත හීතයි...
මං එනකොටත් සහන් වගේම ප්‍රතිබත් පැහැසර අයියත් ගේට් එක ගාව හිටියා..

මගේ ඇස් වලින් කදුළු ආවෙ ඉබේමයි. ඒ මට ඒ විදියට ප්‍රචාරයක් යැව්ව නිසාද නැත්නම් ඕනෙම ප්‍රශ්නෙකදි මා එක්ක ඉන්න හොඳ යාලුවො ටික දැක්කමද කියල දන්නෑ..

සහන් ඉස්හරහට ඇවිත් මාව බදා ගත්තා.. ඇත්තටම මට ඒ වෙලාවෙ එයාව දැනුනෙ මගේම සහෝදරයෙක් වගෙයි... කවුරු උනත් සහන් වගේ කොල්ලෙක් ලබන්න කෙල්ලො වාසනාවන්ත වෙන්න ඕන.. ඒත් ඊටත් වඩා මට නං මේ සහෝදරකම වටිනව කියල දැනුනා...

.
.
.
.

කැම්පස් එක ඇතුලට ඇවිදං යද්දි වටේ පිටේ සමහර ලමයි අමුතුවට බැලුවා.... ඒත් ඒ හැමදෙයක්ම ගනන් ගත්ත නැති මං කෙලින්ම ගියේ ස්පෝට්ස් රෑම් එකට..

" ඔ....... මෙයා නේද තිසක්‍යා එක්ක හිටිය ගර්ල්..." අක්කලා වගයක් කතා කර කර යනව මට ඇහුනා.

කොච්චර හොඳ සමාජයක් කියලා අපි  කිව්වත්, කෙල්ලෙක් කොන්ඩෙ කපලා සම්ප්‍රදායික විදිහෙන් ටිකක් හරි වෙනස් උන ගමන් ඒක දිරවගන්න බැරි කොට්ඨාසෙකුත් හැමතැනම ඉන්නවා..

ඔය අතර කේෂාලි හති දාගෙන  දුවගෙන ආවා.....
" ලමයි.... මේ........ අර අතන රෑම් එකේ.. තිසක්‍යා අක්ක...." එච්චරයි කියන්න හම්බ උනේ මම  ඉක්මනට ඒ දිහාවට දිව්වා....

TOP (සිංහල GL) ✅Where stories live. Discover now