ඇඹරැල්ලා ජරමරය

33 4 0
                                    

ආදරේ කරන්න පටන් ගන්නකොටම අපේ භාශාවෙන් කිව්වොත් ට්‍රයි කරන කාලේ තමා මන් කියන්නේ අපි ජීවිතේ සුන්දරම මෝඩකම් ටික කරන්නේ..ඒ කාලෙට දාන කැටයම් ටික මන් කියන්නේ පොළොන්නරු අනුරාධපුර යුග වල ගල්වඩුවොවත් ගල්වලට දාන්නේ නැතුව ඇති..
ඒ මං එයත් එක්ක පලවෙනියටම එක බත් එකක් බෙදාගෙන එකට අනාගෙන කාපු දවස..දවල් දොලහ කියන්නේ කැම්පස් එකේ කැන්ටිමේ කලබලම වෙලාව..දොලහට ලෙක්චර්ස් ඉවර වෙච්ච හැමෝම එකට ආයේ ලෙක්චර්ස් පටන් ගන්න ඉස්සර යන්‍තන් මොනව හරි බඩට දාගන්න එන වෙලාව...ජුන්නො ලයින් කරන සින්නොත් සින්නො ලයින් කරන ජුන්නොත් එන වෙලාව..කොන්ක්‍රීට් බන්කුවක් කෙලින් හරවල හදාගත්ත විකට් එකෙන් ඊයෙ නතර කරපු වන් බවුන්ස් මැච් එක ගහන්න මැද මිදුලට කොල්ලො කෙල්ලෙ එන වෙලාව..සිරා කොකු,බත් කොකු,නෝට් කොකු,හොර කොකු,ඇතුලෙ කොකු එකි මෙකී ඔක්කොම කොකු දිග ඇරෙන ඇඹරෙන වෙලාව..
ඉතින් ඔය කලබල අතරෙ පාඩුවෙ පැත්තකට වෙලා බත් එක දඩිබිඩියෙ කන අපිව හරියට බැලුවොත් මිසක පේන්නේවත් නැතුව ඇති..
එයා බත් එක දිග ඇරියා..

හොඳ වෙලාවට ඔයා ඉඳියෙ...

ඇයි ඒ?මන් හිතුවේ වෙන දෙයක්..

නෑ ඔයා කතානොකලනම් මන් නොකාම කැල්කියුලස් එකට යන්න ඉඳියෙ..මේව කන්න බෑ අප්පා..

එහෙම එපා..කන්න බෑ කියල නොකා ඉඳියොත් ගෑස් එයි..ඊළඟට මාර දුකක් විඳින්න වෙන්නේ..දන්නවනේ..
ගෑස් එක උගුරට එද්දිත් උදේටයි දවල්ටයි රෑටයි එක වේලක් කන මම දුන්නා දාර ටෝක් එකක්..

අපොයි අදත් පරිප්පුවට ලුණු නෑ..ඇයි මෙහෙම අප්පා..ලුණු පොඩ්ඩක් දැම්මම හෙණ ගහනවද?

ආ මේ සෝයා මීට් එකත් එක්ක අනාගෙන කන්න..ඒකේ ලුණුවැඩි..දෙක එතකොට ගානට..
මන් සෝයාමීට් තලියම එයාගෙ පැත්තට තල්ලු කලා..

ඔයා කෝමද අනේ ඔහොම හැමදේම ආතල් එකෙන් බාරගන්නේ?
මම ඉතින් ඔලුව ගස්සල මට දෙන්න පුලුවන් උපරිම ලස්සන හිනාවෙන් එයා දිහා බලල හිනා උනා..
පරිප්පුයි,සොයාමීටුයි,කේඬෑරි සාලයෙකුයි ඇබරැල්ලයි ඒ තමා බත් එකේ තිබ්බ හොඳි..එයාගෙ භාශාවෙන් කියනවනම් මාලු ටික..
ඕනදෙයක් ගැන මට සාමාන්‍යයෙන් පෙර නිරීක්ශනයක් තියෙනවා..ඉතින් මන් ලයින් කරන කෙනා ගැන 200% ක නිරීක්ශනයක් තියෙනව..එයා පිලිවෙල,පිරිසිදු කම සෑහෙන බලන කෙනෙක්.හැම තැනින්ම කෑම කන්න බැරි,චුට්ට ඇත්තන් අප්පිරිය වෙන ජාතියෙ කෙනෙක්..ඒක ලෙඩක්ද කියල හිතෙන තරමට සමහර වෙලාවට මට පුදුම හිතෙනවා..
ආඩම්බරයි කියන්න මන්නම් එහෙම නෑ..තිබහ උනොත් බේරේ වැවේ වතුර උනත් බීලා උනත් මට ජීවත් වෙතෑකි..

ඔයා කනවද මේ ඇඹරැල්ලා??මම නම් ආසම නෑ..

ආ දෙන්න මම කනවා.
ඇඹුල එක්ක පැණිරස දෙකම තියෙන ඇඹරැල්ලා කවදත් මගෙ කෑම ලැයිස්තුවේ උඩින්ම තිබ්බ කෑමක්.
කෑම පිඟානෙන් ඔක්කොම ඇඹරැල්ලා ටික මගෙ පැත්තට තල්ලු කරපු එයා මගෙ අතට නොඉඳුල් අතින් සිහින් තට්ටුවක් දැම්මා..

ඉක්මන් කරන්න..දොලහයි හතලිස් පහයි.ඉක්මනට යන්..නැත්‍තන් ඉස්සරහම පෝලිමක තමා වාඩිවෙන්න වෙන්නෙ..

එයා දැනටමත් බත් එක කන්න පටන් අරන්..
ඇඹරැල්ලා උයන්නේ ඒකේ ඇටත් එක්කම..සාමාන්‍යෙන් හොඳට හපල හප කරල ඒක පිඟාන පැත්තකින් තියෙන එක තමා ඒක කන සාමන්‍ය විදිය..මොකද ඇඹරැල්ලා වල රස ඉතිරෙනම කොටස තියෙන්නෙ ඒකේ නිසා..පහේ එක්ක හොඳින් ගැලතිලා ඉතිරිවුනු ඒ ඇටකොටස් විකලා කන්න බැරි උනාට ඇඹරැල්ලා කන කවුරු උනත් සූප්පු කිරිමකින් තොරව අතාරිනවනම් ඒක දාන්න ඕනෙ ජාතික අපරාද ගනයට කියලයි මගෙ අදහස..
සුපුරුදු විදියට ඇඹරැල්ලා ඇට දෙකක් එක්කම බත් කටක් අනාගත්ත මම කටට දාගත්තේ වටපිට නොබලම..

ඊයා අර බලන්නකො..
ටික වෙලාවකට පස්සේ එයා මට වැලිමිටි ප්‍රාහාරයකින් පෙන්නුවෙ අපිට ටිකක් එහාට වෙන්න හිටිය වරමා වයි උගෙ කොක්කවයි.
ඇයි?
මන් ඉඟිකලේ ඇස්දෙකෙන්.
උන් දෙන්නත් අපි වගේම ඊලඟ ලෙක්චර් එකට යන්න බලාගෙන හැටට හැටේ බත් එක ගිලිනව.ඒ අස්සෙනුත් උන් දෙන්නා එකිනෙකාට ඉඟි කරගන්නවා..මට දැණුනේ මහා කෝල හැඟීමක්..අපි දෙන්නවත් ඈතට පේන්නේ එහෙමද දන්නේ නෑ..

ඇයි ඉතින්?උන් දෙන්නා යාලුයි නෙ.කොච්චර කල්ද?

ඒක නෙමේ අනේ..වරමා දිහා බලන්නකො..ඇඹරැල්ලා ඇට කාලා සූප්පු කර කර ආයෙ පිඟානටම දානව..නෙරීඩාටත් අප්පිරිය නැද්ද මන්දා..
මටනම් දැක්කම වරමාවත් එක්කම එපා වෙලා යනවා.
එයා මූණ ඇදකලේ උදෙන්ම ගමනක් යන්න ලෑස්ති වෙලා ජරාවක් පෑගුණ ගානටයි.

මල කෙලියයි..මන් සූප්පු කරල පිඟානට දැම්ම ඇඹරැල්ලා ඇට ටික මට විරිත්ත විරිත්ත ඉන්න හැටි දැක්කම මගෙ අනාගත පෙම් සිහින මාලිගා ඔක්කොම සුනුවිසිණු වෙලා යනව වගෙයි මට දැණුනේ.මොනා කරන්නද සත්‍ය ප්‍රේමයේ නාමයෙන් ඒ ටික ඔක්කොම ආයෙම කටට දාලා ගිලිනවා මිසක වෙන විකල්පයක් මට ඉතිරි වෙලා තිබ්බේ නෑ..
අන්තිමේ විනාඩි භාගෙට විතර පස්සෙ මුලු කැන්ටිමේ හිටපු හැම එකාම වගෙ මගෙ පිටට තඩිබාන්නයි වතුර පොවන්නයි පටන් ගත්තෙ ඒ ටික ගලනාලෙ මඟක හිරවෙලා මට හැදිච්ච නවත්ත ගන්න බැරි දරුණු වලිප්පු කැස්සට පින්සිද්ද වෙන්න..
චැහ්..ජරා කැස්ස..
ඒ හදිස්සියේ මම බය වෙලා ඉඳියෙ මේක හිර වෙලා මැරුණනම් මගෙ මරණ පරීක්ශන වාර්තාවේ ඇඹරැල්ලා ඇට පිටින් ගිලීම කියලා වැටෙනවා නේද කියලා මතක් වෙලා.

You've reached the end of published parts.

⏰ Last updated: May 30 ⏰

Add this story to your Library to get notified about new parts!

කුරුටු පොතේ පිටුWhere stories live. Discover now