වස්සාන සුළඟ
හයවන සුළං රැල්ළ
පහුවදා උදෙන්ම මමයි සුදු අයියයි දෙන්නා මතීශ අයියලාගෙ ගෙදර ගියා.යනකොටත් එයා ලෑස්ති වෙලා වැරැන්ඩාවෙ පුටුවකට වෙලා බලන් ඉන්නවා ෆෝන් එකත් අතේ තියාගෙන පාර දිහා බලාගෙන ඉන්නවා අපි එනකම්..
" ආ මනමාලයා, කවුරු එනකම් ද මග බලන් ඉන්නෙ "
" වෙන කවුද ඉතිම් මගෙ මනමාලි එනකම් තමා "
" දැන් ආවනෙ මනමාලි.කැන්දන් යන්න විතරයි තියෙන්නෙ.."
"මේ දැන් උඹ එන්නැද්ද..."
" අඩෝ මං එන එක අව්ල්නෙ..මං යනවා බයික් එක සර්විස් කරගන්න පොඩි බඩු වගයක් ගන්න.උඹලා ගිහින් වරෙන්.මං හවස් වෙද්දි නුවරට එන්නම්.එද්දි අපි තුන් දෙනාම එකට එමු "
" හරි එහෙනම් මායි මල්ලියි යන්නම්.උඹ පරිස්සමට පලයන් "
" හරි බන් උඹලත් පරිස්සමට "
ලොකූ ගියාට පස්සෙ අපි දෙන්නත් යන්න පිටත් වුණා.අයියා මගෙ උනාට පස්සෙ අපි දෙන්නා එකට යන පළවෙනි ගමන මේ.කලින් වගේ දුරස් බවක් තිබ්බෙ නැති නිසා මං අයියගෙ පිටට හේත්තු වෙලා පපුව මැදින් අත් දෙක දාලා අයියව තදින් බදා ගත්තා.එහෙම ඉද්දි අයියා මගෙ එක අතක් අරන් කිස් කරලා අයෙත් තිබුණ තැනින්ම තිබ්බා.සමහර වෙලාවට අයියත් පොඩි එකෙක් වගේ.මටත් වඩා එයා අහිංසකයි...
අපි 18 වංගු හරියේ නවත්තලා ෆොටෝ ටිකක් ගත්තා..ඒ ටිකේ පරිසරය හරිම ලස්සනයි.උඩ ඉදන් බලද්දි පහළ වාහන පෝලිමට පෙනුනා.අයියා මාව එක්කන් ඒ ටිකේ පොඩ්ඩක් ඇවිදලා කොන්ක්‍රීට් කනුවකින් වාඩිවෙලා මාවත් එයාගෙ ඔඩොක්කුවෙ වාඩිකරවගත්තා.එහෙම ටිකක් වෙලා ඉඳලා අපි දෙන්නා අයෙත් යන්න පිටත් උණා.9.30 වගේ වෙද්දි අපි නුවරට ආවා.ඇවිත් බයික් එකත් දාලා අපි මාලිගාවට යන්න මල් ගත්තා.නිල් මානෙල් මල් වට්ටියක් අරගෙන අපි දෙන්නා ඇතුළට ගියා.යන තැනම දෙන්න ඕනි විස්තර ටික දීලා අපි දෙන්නම මාළිගා භූමියට ඇතුල් වුණා.දෙපැත්තෙ බෞද්ද කොඩි අතුරලා,තිබූ කැට ගල් මාවතේ ඉදිරියට ගොස් අපි මාළිගාවට ඇතුල් වුණා.ඉහළ මහලයට යන විට උදෑසන තේවාව පටන් ගෙන තිබුණ නිසා කරඬුවත් බලන්න පුලුවන් වුනා අපිට.අපි දෙන්නා ගෙනපු මල් ටික මල් ආසනෙන් තියලා දළදා වහන්සේ වැඳ පුදා ගත්තා.
YOU ARE READING
වස්සාන සුළඟ 🌧️🌩️☔ ( Completed )✔️ Non F BL
Lãng mạnකිසිදා හිමි නොවුනත් නුඹ හා රැඳි මතක මං පෙත් ඔස්සේ නුඹවම සොයමින් ඇවිදින්නට තරම් නුඹ ලස්සන මිරිඟුවක් මා හට පමණක් උරුම නොවූ....🥀🥀