📖️ 5th Page 📖️

1K 236 146
                                    

My Lovely Fan 📖️

Ranking 1st ඇවිල්ලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Ranking 1st ඇවිල්ලා...ගොඩාක් සතුටුයි අනේ... ❤️❤️

💚 දඟකාර හිතපුරා... කට්ටිය දැන් ෆුල් හොල්මන් වෙලා ඉන්නේ...

යීබෝ ෆෝන් එක අතේ තියන් ඊලග චැප්ටර් එක ටයිප් කරමින් උන්නේ ගොඩාක් අය බෝනස් ඉල්ලපු නිසා.. අපරාදේ කියන්න බෑ යීබෝගේ පාඨක ජනතාවගෙ ඉවසීම නම් බිංදුවයි.. ඒ අස්සේ ශියාඕ කියලා කෙනෙක් දහ අට සන්නිය නටනවා ඉක්මනට චැපිය ඕනා ගගා.. හිකිස් එයාට ඉවසීම නම් බිංදුවයි කියන්නත් බෑ.. බිංදුවටත් වඩා අඩුයි.. ඍණ ගානක්...

යීබෝත් අඩ අඩ ඊලග චැපිය ටයිප් කරේ ඇත්තටම දුක හිතෙන කොටසක් මේ ටිකේ යන නිසා.. ඇත්තටම ලියන කෙනා තමයි කතාවක පළවෙනි රීඩර් වෙන්නේ.. ඉතින් කතාව ලියලා කියවද්දී එයා තමයි මුලින්ම අඩන්නේ හෝ හිනා වෙන්නේ... ඉතින් යීබෝත් එහෙමයි.. කොල්ලා අඩනවා ලිය ලිය කියවද්දී.. 

ලස්සනට හැඩ කරලා අඹරලා යීබෝ අඩ අඩ ලිව්ව කතාව තව චුට්ටෙන් පබ්ලිශ් කරන්න තියෙන්නේ..  ම්... යීබෝ සිවිලිම දිහා බලන් කල්පනාවට වැටුනා..

💚 ඇත්තටම මන් කැමති පිරිමි ළමයෙක්ට.. ඒක වැරදිද.. මන් ආසයි මට ආදරේ කරන කොල්ලෙට පණ වගේ ආදරේ කරලා බලා ගන්න... එයා නිකන් මගේ හැපී ටුවින්ස් එකේ ඉන්න zhen වගේ වෙන්න ඕනා.. හුරතල් , දඟකාර , පිස්සු , ඒ වගේම සංවේදී , ආ තව මට zhen yiට ආදරේ වගේ ආදරේ වෙන්න ඕනේ.. එතකොට මම I Bite You In My Eyes  එකේ yi වගේ එයාව මලක් වගේ බලාගන්නවා.. හැබැයි එයා චුට්ටක් නසරානි උනත් කමක් නෑ ඉතින්.. හැබැයි චුට්ටයී...
ඇත්තටම එහෙම කෙනෙක් ඉදීද.. එයා මට ආදරේ කරයිද.. මන් නම් නොදැකපු කොල්ලෙක්ට මේ වෙද්දිත් ආදරේ කරනවා...

 📖️ м у  ℓ σ ν є ℓ у  ƒ α η  📖️                             ✓Where stories live. Discover now