𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 06

1.1K 273 25
                                    

𝚎𝚕' 𝙳𝙸𝙰𝙱𝙻𝙾

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 06

' Don't play with him,
Cause he always cheats'

"යමු...."

චෙන් යී රියැදුරාට පැවසුවේ මිනිත්තු කිහිපයක් යීබෝගේ නිවස අසල බලා සිටය. යීබෝ නිවෙසින් පිටතට යනවාදැයි බලා සිටින්නට අයෙකුට පැවරූ චෙන් යී නැවතත් විශ්ව විද්‍යාලය දෙසට යන්නට පිටත් වූයේ සිතෙහි කොනක යීබෝ කෙරෙහි ඇතිව තිබුණු සැකය නිසාවෙනි. එහෙත් සියල්ල අවුල් ජාලයක් වී අවසන්ය. තම දෙනෙත් තදින් පියා ගත් ඔහු අසුනේ පිටුපසට බර වූයේය.

"චීෆ්... අපි ආවා..."

රියදුරාගේ හඬට නෙත් විවර කල චෙන් යී මෝටර් රථයෙන් බැස විශ්ව විද්‍යාලයට ඇතුළු වන විටම ඔහුගේ දුරකථනය නාද වන්නට විය.

"හෙලෝ... කියන්න මින්ග්...."

"චීෆ්... මම සීන්ගෙයි ප්‍රොෆෙසර්ගෙයි කෝල් රෙකෝඩ්ස් චෙක් කලා.. ඒවගේ කිසිම අමුත්තක් නෑ... ඒ වගේම සර් සැක කරපු විදියට සීන්ගෙ බෑන්ක් ඩීටෙල්ස් වලත් එහෙම වෙනසක් නෑ.. මිස්ටර් යීබෝගේ අකවුන්ට් එකකින් හැම මාසෙම සීන්ට ගාණක් වැටිලා තිබුණත් ඒක සාමාන්‍ය ඇසිස්ටන්ට් කෙනෙක්ට ලැබෙන සැලරි එකක්.... "

"හ්ම්ම්... ඒකත් එහෙමද... මොකටත් මට ඒක ටික මේල් කරන්න... මමත් ආයෙම චෙක් කරන්න ඕන... "

චෙන් යී දුරකථනය සාක්කුවට දමා ගෙන පුරාවිද්‍යා අධ්‍යයන අංශය වෙතට ඇවිද ගියේය. තැනින් තැන ඔහුගේ නිලධාරීන් සිසුන්ගෙන් ප්‍රශ්න කරනු දුටු ඔහු අසුනකින් වාඩි වී ඔහු වෙත ලැබුණු විද්‍යුත් තැපැල් පණිවිඩය කියවන්නට සැරසුනද එතැනට ආ නිලධාරියෙක් නිසා එය පසුවට කල් තැබූ ඔහු හිස ඔසවා බැලුවේය...

"චීෆ්... මේ සීන්ගෙ හොඳම යාළුවා යූ බින්.. එයාට සර්ට දෙයක් කියන්න තියෙනවා කිව්වා...."

"ඉතිං බින්... මම හිතන්නේ මම එහෙම කියනවට ඔයා අකමැති නැතුව ඇති... "

"ඒකට කමක් නෑ ඔෆිසර්... "

"මොකක්ද බින්ට කියන්න තියෙන්නේ...."

ᵉˡ' ᴅɪᴀʙʟᴏ  ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ʸⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜDonde viven las historias. Descúbrelo ahora