02.වතුර බෝතලය

934 169 7
                                    

ADIYA'S POV

.
.
.
.

" තරුශ්.. තනිකඩයි.
පියුම්... තනිකඩයි...
කාවින්දි..... ආ.. ඒකිට කොල්ලෙක් ඉන්නවා....
ගීත්මි..... තනිකඩයි.."

ලෙක් එකක් ඉවර වෙලා මං ඒම්ම ඩෙස් එකට ඔලුව ගහන් ඉද්දි වටේ උං කට්ටියගෙ වාර්තා හදනෝ... නම් ඇහිලා ඉවරයක් නැති නිසයි මං හිමින් නැගිට්ටෙ..

" ආ... කුමාරි හාමි..... ගුඩ් මෝනින්... " සංජු ලිය ලිය හිටිය එක නවත්තලා ඒම කියද්දි මං ලග තිබ්බ පර්ස් එකක් අරං ඌගෙ පැත්තට විසි කලා.

" යා.. බල්ලෝ මොනාද කරන්නෙ.. ඔය අර කෙල්ලගෙ....." එතන හිටිය කවීශ් ඒම කිය කිය බිම වැටුන පර්ස් එක අහුලන්න ගත්තා.

" මේ ඒක නෙවෙයි...  ආදි.... උබ සිංගල්ද ටේකන්ද.... " සංජු පැනත් කම්මුලේ තියං අහද්දි මං මැද ඇගිල්ල උස්සලා එයාට පිලිතුර දුන්නා.

නිදා ගත්ත පාර කෙල වලින් තෙත් වෙලා තිබ්බ පොතත් බෑග් එකට දිගෙන මං නැගිටලා යන්න ආවා.. ඩෙස් එකක් උඩ නැගගෙන හිටිය සහනුත් ඉක්මනට මගේ පැත්තට එනව එවෙලෙ තමා මං දැක්කෙ....

අපි දෙන්නා ඒලියට ඇවිත් වටපිට බැලුවෙ ලයිබ්රි එකටවත් යනවද කියල බලන්නයි. සහන් නම් මොකක්ද පේපරයක් දිහා බලං ඉන්නවා...

මං එතන පොඩි පාරෙන් දුවගෙන ගියේ කැන්ටින් එකකට.... පුදුම වතුර තිබහෙ හිටිය මම වතුර බෝතල් දෙකක් අරං ආයේ කලින් හිටිය තැනට එනකොට සහන් අතුරු දහන් වෙලා..

ෆොන් එක අතට ගන්න ගමන් මම ඉතින් හිමින් ඇවිදං ගියා.  සහන්ට ඩයල් කරනකොට මං හිටියේ බාස්කට්බෝල් කෝට් එක ගාව.. එතන ගෑනු ළමයි පිරිලා හිටීයා.. මාත් ඉතින් ෆෝන් එක කනේ තියංම ග්‍රවුන්ඩ් එක ඇතුලට ඇවිත් පහලම පඩියකින් ඉදගත්තෙ වටපිට බලන ගමන්. ඒ එක්කම සහන් ෆෝන් එක ඉස්සුවා.

" ඒ සහන්...... බාස්කට්බෝල් කෝට් එකට එනවා.. මං එතන ඉන්නෙ.." වෙන මුකුත් කියන්නැතිව ඒක කියලා ෆොන් එක පැත්තක තිබ්බ මම එතන ප්ලේ වෙන මැච් එක දිහා කට ඇරං බලාගෙන හිටියා.....

හිතුවා වගේම චමෝදි අක්කා බ්රේක් එක ඉවර වෙලා ආයේ ප්ලේ කරන්න එනව දැක්කම මගේ මුණ හද පෑව්වා වගේ උනා.  මට අමුතු හිනාවක් ආව වගේම ඉක්මනට වටපිට බලලා මං ඒක හංගගත්තා.

TOP (සිංහල GL) ✅Where stories live. Discover now