වස්සාන සුළඟ 24

750 49 22
                                        

වස්සාන සුළඟ
24වන සුළං රැල්ළ

දින සති ගෙවුණද අයියා ගැන හරි තොරතුරක් සුදු අයියාගෙන් විමසුවද ඔහු ඒ සෑම විටම " දැන් ටිකක් හොඳ අතට හැරෙනවාලු " යන්න පමණක්ම සෑම දිනකම පැවසීම මට මහත් ප්‍රෙහේලිකාවක් විය.සුදු අයියාද වෙනදා මෙන් මතීශ අයියා ගැන විමසන විට ඒ පිළිබඳව හරි පිළිතුරක් නොදීමද,ඇතැම් අවස්ථාවල ඒ ප්‍රශ්න ඔහු මගහැරීම සිදු කලා.අයියාගේ ෆෝන් එකට කෝල්ස් ගත්තද,එය වැඩ නොකරන නිසා අයියගේ අම්මගෙ නම්බර් එක මම සුදු අයියගෙන් ඉල්ලුවද එය දීමට නොහැකි බව පවසා කේන්තියෙන් මා හට බැන වැදෙන්නටද ඔහු පුරුදූ වී සිටියා.එය මා හට තවත් වේදනාවක් වු අතර ඒ සෑම අවස්ථාවකම මට මතීශ අයියා නොමැති අඩුපාඩුව තදින්ම දැනෙන්නට වුණා.මන්ද මා දුකින් සිටින සෑම මොහොතකම ඔහුගේ පපුවෙහි උණුහුම මා අසල නොවරදවාම තිබූ නිසාවෙනි.මාගේ ප්‍රශ්න කාටත් කලින් ඔහු තේරුම් ගත් අතර,ඒ සෑම දේකටම මා අසලින් සිට ඔහු මගේ හයිය වීම මගෙ ජීවිතේ මං ලබපු ලොකුම තෑග්ගක්.අද ඒ අඩුපාඩුව තදින්ම මා වෙලාගෙන සිටින අතර,හිතින් මේ හැමදේම ඔහුට කියන්නට වුණේ සීමාවකින් තොරව කඳුලු වලට ගලාගෙන යාමට දෙමින්...

"මගේ අයියේ,මට ඔයා නැතුව ගොඩක් පාළුයි.අනේ ඉක්මනට මගෙ ළඟට එන්න.ඔයාට මං නැතුව ඔහොම ඉන්න පුලුවන් ද..? ඔයාගේ චූටිට ඔයාව ගොඩක් මතක් වෙනවා.මගෙන් ඈතට යන්නෙපා...."

ඔහු හා මා සිටි සෑම පිංතූරයක් ම බලමින් මා සිනාසුනේ ඒ සෑම පිංතූරයකම සුන්දර මතක ගැබ්වී තිබූ නිසා.

"මට ඕනි මගෙ චූටිට කිසිම හිස්තැනක් නැතිවෙන්න ආදරේ දෙන්න.මං නැති දවසක වුණත් ඒ ආදරෙන් හිත පිරිලා තියෙන්න.මාවම මතක් වෙන විදිහට"

ඔයා කිව්ව දේ ඇත්ත අයියේ.ඔයාගෙ ආදරෙන් හිත පිරිලා මගෙ ගොඩක්.ඔයාවම මතක් වෙනවා මට හැම වෙලාවකම.ඉස්සර හැම හවසකම ලෙක්චර්ස් ඉවර වුණාම මාව ගන්න බයික් ඇවිත් බයික් එකට වෙලා එක ෆැකල්ටි එකට ඉස්සරා තියෙන කහ රොබරෝසියා ගහ යටට වෙලා බලන් ඉන්න විදිහ මට අදටත් මතක් වෙනවා.මං අදත් බලනවා ඔයා ඉන්නවද කියලා.ඔයාගෙ මතක මාව රිද්දනවා අයියේ.ප්ලීස් ඔයාගෙ චූටි ළඟට එන්න....

වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BLWhere stories live. Discover now