💙7nth chapter 💙

340 122 9
                                    

"අප්පාහ්!!"

හේසෝක් ගේ උස් හඩත් එක්ක ඇස් හරවලා මිස්ටර් ජන්ග් දිහා බලපු මිසිස් ජන්ග් බර හුස්මක් ඉහල පහල දැම්මා....

"මෙච්චර කාලයක් මගෙන් හැමදේම හංගගෙන හිටියට තවදුරටත් ඔයාට එයාගෙන් හැංගිලා ඉන්න හම්බ වෙන්නේ නෑ චාල්ස්!! ඔයා මෙච්චර කාලයක් එයා ඉස්සරහ හොදම හොද අප්පා වුනත් අදින් පස්සේ හැමදේම වෙනස් වෙයි!!!"

වචනයක් වත් නොකියන මිස්ටර් ජන්ග් දිහා නොබලම ඇදේ දිගා වුන මිසිස් ජන්ග් ආපහු කථාකරන්න පටන් ගත්තා.....

"ඔයාගේ අප්පට හොද පුතෙක් වෙන්න ගිහින් ඔයා ජීවිත  තුනක් එක්ක සෙල්ලම් කලා චාල්ස්!! අහිංසක කෙල්ලෙක්ගේ ලස්සන තරුන ජීවිතේ නිකරුනේ වීනාශ වෙලා ගියා!!! ඒත්  මට එක දෙයක් ගැන සතුටුයි චාල්ස්!! මට ආරංචි වුනේ ඔයා සියෝගේ දරුවා මරලා දාන්න කිව්වා කියලයි!!! ඒත් ඔයා ඒ දරුවව උස්මහත් කරලා!! ඔයා මොන වරද කලත් ඒක ගැන විතරක් මං සතුටු වෙනවා චාල්ස්!!"

මිස්ටර් ජන්ග් දිහා බෙල්ල විතරක් හරවලා බලලා  කියපු මිසිස් ජන්ග්,  ලයිට්ස් ඕෆ් කරලා නයිට් ලෑම්ප් එක ඔන් කරනකොටම හේසෝක් ගේ කලබල කටහඩ දොර ලගින් ඇහුනා....

"අප්පා ප්ලීස් මේ දොර අරින්න!! අප්පා!!! හෝබී කවුද අප්පා,  ඇයි ජෙරීට එහෙම කිව්වේ අප්පා!!!! "

හේසෝක් ගේ කටහඩ සෑහෙන වෙලාවක් දොරෙන් එපිට ඇහුනත් මිසිස් ජන්ග් වචනයක් වත් නොකිව්වා වගේම මිස්ටර් ජන්ග් ගේ හැලහොල්මනක් තිබුනෙත් නෑ... තවත් ටික වෙලාවක් කථා කරපු හේසෝක් ගේ සද්දේ නැති වෙලා ගියත් මිස්ටර් ජන්ග් හිටියේ නින්ද අහිමි කරගෙන.....

මීට අවුරුදු විසි හයකට කලින් අතීතයේ සිද්ධ වුන වරද ජීවිත කාලෙම තමන්ගේ පස්සෙන් ඇවිත් විදවන්න වේව් කියලා මිස්ටර් ජන්ග් හීනෙකින් වත් හිතුවේ නෑ.... මිනිස්සු එහෙමයි වැරදි කරනකොට ප්‍රතිඵලය ගැන හිතන්නේ හරිම අතලොස්සක් විතරයි......

තරුණ ජන්ග් තමන්ගේ අප්පගේ සාර්ථක ව්‍යාපාර ජාලය තමන්ගේ අතට ගන්න කොටත්  සොදුරු ආදරවන්තයෙක්..... විශ්වවිද්‍යාලයේ හිටපු අහිංසක ම ගෑණු ලමයා සියෝ තමයි මිස්ටර් ජන්ග් ගේ ආදරවන්ති වුනේ..... ඒත් හැම ආදර කථාවක වගේම සියෝජන්ග් ආදර කථාවටත් ගිම්හාන කාලයක් උදාවුනා.....

💚💙𝙐𝙣𝙠𝙣𝙤𝙬𝙣 𝙏𝙒𝙄𝙉𝙎💙💚  ◇◇ 𝙅𝙃𝙊𝙋𝙀◇◇  ✅✅Where stories live. Discover now