💙1st chapter 💙

665 142 16
                                    

"යාහ් මේ ඉන්නේ මොට්ට පාලයා!! හොදට නිදාගෙන මං ඊයේ රෑ දහය වෙනකන් අර කැෆේ එක ඉස්සරහ හිටගෙන ඉදලා සීතලේ පයින්ම ඇවිදගෙන එනකම් තමුන් කොහෙද ගියේ ආ !!!"

අවුල් වෙලා තිබුන පුංචි  ලිවින්ග් රූම් එකේ තිබුන එකම සෝෆා එක උඩ තද නින්දක හිටපු හොබී ගේ කොන්ඩෙන් ඇදලා ඉන්දවලා ,නිදිමරගාතේ ඉන්න කොල්ලට කකුලේ තිබුන සපත්තුවක් ගලවලා අරගෙන ගහන ගමන් කියවපු මෝනා,  හොබීව ආපහු සෝෆා එකට පෙරලලා දාලා සපත්තුව අරගෙන කකුලට දාගෙන මොහොතකට සන්සුන් වුනේ කෑම හදන එක මොහොතකට නවත්තපු ජින් ඇස් කරකවලා මෝනා දිහා බලද්දි.....

"බැරි වෙලාවත් කවුරු හරි මාව කිඩ්නැප් කරගෙන ගියා නම් එහෙම කාටද කියන්නේ ආ!!!"

සෝෆා එක ලග තිබුන පොඩි ඉඩේ එහා මෙහා ඇවිදින ගමන් එක තැන නැවතිලා, නිදාගෙන හිටපු හොබීගේ මූනට නැමිලා සද්දෙට කියපු මෝනා කෙලින් වුනේ එහාපැත්තෙන් ඇහුන හිනා සද්දෙකට.....

"එහෙනම් ඉතින් ඒ මිනිස්සුන්ගේ අවසානේ තමා...කොයි වෙලේ පුපුරයිද නොදන්න බෝම්බයක් උස්සන් ගිහින් ගෙදර තියාගන්න මෝඩයා කවුද හලෝ "

මෝනා ඇස් පුංචි කරලා ඔරවද්දී තවත් ටිකක් හයියෙන් හිනා වෙන ගමන් කියපු කුකී ගිහින් පුංචි කිචන් එකේ තිබුන ටේබල් එකට වාඩි වුනා....

"යාහ් මෝනා  කියවන එක නවත්තලා හොබී වත් එක්ක කෑම කන්න එන්න!!"

ලොකු නූඩ්ල් බෝල් එක මේසේ උඩින් තියලා කුකීගේ කොන්ඩේ අතින් හදපු ජින් මිනීට වතුර වීදුරුවක් ලං කරලා දුන්නා....

×××××××××××××××××××××××××××××××××

හොබී කුකී මිනී මෝනා වගේම ජින්  පස් දෙනාම උස්මහත් වුනේ වීදි දරුවෝ විදියට.... කවදා කොහොම මොන විදියට තමන් වීදියට ආවද කියලා කිසිම කෙනෙක් ට හරි අදහසක් තිබුනේ නෑ,, ලැබෙන දේකින් බඩ පුරවගෙන පාලු කඩවීදියක් අයිනක නිදාගෙන ගෙවපු ජීවිතේ එක දවසක වෙනස් වුනේ හයියෙන් වැහැපු රෑක වාහනේකින් ගෙනත් දාපු ගැහැණු කෙනෙක් නිසා.....

ඇග පුරාම දරුනු තුවාල එක්ක පාලු කඩවීදියේ අතහැරලා ගිය සිරුර දිහා කුතුහලය පිරුන  පුංචි ඇස් දහයක් බලාගෙන හිටියා කියලා කවුරුත් දැක්කේ නෑ... වාහනේ නොපෙනී යනකන් ඉදලා වැස්සේම වැටිලා හිටපු කෙනා ලගට දුවගෙන ගිය පුංචි වුන් පස් දෙනා ජීවිතයත් මරණයත් අතර සටනක හිටපු ගැහැනිය වැස්සෙන් ආවරනය වුන කඩ හෙවනට අරගෙන ගියා....

💚💙𝙐𝙣𝙠𝙣𝙤𝙬𝙣 𝙏𝙒𝙄𝙉𝙎💙💚  ◇◇ 𝙅𝙃𝙊𝙋𝙀◇◇  ✅✅Where stories live. Discover now