විපල්ව ජරමරය

97 17 13
                                    

ඒ දවස්වල මන් ඉඳියේ මොනවා කරන්නද කියලා නොතේරෙන ගන්දබ්බ කාලෙක..ඒ ලෙවල් ඉවර වෙලා .දවල් දහයට විතර නැගිටලා නමෝ විත්තියෙන් ෆෝන් එකෙන් වැඩ අරඹලා දවල්ට කන වෙලාවට කුස්සියට ප්‍රාතිදූර්ත වෙන මට තාත්තාගෙන් හම්බෙන්නේ බල්ලෙක්ට අහන්න බැරි කුණු බැනුම්..

"තෝ කකා බිබී ඉඳපන්.අපි නම් ඒ කාලේ කොච්චරක් කියලා වැඩ කලාද?මේ වෙලාව වෙද්දි රබර් කිරි ටිකත් කපාගෙන කුඹුරත් ගිහින් ඉවරයි..තෝ තව අතට පයට කකා ඌරෙක් වගේ දැපලා ඉඳපන් ඇඳට වෙලා"

ඕක තමා හැමදාම ප්ලේ වන තැටිය
ඒ දවස් වල හැමෝම ඉඳියෙ අරගලය එක්ක කාර්‍යබහුල වෙලා.මටත් ඕනෙ වුණා එකටම බැහැලා ගැම්මට විප්ලව කරන්න..යාලුවොන්ගෙ ස්ටේටස් වල අරගල පාඨ පිරිලා..ස්ටෝරි දෝරෙ ගලනවා...
උන්ට පේන්න බයියෙක් වෙන්න බැරි නිසා මාත් බැස්සා ටවුමේ උද්ඝෝශනයට..නිකන් නෙවේ මගෙම කවි පන්තියකුත් අතින් ලියපු බැනර් එකකුත් අරන්.කලුත් ඇඳගෙන තාලෙට සටන් පාඨ කිය කිය යාලුවො කට්ටිය එක්ක ගැම්මට යද්දි තමා හන්දියෙදි පන්දම් එළියෙන් තාත්තාගෙ මූණ දැක්කේ..මට මතක නිකන් කණ පැත්තට පිච්චෙන රස්නයක් දැනෙනවා විතරයි..ඒ ක්ශණයෙන්ම නිකන් ඇදුම් කනවා වගෙ දැණුනෙ ඇයි කියලා මට තේරුණෙ ඊළඟ දවසෙ උදේ කණ්ණාඩියෙන්..

"ගෙදරින් කකා පිනට ඉගෙන ගෙන මේ දැනුත් රටට බරක් වෙලා ඉඳන් කම්මැලිකමට හැමදේම අතට පාත් වෙනකන් බලාගෙන ඉන්න උබලා වගේ තරුණ වුන් තමා දේශපාලකයොන්ටත් වඩා මේ රටට හෙනේට හිටියෙ"

ඔන්න ඔහොම මගෙ විප්ලව ගමන,ගෙදරින් හාල් පොතට කෙළවීමේ අවදානම හින්දා යාලුවොන්ට බයියෙක් වීමෙන් අවසන් වුණා.
වුණු ලැජ්ජාව වෙනුවෙන් දවස් දෙකක ආහර වර්ජනයක් දියත් කරපු මට ගෙදර අධිකාරියෙන් නම් කිසිම අයිතිවාසිකමක් දිනාගන්න ලැබුණෙ නෑ..

"පොතක් පතක් කියවපන්...ඒ පොත් එක්ක ජීවත් වෙයන්..ඒ වල තියෙන දර්ශණය,ආදරය,මානව දයාව තේරුම් ගනින්..
සමාජයට පලයන්..මිනිස්සු ආශ්‍රය කරපන්..ආශ්‍රය කරලා හරි වැරැද්ද තෝරගන්න ඉගෙන ගනින්..
කාගෙවත් දේශපාලනික අරමුණු වලට අතකොලුවක් නොවි මේ රටේ ගත්තු පිරිසිදු හුස්ම ටිකට පවා ණයක් වෙන්නෙ නැති මිනිහෙක් වෙයන්..
මොන ජාතියේ හතුරෙකුට උනත් සමාව දෙන උතුම් මිනිහෙයක් වෙයන්..
වෙනස් විදියට හිතන රටට සල්ලි හොයලා දෙන අනුන් කොහේ ගියත් තමන්ගේ යුතුකම් වගකීම් කිසිම ප්‍රශ්න නැගීමකින් තොරව ඉශ්ඨ කරන මිනිහෙයක් වෙයන්..
අන්න ඒකයි මන් රට වෙනුවෙන් උබ තුළ දකින විප්ලවය.."

හවස් වරුවේ මගෙ කාමරේට යාබද ඉස්තොප්පු කෑල්ලෙ ඉඳන් තාත්තා කාත් එක්කද මන්දා කරපු කතාවක් මට ඇහුණේ අම්මා කොයි වෙලාවේ හරි කන්න එන්න කියලා ඇවිටිලි කරයි කියලා මන් ප්‍රාර්ථනා කර කර ඉද්දි..

බඩගින්න ඉවසන්න බැරිම කොට ඊළඟ දවසේ උපවාසේ අතැරලා මන් කුස්සියට ආවේ උදේ කෑම කන්න කියලා හිතාගෙන..

"ආයේ මුරණ්ඩුකම් කරන්න එපා ලොකූ..තාත්තාත් ඔයාට කෑගහලා ඉන්නේ සැනසීමෙන් නෙවේ..මට බයේ බෑ..ඊයේ හවසත් මන් බලාගෙන ඉස්තෝප්පුවට වෙලා තනියම හයියෙන් මොනවද කියෝනවා.."

අම්මා කිව්වේ මගේ ඔලුව අතගාලා මාව ඉඹින ගමන්..

කුරුටු පොතේ පිටුWhere stories live. Discover now