Chapter 2 💫

680 116 65
                                    


ඒත් ජිමින්....

ජිමින්ගේ තත්ත්වෙනන් ඊටවඩා හාත්පසින්ම වෙනස්..

ජිමින් හිටියේ කෙල්ල දිහාවට අතත් දික්කරගෙන කතාකරන්න ට්‍රයි කරන ගමන්...

"ක්...කොහොමද...ත් තමුසේ ඇතුලට ආවේ..."

ජිමින් අන්තිමේ බොහොම අමාරුවෙන් වචන ගැටගහගෙන කෙල්ලගෙන් ඇහුව..ඒත් ජිමින් තාමත් බිම...කොල්ලා නැගිටින්න උත්සහ කලේවත් නෑ...සමහරක්විට පස්ස බිම වැදිලම එපා වෙලා කොල්ලා බිමම ඉන්න තීරණය කලා වෙන්න ඇති...

"අම්ම්..මන් කියන්නන්කො මන් මේ ජනේලෙන් ආවා කියලා..."

ජිමින්ගේ ගාවට පහත් වෙලා හිටිය කෙල්ල කෙලින් වෙන ගමන් කිව්වෙ ජනේලේ පැත්තට අත දික්කරලා..

"ජිමින්...මොකද මිනිහෝ කෑහහන්නෙ උබ හොල්මනක්වත් දැක්කද...ම-- මොකද යකෝ ඔය බිම බඩගාන්නෙ.."

ජිමින්ගේ කෑගැහිල්ලට ජිමින්ට ලගම රූම් එකේ හිටිය ටේ ඇවිත් රූම් එකට එබිලා කෑගැහුවේ ටවල් එක පිටින් භූමිවන්දනා කරන ජිමින්ව දැකලා...

ඒ පස්සෙන්ම වගෙ ආවා හොසොකුත් රූම් එකට එබිලා ජිමින්ව හෙව්වත් බිම ඉන්න ජිමින්ව දකින්න හෝසොක්ට ටිකක් වෙලා ගියා..

"මේ..මේ කෙල්ල කොහොමද මගේ රූම් එකට ආවේ.."

ජිමින් අත දික්කර කර කෑගහද්දි ටේයොන් හෝසොක් දෙන්නම ජිමින් දිහා බැලුවේ අමුතු විදිහට...ඒක හරියට නිකන් "තොට පිස්සුද මිනිහො" වගේ බැලමක් කිව්වනන් හරියටම හරි..

"ජිමින්...උබ ඒ පාර මොකද්ද නටන්න හදන මගුල...තොට විහිලු කරන්න ඕන්නනන් උදේ වරුවක කරහන්..මේ මහ රෑට නැතුව..."

ටේයොන් එහෙම කිව්වම ජිමින් ටේයොන් දිහා බැලුවේ කලින් එයාට ටේ හොබි දෙන්න සංග්‍රහ කරපු බැල්මෙන්මයි..

"උබට පේන්නේ මන් විහිලු කරනවා වගේද ටේ...උබ කියන්නෙ දැන් මහ රෑ මන් අදුරන්නෙවත් නැති කෙල්ලෙක් මගේ රූම් එකේ තියාගෙන ඉන්න කියලද.."

ජිමින් ආයෙත් යටිගිරියෙන් කෑගහද්දි ඒ ලගින් යනින් ගමන් හිටිය ජන්ග්කුකත් රූම් එකට ආවා..ඒ අතරේ අර නමක් ගමක් නොදන්න කෙල්ල තාමත් හිටිය විදිහටම හිටගෙන හිටියා...

💫 PROMISE 💫  [COMPLETED] Where stories live. Discover now