වස්සාන සුළඟපළමු සුළං රැල්ළ
උසස් පෙළ නිමාවි ඇති නිසා මා නිවසට වී සිටියේ බොහෝ කම්මැලිකමිනි.අම්මාගෙ පෙරැත්ත කිරීම නිසාම මම ලබන සතියේ ලොකු අම්මාගෙ ගෙදර ටික දවසකට යෑමට තීරණය කලෙමි.මා එසේ කොහෙවත් යෑමට අකමැති වුවත්,අත්තම්මාද මා සමඟ පැමිනෙන බව පැවසූ නිසා අකමැත්තෙන් වුවද කැමති වීමට සිදුවිය.කෙසේ හෝ මා සතියකට පමණ අවශ්‍ය ඇඳුම් බෑගයකට දමා ලෑස්ති උනෙමි.පහුවදා උදෑසන ත්‍රීරෝද රථය ගෙදර මිදුලට ඇවිත් තිබුණා.අත්තම්මාද මාද ගමන් බෑග එහි පිටුපසට දමා ගොස් වාඩිවීමු.අම්මාට සමුදුන් මා ගමන යෑමට පිටත්වීමි.උදෑසනම පිටත් වූ නිසා මහියංගනයට යනවිට උදෑසන 11 පමණ වී තිබුණි....
" අම්මෝ මෙයාගෙ ලොකු දැන් "
මාව දැකපු ලොකු අම්මා සිනාසෙමින් පැවසුවා...
" අම්මේ 😒 ඇයි ගිය අවුරුද්දෙත් දැක්කෙ.හරි පණ්ඩිතයි අම්මෙ මෙයා..."
" අනේ මේ කව්ද දන්නෑ පන්ඩිත "
" හා හා දුව, ආව විතරයි මල්ලි එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තද.."
" පුතා වොශ් එකක් දාගෙන එන්න.කෑම කනවද මොනා හරි බොනවද?"" ලොකු බඩගින්නක් නෑ ලොකු අම්මේ..."
" එහෙනම් බොන්න මොනා හරි ලෑස්ති කරන්නම්.ෆ්‍රෙශ් වෙලා එන්නකො.අයියගෙ රූම් එකෙන් ඔය බෑග්ස් ටික තියන්න.."
" හරි ලොකුඅම්මේ...."
" අම්මා,අම්මත් මූන ටිකක් සෝදගන්න.තෙහෙට්ටුයි වගේනම්"
" ඔව් ලොකු දුව.එනකන්ම ඉඳගෙනනෙ.එහෙමත් අමාරුයි...."
ත්‍රීවීල් එකේ අන්කල්ට දවල්ට කාල යන්න ඉන්න කිව්වත්,පෙට්‍රල් පෝලිමේ ඉන්න ඕනි කියලා ටී බීලා ගියා.මාත් වොශ් එකක් දාගෙන ටී එකක් බීලා එලියෙ තිබ්බ බෙන්ච් එක්කට වෙලා වාඩිවෙලා හෑන්ෆ්‍රී එකත් කනේ ගහගෙන සින්දු අහ අහ හිටියා...එක පාරටම ආපු අර වාතබෝට්ටුව මගෙ හෑන්ෆ්‍රී එක ගලවලා ඇදලා ගත්තා..
" මොකද්ද ඒ කලේ"
" අනේ මේ...දැන්වත් ටිකක් ඕක පැත්තකට දානවකො"
" ඔහේනම් බෝල්ට් නට් එකක් අනේ 😒"
" අනේ පලයං යන්න 😏"
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
Romanceකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀