05. සාප්පු සවාරිය

784 160 19
                                    

ADIYA'S POV

.
.
.
.
.
.
.
.

එදා හවස මං ගෙදර ආවෙ තිසක්‍යා අක්ක එක්ක එක ලග ශිට් එකේ ඉදගෙනයි...
අක්ක ෆෝන් එකේ මොකක් හරි ලොකු වැඩක් වගේ පේන්න තිබ්බ නිසා මාත් ඉස්සරහ බලං ඔහේ ආවා.

.
.
.
ගෙදර ඇවිත් වොශ් එකක් ඒම දාගෙන මං අල්මාරිය ඇරියේ හෙට ඇදං යන්න හොඳ ඇදුමක් තෝර ගන්නයි...

ලොකු හුස්මක් අරගෙන අල්මාරියේ තිබ්බ එකම ගවුම අතට ගත්ත මම කණ්ණාඩියෙන් බැලුවෙ ඒක හොඳද කියලයි. ටිකක් කොටයි. සැක්.. මං කොටට අදින්නෙත් නෑ...

මොනා කරන්නද... 😋අක්කා කැමති වෙයිනෙ..

මං ඒම හිතනකොට එක පාරටම ෆොන් එක වයිබ්රේට් උනේ මැසේජ් එකක් ඇවිල්ලයි.

" මලා.." මට කියවුනෙ වෙන දෙයක් නිසා නෙවෙයි... හෙට සහන්ලා එක්කත් ඇවිදින්න යනව කියල කිව්ව නිසයි..

දැං මොකද කරන්නෙ....... ඒම කියලා මට අක්ක එක්ක නොයා ඉන්නත් බෑනෙ. දැං හදිස්සියට මේ දේවල් අපේ උං දෙන්නාට තේරුම් කරන්නත් බෑ..

මං ග්රෑප් එකට මැසේජ් එකක් දැම්මෙ මට බඩේ අමාරුවක් කියලයි.. ඒම කිව්වම වෙන දේවල් අහන්නෑනෙ ඉතින්..

කොමහරි සහනුයි කේශාලීත් ප්‍රතිබලා එක්ක යනො කියල තීරණේ කරලා ඔන්න චැට් එක විසදුනා..

හෙට උදෙන්ම ටව්න් එකට යන්නත් ඕන නිසා මං හොඳ හිනයක් ඒම පේන්න කියලා හිතාගෙන නින්දට ගියා.

.
.
.
.
.
.
.
.

උදෙන්ම නැගිට්ට මම වෙනදට වඩා ටිකක් වැඩිපුර ඒමත් සබන් දාලා මුණ හේදුවා. 😁
ගව්මත් ඇදගෙන කොන්ඩෙ ඉතින් පීරන්න දෙයක් නැතත් නිකං හරි පීරලා කන්නාඩියෙන් බැලුවම පේන්නෙ කොල්ලෙක්ට ගව්මක් අන්දලා වගෙයි. එකම වෙනස මේ කොල්ලට පපුවක් තියනෝ.... 😑

ඒ පොඩ්ඩට අපේ අම්මා කාමරේ රෙද්ද අහක් කරං ඇතුලට එබුනෙ මොකක් හරි කියන්න.

" හ්හා... මේකද මේ...... මොකද මනමාලයෙක්වත් බලන්න යන්නද..." අපේ අම්මා කියද්දි මං " ඊයා මගුලක් කියන්නැතිව ඉන්න අනේ." කියලා කෑ ගැහුවා..

හිතුව තරං ගවුම් වැඩේ හරියන්නෑ වගේ... දෙතුන් පාරක් ගව්මෙ අගින් පහලට ඇද්ද මට බැරිම තැන ඒක ඉරලා දාන්න හිතුනා.

TOP (සිංහල GL) ✅Where stories live. Discover now