💙chapter 💙03

372 124 13
                                    

සද්ද නැතුව ම වාහනේ drive කරන හේසෝක්  දිහා ඇස් කොනින් බලපු සෝයා බර හුස්මක් ඉහල පහල දාලා අතේ ඇගිලි එකිනෙක පටලන ගමන් බිම බලාගත්තේ හේසෝක් ගෙන් කිසිම දෙයක් අහලා තේරුමක් නෑ කියලා තේරුන නිසා.....

සොයා ගේ අප්පා හේසෝක් ගේ අප්පා වුන මිස්ටර් ජන්ග් ගේ  පාසල් මිත්‍රයෙක් නිසාම , දේශපාලඥයෙක් වුන සෝයාගේ අප්පට ඕන වුනා තමන්ගේ පරන මිත්‍ර කම් අලුත් කරගන්න ගමන් ලාබ ලබන ජන්ග් ව්‍යාපාර ජාලය තමන්ගේ ව්‍යාපාර ත් එක්ක සම්බන්ධ කරගන්න.....

සෝයා මුලින්ම කසාදෙට අකමැති වුනත් අප්පගේ තීරනය අන්තිම තීරනය බව දන්න නිසාම සෝයා අන්තිමට විවාහයට කැමති වුනා... වීවාහයට තව තියන්නේ මාස හයකටත් වඩා අඩු කාලයක් වුනත් සෝයාට තාමත් හේසෝක් ව තේරුම් ගන්න පුළුවන් වූනේ නෑ.....

ස්වභාවයෙන්ම සන්සුන් තැන්පත් කෙල්ලෙක් වුන සෝයාගේ හැසිරීම හේසෝක් දැක්කේ කරදරයක් විදියට.... පුංචි දේටත් ගැස්සෙන,  හැමදේටම උදව් බලාපොරොත්තු වෙන සෝයා දිහා හේසෝක් බැලුවේ හිසරදයක් විදියට... සෝයාට ඒක තේරුනත් සෝයා ලග ඒකට විසදුමක් තිබුනේ නෑ...

බිස්නස් වෙනුවෙන් ම ඇරිලා ඉන්න මූනේ හිනා කලදක් නැති හේසෝක් වෙලාලකට සෝයාව පිස්සු වැට්ටුවා... ආචාරශීලී ගැහැණු ගති සේරම පැත්තකට දාලා හේසෝක් ගේ ඔලුවට සපත්තුවෙන් ගහන්න හිතෙන හැගිම සෝයා අසීරුවෙන් මැඩ ගත්තා....

සෝයා බලාපොරොත්තු වුනේ ඕනවටත් වඩා තමන් ගැන හොයලා බලන පිරිමියෙක්,  පුංචි කාලේ ඉදලම තමන් ආසා කරපු නර්ථනයට තමන්ට ඉඩක් දෙන පිරිමියෙක්, බිස්නස් පස්සේ රේස් දුවනවා වෙනුවට ඩාන්සින් ටීචර් කෙනෙක් වෙලා නිදහස් තැනක ජීවිතේ පටන් ගන්න සෝයා ගේ හිතේ ලස්සන හීනයක් තිබුනා.....

ඒත් දැනටමත් ඒ හැමදේම හීන විතරයි කියලා සෝයා තමන්ට තේරුම් කරන්න උත්සාහ කලා..... නැටුම් තියා තාලේට අත්පුඩියක් වත් ගහන්න නොදන්න හේසෝක් එක්ක මොන නැටුම් ද කියලා මතක් වෙලා සෝයාගේ මූනේ තෙහෙට්ටු හිනාවක් ඇදුනා......
×××××××××××××××××××××××××××××××××

හීනෙන් වගේ සෝයාගේ ගෙදර ලග වාහනේ නවත්තපු හේසෝක් සෝයා බහිනවත් එක්කම වාහනේ ඉස්සරහට අර ගත්තේ හිත ඇතුලේ තෙරපෙන නොසන්සුන් හැගීම් දාහක් එක්ක සෝයාට සමුදෙන්නේ වත් නැතුවමයි.....

💚💙𝙐𝙣𝙠𝙣𝙤𝙬𝙣 𝙏𝙒𝙄𝙉𝙎💙💚  ◇◇ 𝙅𝙃𝙊𝙋𝙀◇◇  ✅✅Where stories live. Discover now