💙8th chapter 💙

471 142 31
                                    

ගෙදරටම තිබුන එකම පරන සෝෆා එකේ වාඩි වෙලා හිටිපු හේසෝක් ගෙයි සෝයාගෙයි ඉස්සරහින් පොඩි පුටුවක වාඩි වෙලා හිටියේ ජින්.... ජින් ගේ පිටිපස්සේ හිටගෙන හිටියේ මෝනා....

හොබී පුරුදු විදිහටම කොෆි ටේබල් එක උඩ  වාඩි වෙලා ඉද්දි,  ජන්කුක් අඩමානෙට ඩයිනින්ග් ටේබල් එකේ වාඩි වෙලා හිටියා,  ජිමින් පුරුදු විදිහටම දොරට හේත්තු වෙලා නියපොතු හපන ගමන් හිටියා.....

හත් දෙනාම අතරේ තිබුන දීර්ඝ නිහැඩියාවට පස්සේ හොබී  කටහඩ අවදි කරා.....

"ඔය ෆයිල් එකේ තියන දේවල් බලන්න මට ඕන කමක් නෑ මිස්ටර් හේසෝක්!! ඒ වගේම ඔය කිසිම දෙයක් මට ඕනත් නෑ!! මෙතන තමයි මගේ පවුල,!!"

"හොබා!! මොනවද මේ කියන්නේ!! හැමදාම බලාගෙන හිටියා නේද තමන්ගේ කෙනෙක් කොහේ හරි ඇති කියලා දැන් ඔය ඉන්නේ පවුලක්ම!!!"

"නෑ හෙයොන්ග්!! ඇත්ත මං හැමදාම දුක් වුනා වීදියක ජීවත් වෙන්න වුන එක ගැන,  ඔම්මා අප්පා නැති අනාථයෙක් වෙන්න වූන එක ගැන,  ඒත් අද මං සතුටු වෙනවා හෙයොන්ග්,  ඒ වගේ අප්පා කෙනෙක් ගේ  නමවත් මට නැති එක ගැන....!!"

"හොබා!!!"

ජින් මොන තරම් කථා කලත් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා කෙලින්ම ගෙයින් එළියට යන හොබී දිහා බලලා බරහුස්මක් ඉහල පහල දාපු හේසෝක් එහෙමම බිම බලාගත්තා...

හේසෝක් ගේ පනිවිඩේට හොබී ට කථා කරපු සෝයා ට උත්තර දුන්නේ මෝනා,  කලින් දවසේ රෑ සිද්ධවුන දේවල් අකුරක් නෑර ම සෝයාට කියපු මෝනා අන්තිමට කිව්වේ හේසෝක් ට පරිස්සම් වෙන්න කියන්න කියලා.....

සෝයාගෙන් සිද්ධ වුන දේ දැනගත්ත හේසෝක් ගේ පුරාම බැලුවත් මිස්ටර් ජන්ග් ගෙදර හිටියේ නෑ,  වගේම මිසිස් ජන්ග් පුරුදු විදිහටම උදේ කෑම මේසේ වාඩි වෙලා හිටියා.....

කලබලෙන් ගේ පුරාම අප්පව හොයපු හොබී,  අන්තිමට ඩයිනින්ග් ටේබල් එක ලගට එනකොටම ඩෝ බෙල් එක රින්ග් වුනා.. 

සේවකයෙක් විවෘත කරපු දොරෙන් ඇතුලට ආපු පවුලේ නීතිඥ මිස්ටර් වූබින් දැක්කම පුදුම වුනත් වෙනසක් නොපෙන්වා ම වූබින්ට වාඩි වෙන්න සන් කරපු හේසෝක් වූබින්ගේ ඉස්සරහින් වාඩි වුනා......

💚💙𝙐𝙣𝙠𝙣𝙤𝙬𝙣 𝙏𝙒𝙄𝙉𝙎💙💚  ◇◇ 𝙅𝙃𝙊𝙋𝙀◇◇  ✅✅Where stories live. Discover now