chapter 2 🏷️

92 24 20
                                    


"මන් කැමතියි ඔයා මේ විදිහට ඉන්නවට..."

ජන්ග්මිගේ නිරුවත් ගෙල පුරා හිතේ හැටියට සිප ගත් ජින් අවසානෙදි එයාගෙ කටහඬ අවදි කලේ ඒ ගෙල පාමුලම හිස තියාගෙන..

තමන්ගෙ හිත ඇතුලෙ තිබුණු දේවල් ජන්ග්මිට කිම හැර ජන්ග්මිගේ ප්‍රශ්න වලට උත්තර සැපයිමට ජින් මේ මොහොතේ එක දශමයක තරම්වත් සැලකිල්ලක් නොදැක්වීම ජින්ගෙ ඒ සියුමැලි ආදරවන්තියගෙ මුහුණ දුකින් පුරවන්න ඒ වෙලාවෙදි සමත් වෙලා තිබුණා.. ඒත් ඇයට පිටුපා ඒ ගෙල පාමුලේ හිස තියාගෙන හිටි ජින්ට  ජන්ග්මිගේ හැඟීම් වෙනස් වුණු මුහුණ නම් දැක ගන්න ලැබුණේ නෑ..  ඒ වෙනුවට ජින්ගෙ ඇස් වලට දකින්න ලැබුණේ ඔහුගේම ලාබාල පෙම්වතියගේ සරාගී මත් කරනා තරම් සුන්දර අඩ නිරුවත් වූ රූපයයි.. 

දෑස් පියා ගත් ජින් උත්සාහ කලේ ජන්ග්මිගේ නිරුවත් කලව වලින් යන්තම් හරි අඩකට විතරක් දික් උණු ජින්ගේ ඒ දුහුල් ශර්ට් එක ඇතුලින් විනිවිද පෙනුණු ජන්ග්මිගේ නිරුවත්  සිරුරේ සියුම් රේඛා තවත් එක් වරක් හෝ මනසින් දකින්නටයි... ඒ රූපය ආශාවෙන් තමන්ගෙ මතකයට ඇතුල් කර එහි තැන්පත් කර ගන්න ජින් තවත් වාරයක් උත්සාහ කරමින් හිටියා..

පියවුණු දෑස් එක්කම තම උරහිසට වාරු දී ඉන්නා කඩවසම් තරුණයා දිහා ජන්ග්මි යන්තමින් හිස හරවා බැලුවා... හෙමින් ඇද වැටෙන පුංචි හිම පියල්ලකටත් හොරා සියුම් සුසුමක් යන්තමින් ගලා ගිය මඳ සුළඟේ පා කරලා ඇරිය ජන්ග්මි එයගෙ හිත ටිකක් සැහැල්ලු කර ගත්තා.. තමන්ගෙ දුකින් පිරුණු ඒ හිත තත්පරයෙන් නැති කරන ජින්ගේ ඒ රූපය ජන්ග්මිගේ ජීවිතයට හැමදාමත් සහනයක් එක් කලා.. ජින්ගෙ ඒ කඩවසම් මුහුණ ජන්ග්මිට හොද වේදනා නාශකයක්.. ඒ නිසාම වෙන්න ඇති ටිකකට කලින් තිබුණු දුක්බර පෙනුම වෙනුවට ජන්ග්මිගේ මුහුණෙ හරි ලස්සන සියුම් සිනහවක් ඇදුනේ..

ජන්ග්මි ඒ හිනාවෙන්ම ජින්ගෙ පියවුණු ඇස් දිහා තවත් ටික වෙලාවක් බලන් හිටියා.. තමාගේ වගේම ජින්ගෙත් ඒ පියවුණු ඇස් අතරින් සියුම් මදහසක් ඒ මුහුණෙත් ඇදෙන හැටි ජන්ග්මි හොරැහින් වගේ දැක්කා..

ඒත්..

ඒ මදහස තමාවම හිතින් නිරුවත් කරනා තම පෙම්වතා උණු ජින් ඒ නිරුවත් රූපයට ඇති ආශාව නිසාම පා කළ සිනහවක් බව ජන්ග්මි නම් හීනෙකින්වත් නොහිතන්න ඇති..

🚫.. අසීමාන්තික.. 🚫 || Slow Updates Where stories live. Discover now