𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09

1.4K 277 71
                                    

𝚎𝚕' 𝙳𝙸𝙰𝙱𝙻𝙾

𝙲𝚑𝚊𝚙𝚝𝚎𝚛 09

' Trust me, He knew who he was dancing with the entire time'

මැදියම ගෙවී යමින් තිබිණි. නිහඬතාවය හාත්පස වෙලාගෙන තිබියදී යීබෝ තැනින් තැන මලානික එකියක් සහිත විදුලි බුබුළු වලින් ආලෝකමත් වූ කොරිඩෝව දෙස බැලුවේය. පෙනෙනා තෙක් මානයක ආරක්ෂකයන් නොමැති වුවද සිර මැදිරි තුළ සිටින ඇතැමුන් අවදියෙන් බව දකිද්දී ඔහු තම රත් පැහැ දීප්තිමත් දෙනෙතින් ඒ දෙස බැලුවේය.

"නේසස්....."

සුළං කවුළුවක් හෝ නොවූ සිර මැදිරි අතරින් සුළඟක් හමා යද්දී ලීසා හැරෙන්නට එහි වූ අන් සියල්ලන්ම නින්දට ඇද වැටෙන්නේ විය. යීබෝ අඩිය තබනා වාරයක් පාසා එහි වූ විදුලි පහන් නිවි නිවී දැල්වෙද්දී යීබෝ ලීසාගේ සිර මැදිරිය ඉදිරියේ සිට ගත්තේය. කවරෙකුගේ හෝ සහයකින් තොරව එහි දොර විවර වෙද්දී ඒ තුළට ඇතුළු වූ යීබෝ දුටු ලීසා ඔහුව තදින් වැළඳගත්තාය.

"මම දැනගෙන හිටියා ඔයා එනවා කියලා....."

ඔහුගේ පපුව මතින් හාදු තවරමින් ලීසා පවසන්නට වූවාය. විනාඩි කිහිපයක් එලෙස සිටි ඈ ඔහුව සිර කුටියේ වූ කුඩා යහන මතින් වාඩි කරවූවාය..

"මම එයාව මැරෙව්වා යීබෝ... දැන් සීන් නෑ.. අපි දෙන්නා විතරයි ඉන්නෙ... "

ඔහුගේ දිලිසෙන දෑස් දෙස බලමින් ඇය කියන්නට වූවාය. තම සිරුර ආශාවන්ගෙන් පිරී යනු ඇයට දැනෙන්නට විය. ඔහුගේ රුව සැබවින්ම හැඟුමන් උද්දීපනය කරවන්නක් වෙද්දී ඇය ඔහුගේ උකුල මතින් හිඳ ගෙන ඇගේ දෑත් ඔහුගේ සිරුර මත ගෙන යන්නට වූවාය..

යීබෝ නිහඬවම තමාගේ පහස යදින ලීසා දෙස බලා සිටියේය. ඈ සීන්ගේ ඝාතකයා වූවාය. එහෙත් ඇයව එයට පෙළඹවූයේ තමාය. ඈ තුළ යීබෝ කෙරෙහි වූයේ උමතුවකි. එයින් ප්‍රයෝජන ගත් ඔහු ලීසා සීන්ගේ පෙම්වතිය බවට පත් කලේ දිනෙක ඔහුගේ මරණය ඈ නිසාවෙන් සිදු කළ හැකි නිසාවෙනි. එහෙත් දැන් ඔහුට අවැසි සියල්ල සිදු වී අවසන්ය. ඉතිං ඇගෙන් තවත් පලක් නොවෙද්දී තම සිරුර මත සිටි ලීසා පසෙකට කල ඔහු නැගී සිටියේය.

ᵉˡ' ᴅɪᴀʙʟᴏ  ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ʸⁱᶻʰᵃⁿ ᶠᵃⁿᶠⁱᶜحيث تعيش القصص. اكتشف الآن