කිසිම අරමුණක් නැතුව යූටියුබ් එකේ එකසිය එක්වෙනි පාරටත් පරණ ක්‍රිකට් මැච් එහෙක හයිලයිට්ස් බල බලා ඉඳපු මට එක පාරටම සජෙස්ට් උනේ ගෙවතු වගාව ගැන ඇන්ටි කෙනෙක් කරන වොලොග් එකක්..මාසේ මුල දාපු අන්ලිමටඩ් පැකේජ් එකට සාදාරණය ඉශ්ඨ කරන්න ඕනි නිසා මන් නිකමට වගෙ ඒකට ගිහින් බැලුවා.කාලෙ කනවා කියලා කවුරු මොනවා කිව්වත් පේන පේන විඩියෝ එක ඔහේ බලනවා කියන එකත් කලාවක්.වතුර බොන එක හැටි එකේ ඉඳලා කක්කුස්සියට යන එක පවා සජීවිව සමජ ජාලාවල පෙන්වන අයත්,ඒ ඕන දානයක් උඩ දාගෙන බලන අපි වගේ උනුත් නිසා පෝසත් වෙන්නේ කොහෙවත් ඉන්න පිටරට වුන් කියලා ආසියාතිකයන් කෙරෙහි ආධිරාජ්යවාදි බලපෑම ගැන දේශණයක් දුන්න අපේ මහම්මාගේ ලොකු පුතා අන්තිමට වැඩේ නැවැත්තුවෙව් උගෙ වෙබ් හිස්ට්‍රියේ ඇපියර් වෙලා තිබ්බ අධිරාජ්යවාදිනියන්ගේ උණුසුම් ලින්ක් වගයක් මන් මහම්මට ශෙයා කළාට පස්සේ..
අන්න එහෙමයි අපි ඒ කලාව වෙනුවෙන් පෙනී ඉඳියේ...ඉතින් මන් කියන්න ගියේ ඒ ගෙවතු වගා පාඩමේ වගා කරන කොට පස සකසන්න ඕනේ තැන ඉඳලා තවාන් කරන පැල හිටවන තැන වෙනකන්ම දේවල් බොහොම ලස්සනට කියලා දුන්නා.ඕක දැකලා මටත් ඕනේ උනා ස්වයං ව්‍යවසායක වගාකරුවෙක් වෙන්න.අමුඩේ පාට කලිසමුත් ඇඳගෙන ඒක කලවා දක්වා උස්සගෙන මාත් අපේ ගෙදර ඉඩ තියෙන තැනක පාත්තියක් කොටන්න ගත්තා..පස් ගොඩැල්ල සාමාන්‍ය බිමට වඩා උස්ව හදලා වටේට පරණ උළු වලින් වැටකුත් බැන්දට පස්සේ තමා මට තේරුණේ වත්තේ හැම තැනකම පුලු පුලුවන් විදියට වගා කරලා තිබ්බ තාත්තා ඇයි එතන පාත්තියක් දාලා නොතිබ්බේ කියලා..
පාත්තිය කොටපු තැනට විරුද්ධ පැත්තේ තිබ්බ නමිනං ගහෙන් පාත්තිය සම්පූර්ණෙන්ම වැහිලා...
එතනට ඉර එළිය පොඩ්ඩක්වත් වැටෙන්නේ නෑඈඈඈඈඈඈ...!!!!මන් ඉඳියේ ගැම්මෙන්..තාත්තා මගේ වගාවට ප්‍රශංසා කරන හැටි ,අම්මා ගෙදට්ට එන ඕපදුපකාරියන්ට මගෙ වගාව පෙන්වන හැටි මාවගෙන ආඩම්බරයකින්..අනික ඒ වෙද්දිත් මන් එතන දාන පැළ මොනවද කියලා සැලසුම් කරලා ගෙඩි විකුණලා ඒ සල්ලිවලින් ගන්න ඕනේ දේ ඔන්ලයින් ඕර්ඩර් කරලත් ඉවරයි..ඉතින් මේ ගහක් නිසා පහු බහින්න උවමනාවක් මට තිබ්බේ නෑ..
මන් ගත්තේ කොස් කපන දෙකේ දෙකේ මන්නේ..ඉනිමඟකුයි,ලණුවකුයි අරන් ගහට නැග්ගේ ඉර වහන ලොකු අත්ත කපන්න හිතාගෙන..පැයකට විතර පස්සේ දත කට පූට්ටු කරගෙන හොර ඇඟේ දාඩිය නාගෙන අත්තෙන් බාගයකට විතර කැපුමක් ඇති කරන්න මට පුලුවන් උණා.
ඊට පස්සේ මන් ඒකට මගේ තාර්කික බුද්ධියයි,ඒ ලෙවල් කරද්දි ඉගෙන ගත්තු පිසික්ස් සිද්ධාන්ත ටිකකුයි ඇප්ලයි කලා.ලණුවෙන් අත්තේ කඳේ මැද හරියට වෙන්න ගැට ගහලා ඒකේ කොණ අතේ බැඳගෙන මන් අත්ත වැටෙන පැත්ත අනුමාන කර ගත්තා..ඊට අමතරව ලණුව ඇඳලා බලය යොදන්න ඕනේ කොහෙටද එහෙම බලය යෙදුවාම අත්ත වැටෙන්නේ කොහෙටද කියලා මන් තීරණය කරගෙන ඉඳියේ..ඔක්කොම සැලසුම් වලින් පස්සේ මන් බිමට බැහැලා අත්ත පොතේ හැටියට අඳින්න ගත්තා..මුලදි මීක් නැතුව තිබ්බට විනාඩි දෙක තුනකට පස්සේ චර බර ගාන සද්දේ ඇහෙන්න පටන් ගත්තා..මන් කාපු බීපු පොශ්යදායි කෑම වල හයිය හිතට අරන් කඹේ දකුණතින් තද කරගෙන ඇඟ ගල් කරගත්තා..
එක පාරට
අත්ත මහ බය හිතෙන සද්දයක් එක්ක වේගයෙන් පත බෑවුණා..හැබැයි මන් නිරීක්ශණය කරලා නිගමනය කරපු තැනට නෙමේ..ඊට හාත්පසින්ම විරුද්ධ පැත්තට..නිකන් නෙමේ ගෙදරට කරන්ට් එක එන පාරේ තිබ්බ ලයිට් කණුවෙන් ගෙදර වහලෙ කණුවකට ඇදලා තිබ්බ ප්‍රධාන කරන්ට් වයර් එකත් වහලෙන් ගලෝගන..
මට කෑගැහුණා..කරන්ට් එක වැදෙයි කියලා නෙමේ..ඉස්සරහට එන්න තිබ්බ අපහාස,උපහාස,ගැරහුම්,බැනුම් ගැන මතක් වෙලා..හෙලවුණු මනස සන්සුන් උනාට පස්සේ මන් අම්මට කෝල් එක ගත්තේ වෙච්ච දේ සැර අඩු කරලා,හානිය බාලකරලා සිද්ධිය කියන්න පුලුවන් හොඳම විදිය ගැන ස්ථිර කතාවක් හදාගෙන..කෝල් කරන්න ඕනේ තාත්තට උනත් ඕක කිව්ව ක්ශණයෙම තාත්තා ෆෝන් එකෙන් අත දාලා සයිබර් අවකාශය හරහා හරි මට කණේ පාරක් ගහයි කියලා මට තිබ්බේ සාධාරණ බයක්..
අන්තිමට අම්මා තාත්තා එක්ක හාෆ් ඩේ එකක් දාලා ගෙදර ආවේ විදුලිබල මණ්ඩලේ වැඩ කරන තාත්තගේ යාලුවෙකුත් එක්ක..
ඊටත් දවස් තුනකට පස්සේ තමා අපි අඳුරෙන් ආලෝකයට ආවේ..බත් එක රයිස් කුකර් එකේ ඉදෙන්න තිබ්බේ..ෆෝන් එක චාර්ජ් එකට ගහ ගත්තේ..ෆෑන් එකේ සද්දේ අහ අහා නිදා ගත්තේ..ටිවි එකේ මෙගා ටෙලිනාට්‍ය බැලුවේ..නිකන්මත් නෙවේ.තාත්තගේ අතින් ලක්ශ එකාමාරක් විතර වියදම් උනාට පස්සේ..
YOU ARE READING
කුරුටු පොතේ පිටු
Altele"සහන සෞභාග්‍යය" ගත වෙච්ච අවුරුදු විස්සටම සහනයක් තියා ගංවතුර ආධාරයක්වත් ලැබිච්ච නැති, සෞභාග්‍යය වචනේ තේරුම රාජ්‍ය ලාංඡනයේ පුන්කලසින් විතරක් දැකලා තියෙන මට අම්මපා ඝන පිහිටුවලා නම තිබ්බ එකාව මන් තාම හොයනවා...නැකැත් බලලා මහප්‍රාණ ඔබලා හදපු මගේ නමේ වැරැද...