වස්සාන සුළඟ
අවසන් සුළං රැල්ළවසරකට පසු....
"ඒයි නිශූ ඔහොම ඉන්නකො..."
" ඇයි අයියේ "
" මොකද අනේ හැමදාම ඔහොම මලානික වෙලා ඉන්නෙ.හිනා වෙන්නකො පොඩ්ඩක් "
" අනේ අයියේ.නොවෙන දේවල් ගැන කතා කරන්න එපා.මට මේ ඉන්න විදිහ හොඳයි.ඇයි දැන් ඉන්න කිව්වෙ.ඉක්මනට කියන්න.මට ලෙක් එකක් දැන් "
" ටිකක් කතා කරන්න කියලා ඉන්න කිව්වෙ.හරි ලෙක් එකක්නම් යන්න නිශූ "
" කියන්නකො ඉතින් විනාඩි 5ක් වගේ දුන්නැකි "
" ඇයි හැමදේම මැනලා කරන්නෙ.හරි හරි...හවස එන්න අපෙ ෆැකල්ටි එකේ කොන්සර්ට් එක බලන්න.මාත් සින්ග් කරනවා "
" බලන්නම් "
" අනේ එන්නකො.මං වෙනුවෙන්...ප්ලීස් "
" ඔයා දන්නවනෙ ශාක්‍ය අයියේ.මං ඕවට කැමති නෑ කියලා.අනික මට එහෙම සතුටු වෙන්න අයිතියක් නෑ."
"තවමත් අතීතෙ ඉන්නද හිතන් ඉන්නෙ "
" අතීතෙ නෙවෙයි මං ඉන්නෙ.මං වර්තමානයේ ඉන්නෙ.ඒත් අතීත මතක එක්ක.ඒවා මං අමතක කරන්නෙ නෑ..."
" මං ඔයාගෙ හොඳ යාලුවෙක් කියලවත් හිතෙනවනම් එන්න මල්ලි.මං බලන් ඉන්නවා එනකම්.මං යන්නම් එහෙනම් "
මියුරු ශාක්‍ය අධිකාරිනායක තෙවනි වසර ශාස්ත්‍ර පීඨයේ ශිෂ්‍යයෙක් වූ අතර,සංගීතය අතේ දරාගෙනම ඉපදුණු අයෙක්.ශාස්ත්‍ර පීඨයෙ පමණක් නොව,අනෙකුත් පීඨයන්ගේද වූ ගැහැණු ළමුන්ගෙන් ඔහුට තිබූ ප්‍රතිචාරනම් අඩුවක් වූයේ නැත.නිශේන්, මතීශ නැතිවූ දා සිට සතුටට පයින් ගසා හුදෙකලා ජීවිතයක් වැළඳගත් අතර ඔහුගේ හා ශාක්‍යගේ හමුවීමද අහම්බෙන් සිදු වූවකි.ශාක්‍ය නිශේන්ට දිනෙන් දිනම සමීප වූ අතර නිශේන්ගේ සෑම කාරණාවකදීම ඔහුගෙ හිත හැදීමට ඔහු අමතක කලේ නැත.නිශේන්ට ද ඔහු සෑම දෙයක්ම කිවහැකි යහළුවකු වූවද,පෙර මෙන් නොව ඔහු සෑම මොහොතක්ම අතේ දුරින් හිඳ ගතකරීමට පුරුදු වන්නට විය.තවම ඔහු මතීශගේ මතක තුළ ජීවත් වූ අතර,ජීවිතේ ඉදිරියටත් එසේ සිටීමට ඔහු දැනටමත් තීරණයකොට අවසන් ය...
![](https://img.wattpad.com/cover/310745734-288-k643444.jpg)
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
Storie d'amoreකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀