ළූණු ජරමරය

61 10 6
                                    

එතකොට ඒ ලෙවල්වලට තව ඉතුරු වෙලා මාස දෙකක් විතර..මට ගෙදරින් ටිවී එක බලන එක තහනම් වෙලයි තිබ්බේ..ඒ හින්දම අපේ ගෙදර අනික් අයත් ටිවි එකේ බැලුවේ හයයි පනස් පහට නිව්ස් විතරයි..එදා ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා ටී ටුවෙන්ටි සීරීස් එහෙක අන්තිම දවස..දෙගොල්ලොම එක මැච් එක ගාණේ දිනලා තිබ්බ හින්දා ඒක පට්ට තීරණාත්මක තරඟයක්..කව්රු කොහොම කිව්වත් ඒ වගේ දවසක මට පුටුවකට වාඩිවෙලා පොත් පාඩම් කරන්න හරි අමාරුයි..
ෆිල්ම් බලන්න ඕනේ නෑ..
ටිවි සීරිස් බලන්න ඕනේ නෑ..
ෆෝන් එක බලන්න ඕනේ නෑ..
ගේම් ගහන්න ඕනේ නෑ..
හැබැයි ක්‍රිකට් මැච් එකක් තිබ්බොත් මට ඉන්න බෑ..
නොබලා ඉද්දි දත් කොකියනවා වගේ..ලේ රත් වෙනවා වගේ..පශ්චාත්භාගෙ කඩි කනවා වගේ..
මැච් එකක් දවසට අපේ අම්මා මුරට ඉන්නවනම් පොත දිහා බලාගෙන තරඟෙට මගේ විශ්ලේශණ හා සම්භාවිතා යොදන එක තමා මන් වැඩියෙන් කළේ.එහෙම නැත්තන් කළේ හෑන්ඩ් ෆ්‍රී එක කණේ ගහගෙන රේඩියෝ එකෙන් සිංහලෙන් මැච් කමෙන්ට්‍රිය අහපු එක.
ඉතින් වැඩක් කරන්න බැයිනම් එහෙමකරන එක වැරදිද? මන් අහන්නේ තාමත් මන් වැරදිද කියලා..
ඔය කියන දවසේ මන් කර කර ඉඳියේ ඔතනින් දෙවනි වැඩේ.තරඟේ තිබ්බේ තීරණාත්මකව දෙපෑත්තටම දෝලනය වෙන තැනක..බෝලෙන් බෝලේ උද්‍යෝගය වැඩි වුණා.බැට් කර කර ඉඳියේ දකුණු අප්‍රිකාවේ කාගිසෝ රබාඩයි,හශීම් අම්ලායි..දෙන්නම ප්‍රාහාරාත්මක තුන් ඉරියව් ක්‍රීඩකයෝ..ටාගට් එකට ඕවර් තුනට තව ලකුණු තිස් හයක් උවමනා වෙලා තිබ්බා..මගේ බොක්ක ගැහෙනවා මටම ඇහුණේ සද්දෙන්..

පුතා..

එකපාරට අම්මා කාමරේට එබුණා.මාව ගැස්සුණේ හරියට හීනෙන් ටොයිලට් වලකට වැටෙනවා දැක්කා වගේ..
මන් ඉවරයි..

අම්මා ළඟට එනවා..ඔව් එනවා..

පන්දුව පිත්තේ වැදී මිඩ් විකට් කලාපයෙන් අලංකාර ස්විපර් ඩ්‍රයිව් පහරක් මොයින් අලීගෙන් යොමු වෙනවා..
ඔව් මිඩ් විකට් හි පන්දු රකින්නා වේගයෙන් දුව යනවා...දුවයනවා...නමුත් නොහැකි වෙනවා..තවත් ලකුණු හතරක් දකුණු අප්‍රිකා පිලට..
දැන් ඔවුන්ට අවශ්‍ය බෝල දාහතට ලකුණු තිස් දෙකයි..
කන් දෙකෙන් ඒ අස්සේ කමෙන්ට්‍රිය කරන අංකල් බෙරිහන් දෙනවා..
දැන්නම් මගේ බොක්ක විතරක් නෙමේ මුළු සර්වාංගයම බයට ගැහෙනවා...

පුතා..අපි හන්දියට යනවා..තව බඩු වගයක් තියේ ගේන්න..අඩු ගාණට පාරේ අයිනේ විකුණන්න දාලා තිබ්බ තැනකින් තාත්තා රට ළූණු කිලෝ දෙකක් ගත්තා..පොඩ්ඩක් විතර සවුත්තු වෙන්න ඇවිල්ලා ඒවා..ඔයාට පුලුවන්ද ඒ ටික ඇරලා දාන්න..??
අම්මා කිව්වේ පාඩම් මේසෙට එහායින් තිබ්බ රැක් එකට මගේ ටවල් එක දාන ගමන්..

මන් ඔලුව වනාගෙන වනාගෙන ගියේ කෝට්ටට ගහපු ලබ්බ හුළඟට හෙලවනවා වගේ..මගේ හිත සතුටින් පිම්බුණා..
අම්මාම මට කරන්න වැඩක් පවරලා ඒක කරන ගමන් ටීවී බලන්න පුලුවන් හින්දා ටිවී නොබලන වාරණ නියෝගය ඉහලම අධිකරණයෙන් නඩු කාරයම නිශ්ප්‍රභා කළා වගේ මට දැණුනේ..
අම්මලා පිටත් වෙන සද්දේ ඇහිච්ව් ක්ශණයෙම මන් ගියේ භාජනයෙකුයි,පිහියකුයි අරන් ළූණු මල්ල ගාවට..ඒකත් අරන් ටිවී එකේ මැච් එකත් දාගෙන මන් ළූණු සුද්ද කරන්න පටන් ගත්තා..
විනාඩි දහයකට විතර පස්සේ අපි බෝලයක් ඉතුරු වෙලා තීද්දි කඩුළු දෙකකින් මැච් එක පැරදුණා .
හැබැයි මුළු මල්ලෙම පොතු ගලෝලා ඉවර කරපු අලුත් පාටට දිස්නෙට පේන ළූණු ගෙඩි ටික අපූරුවට භාජනයට එකතු වෙලා තිබ්බා..
අම්මලා ආපිට එද්දි දිස්නේ දෙන ලා දම් රෝස පාට ලොකුළූණු බෝල් එක තිබ්බේ සාලේ මේසේ උඩ..ඒ මගේ වැඩේ ගෑන අම්මගෙන් ඇගයීම් වාර්තාවක් ගන්න හිතේ කොණක තිබ්බ ආසාවට..

මන් උබට ළූණු මල්ල ඇරලා දාන්න කියලා අදහස් කලේ ළූණු ටික අර රැක් එකේ විසුරවන්න කියන එක.ඒ මොකද තැම්බිලා නරක් වෙන එක නතර කරන්න..
මෙහෙම පොතු ඇරියම ළූණු ටික ඔක්කොටමට ඉස්සෙල්ලා නරක්වෙනවා..
අනේ මන්දා..කලොත් කරන්නෙම මොඩ වැඩක්..
දැන් මොකද කරන්නේ අපි?අපරාදේ මේ ටික..
අම්මා කෑ ගැහුවේ විස්සෝපෙන්..

එක වැඩේ දෙක තුන හතර වුණා..මලා ජෝන්..කෙලියා කිව්වලු..මන් මැච් එකේ සිහියෙන් පණිවිඩේ බාගෙට අහගත්ත එකේ විපාක..

මොනා කරන්න්ද??ෆ්‍රිජ් එකේවත් දාලා පුලුවන් තරම් කල් තියා ගන්න බලමු..
ඒ තාත්තා..

ඊට පස්සේ සතිය පුරාවටම අපේ ගෙදර කෑමට තිබ්බේ
බතුයි සීනි සම්බෝලයි
සීනි සම්බෝලයි බතුයි..
සීනි සම්බෝලයි පානුයි
පානුයි සීනි සම්බෝලයි
ආයේ
තක්කලි ළූණු සම්බෝලෙයි බතුයි
කරවිල ළූණු සම්බෝලෙයි බතුයි
පිප්ඤ්ඤා ළුණු සම්බෝලෙයි බතුයි
බත් එක්ක
අල වලට ළූණු දාලා
කොළ වලට ළූණු දාලා
පරිප්පු වලට ළූණු දාලා
ආයේ හාල්මැස්සො වලට ළූණු දාලා
කරවල වලට ළූණු දාලා
ඇත්තටම මන් බය වෙලා ඉඳියේ ෆෘට් සැලඩ් එකක්වත් හදයි කියලා..ඒ ම උනානම් ඒකෙත් ළූණු තියෙන්න තිබ්බා..

කුරුටු පොතේ පිටුWhere stories live. Discover now