වස්සාන සුළඟ
සිව්වන සුළං රැල්ළ...
සුදු අයියා ටිකක් දුර ගිහින්,බයික් එක නැවැත්තුවා ගෙයක් ඉස්සරහා.ටිකක් පරණ තාලෙට හදපු ගෙයක් වුනාට, යම් තරමකින් පිටත පෙනුම නවීකරණය කර තිබුණා..
"මේ කොහෙද සුදු අයියා.."
" යංකො "
" 😒 කියපන්කො මගුල "
" මගුලක් කරන්න තමා ආවෙ..."
" පිස්සෙක් මහා "
මම අයියගෙ පස්සෙන් ඒ ගේ පැත්තට ගියා.අපි යනකොට,මැදි වයසෙ ගැහැණු කෙනෙක් වැරැන්ඩාවෙ තිබු හාන්සි පුටුවක වාඩිවෙලා පොතක් බලමින් සිටියා...
" ආ, මේ පුතානෙ..එන්න පුතේ ඇතුලට.."
" කව්ද මේ පුතා ? "" ආ ඒ අපෙ පුන්චිගෙ පුතා ආන්ටි.එක්සෑම් ලියලා ගෙදර ඉන්න එකේ මෙහෙ ගෙන්න ගත්තා..."
" ආ ඒක හොඳයි..."
" කොහොමද පුතේ එක්සෑම්,"" ලොකු අමාරුවක් නෑ ආන්ටි.."
" එහෙනම් හොඳයිනෙ පුතේ..."
" පුතාලා එන්නකො ගෙට,අපෙ එක්කෙනා ලිඳට ගියා ඔන්න.නාගෙන එන්න කියලා.ගෙදරින් නාන්න බෑ කියලා ""අපි එහෙනම් ලිඳ ලඟට යන්නම් ආන්ටි "
" ආ අර එන්නෙ කියද්දිම "
මොකක් 😲😲 ඒ වෙලාවෙ ඒ දැකපු කෙනා දැකලා මගෙ ඇස් දෙකත් උඩ ගියා.ඒ වෙන කවුරුත් නෙවේ,මතීශ අයියා.ඒත් මේ ගොනා මොකද ඕක මට කලින් කිව්වනම් වෙන්නෙ.එහෙනම් මේ මතීශ අයියගෙ අම්මා වෙන්න ඇති...
ටවල් එකත් ඇඳගෙන ඔලුවත් අතින් පිහද පිහද එන මතීශ අයියා දැක්කම,මොකක්දෝ අමුතු හැඟීමක් හිතෙන් මතුවෙන්න ගත්තා.ඒ හැඟීමමයි මට එයාව දැකපු පලවෙනි දවසෙත් ඒ වගේම දැනුනා.මං දන්නවා මගෙ හිතේ එයා ගැන තියෙන හැඟීම.ඒත් එයාගෙ හිත අයිති වෙන කෙනෙක්ට.ඉතින් මට මොනවා හිතුනත්,ඒ දේවල් වලින් කිසිම වැඩක් වෙන්නෙ නෑ.හිතේ අමුතු දුකකුත් ගුලිවෙලා ඒ අතරේ ඉස්මතුවුණේ,ඇස් දෙක ඉබේටම බිම බැලෙන අතරෙදි....
" කරුවා..මොකෝ මේ වෙලාවෙ "
" නිකන් බං...ඇවිත් යන්න හිතුනා.."
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
Romanceකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀