Chapter 6 💫

831 135 53
                                    


"හ්‍යොන්ග්..මන් කිව්වේ මගේ ජන්ග්මී ජීවත් වෙනවා කියලා..බලන්න..මන් වැරදි නෑ..."

ජිමින් නම්ජූන්ට කිව්වම නම්ජූන්ගෙත් කට භාගෙට ඇරුනා...

උඩ පැන පැන ගේ ඇතුලට ආපු කෙල්ල එක පාරට පපුවත් අල්ලගෙන සෝෆා එකට වැටුනේ සාලේ හිටපු මිනිස්සු ටික දැකලා....

දෙයියනේ.....BTS

ජන්ග්මී පපුවත් අල්ලගෙන ටික වෙලාවක් එහෙම හිටියේ කිසි දෙයක් හිතාගන්න බැරුව...

"ජන්ග්මී...මේ දැන්ම ඇතුලට යනවා..තමුසේ කාගෙන අහලද ගෙයින් එලියට බැස්සෙ..."

ජන්ග්මී හරිසිහියට ආවේ අප්පාගෙ කෑගැහිල්ලට..

"ඇහුවට යන්න දෙන්නෙ නෑනෙ...සෝ මන් ජනේලෙන් පැන්නා..😌"

"ජන්ග්මී.."

මිස්ට ලී තරහෙන් කෑගහද්දි නම්ජූන් හැරුනේ ඒ පැත්තට..

"මිස්ට ලී...කරුණාකරලා පැහැදිලි කරන්න..ඔයාගෙ මැරුනා කිව්ව දුව කොහොමද මෙතන පන පිටින් ඉන්නේ.."

"පොඩ්ඩක් ඉන්න..මන් මේ හැමදෙයක්ම පැහැදිලි කරන්නන්..ඒත්"

මිස්ට ලී කියලා ඉවර වෙන්නත් කලින් හත්දෙනාම ගිහින් සෝෆා එකෙන් වාඩි වුනේ කතාව අහන්න හොදට හරි බරි ගැහිලා...

මිස්ට ලී බර හුස්මක් පහත දැම්මේ දැන් ඇත්ත කියනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ කියලා තේරෙද්දි...

"මේකයි උනේ...මීට අවුරුදු තුනකට කලින් ජන්ග්මී ඇක්සිඩන්ට් උනේ නෑ...ජන්ග්මිව මරන්න හැදුවේ.."

"මොකක්..ඒ කව්ද.."

ජිමින් මැද්දෙන් පැනල කෑගහද්දි ටේ ජිමින්ගේ ඔලුවට ගැහුවේ කටවහන් අහගනින් කියලා..

"කන්ග් දල්ජුන් කියලා මිනිහෙක්...ඌට මාත් එක්ක තරහා තිබ්බේ බිස්නස් සම්බන්ධ ප්‍රශ්නයක් නිසා...ඒත් ඌ එකට ඉත්තා කරගත්තෙ මගේ දුව ජන්ග්මිව..එදා ජන්ග්මි ගෙදරින් ගියේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාටි එකකට කියලා..

ඒත් රෑ මට එක පාරටම පොලිසියෙන් කෝල් එකක් ආවා..ජන්ග්මී පාලමකින් පහලට වැටිලා ඉදලා හම්බවුනා කියලා..ඒක දැනගත්ත ගමන් මන් හොස්පිට්ල් ගියත් ජන්ග්මි හිටියේ ගොඩක් බරපතල තත්ත්වෙක..ඩොක්ටර්ස්ල ඔක්කොම කිව්වෙ බලාපොරොත්තු අතඇර ගන්න කියලා...ඒත් හාස්කමකින් වගේ එදා ජන්ග්මි මැරුනේ නෑ...ඒත් කෝමා උනා...එදා ඉදන් අවුරුදු දෙකහමාරක් තිස්සේ ජන්ග්මි හිටියේ කෝමා එකක..

💫 PROMISE 💫  [COMPLETED] Where stories live. Discover now