වස්සාන සුළඟ
" සුදූ මොකද කරන්නෙ.කෝ අයියා "
" ටී එකක් බිව්වා ලොකු අම්මෙ..දැන් මොනා හරි හදලා ගන්න ඕනි රෑට කන්න..අයියා නිදි"
" කරදර වෙන්නෙ කඩෙන් කෑවනම් ඉවරනෙ.එයාවත් ඇහැරවගෙන උදව් කරගන්න"
" ඕනි නෑ අනේ...උදේට කඩෙන් කන්නම්...නැගිටින්න කම්මැලියි උයන්න..."
" අනේ මූත්..."
" දැන් කොහෙද ඉන්නෙ ලොකු අම්මලා "
" අපි රුවන්වැලි සෑයෙ පුතා...හෙට උදේ පූජාවට ඕනි ටික ලෑස්ති කරගත්තා..."
" කාලා එහෙමද දැන් "
" ඔව් ඔව් අපි කෑවා.."
" හා ලොකු අම්මේ..ඒනම් මං තියන්නම්.පරිස්සමට වැඩ ටික කරගෙන එන්න "
" ඔය දෙන්නත් ඔහෙ පරිස්සමෙන්..."
අයියනම් තවම නිදි මං ඇහැරවන්න ගියෙත් නෑ.මතීශ අයියත් කිව්වා එයා නැගිටින වෙලාවක නැගිටියි කියලා..පාඩුවෙ ඔහොම ඉන්න දෙන්න කියලා...
" සුදු බෝලේ...මොනාද දැන් රෑට උයන්නෙ "
" චිකන් උයමු...තව පරිප්පු උයලා,කොච්චි සම්බෝල හදමු..හොඳයි නේ ?"
" අම්මො මෙනූ එක ඇහුවම දැන්ම බඩගින්නක් ආවා..."
" 😁😁 ඉක්මනට උයලා දෙන්නම්..අම්මට කියන්න එද්දි කෑම එකක් අරන් එන්නම් කියලා උයන්න එපා කියලා..."
" හරි මං කියන්නම් "
" අයියේ,මට චිකන් එක කපලා දෙනවද ?"
" හරි බබා,මං ඒක කපලා සෝදලා දෙන්නම්.ඔයා අනික් ඒව හදන්න එතකම් "
අයියා ඒක කරනකම් මං රයිස් කුකර් එකේ හාල් එක ගැහුවා.ඒක ඉදෙනකම් මං පරිප්පු එක හදන්න ගත්තා.පෑන් එක ලිපෙන් තියලා තෙල් පොඩ්ඩක් දාලා කරපිංචයි රම්පෙයි කුරුදු පොත්තකුයි උලු හාල් ඇට ටිකකුයි දාලා පොඩ්ඩක් ෆ්‍රයි වෙන්න තියලා සෝදගත්ත පරිප්පු එක දැම්මා.දාලා පොඩ්ඩක් ඒකත් ෆ්‍රයි වෙන්න දීලා කිරි එකතු කරලා, ඒකට මිරිස්,පහේ ටික දාලා තැම්බෙන්න තිබ්බා..අන්තිමට ලිපෙන් බාගන්න කලින්,ලුනු කුඩු දාගත්තා...( අම්මා කියනෝ මුලින් ලුණු දැම්මම අයඩීන් පිච්චෙනවා කියලා 😬 ඉතින් මාත් එයා කිව්ව වගේ ලිපෙන් බිම තියලා තමා හොදි වගේ ඒවට ලුණු දාන්නෙ )
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
Romanceකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀