Chapter 5 💫

563 107 31
                                    


අවුරුද්දකට පසු..

අවුරුද්දක්ම ගතවෙලා ගියේ BTS බෑන්ඩ් එක හිටියටත් වඩා සාර්තක වෙද්දි...

මේ අවුරුද්ද පුරාවට ජිමින් ගැන කිව්වොත් කොල්ලා ගෙව්වේ ගොඩක් කාර්‍යබහුල ජීවිතයක්..

කොන්සට්,අලුත් සෝන්ග්,අලුත් ඇල්බම් වල වැඩ කටයුතු එක්ක ජිමින් ජීවිතේ ඉස්සරහට ගියත් තාමත් ජිමින්ගෙ හිත එක තැනක හිරවෙලා...

ඔව්..ජිමින්ට කොච්චර උත්සහ කලත් ජන්ග්මිව අමතක කරගන්න බැරි වුනා..ජිමින් කෙල්ල එක්ක ගතකලේ සතියක් වගේ පොඩි කාලයක් උනත් ඒ මතක අමතක කරන්න අවුරුද්දක් ගියත් ජිමින්ට බැරි වුනා..

එදා කෙල්ල ජිමින්ව දාලා ගියාට පස්සෙ ජිමින් කොච්චර උත්සහ කලත් හිත හදාගන්න ජිමින්ට බැරි වුනා...අන්තිමේ ජිමින් පිස්සෙක් වගේ තැන් තැන් වල කෙල්ලව හොයන්න ගත්තේ එයාගෙ හ්‍යොන්ග්ලා හැමෝවමත් බයකරලා..

මුලින්ම කෙල්ලව හම්බවුන ශොප් එක,සොහොන් වල ජිමින් කෙල්ලව හෙව්වා..අන්තිමේ ජිමින් නැවතුනේ කෙල්ලගෙ අප්පා මිස්ට ලී ව හම්බවෙලා..

අන්තිමේ කොල්ලගෙ වදෙන් බේරෙන්න බැරි තැන ජේහා කෙල්ලගෙ සොහොන ගාවට ජිමින්ව එක්කන් යන්න එකග උනා..

ජිමින් එතනට ගියත් කෙල්ලව දකින්න බැරි වුනා ජිමින්ට..අන්තිමේ ජිමින් කලේ හැම හවසකම කෙල්ලගේ සොහොන ගාවට යන එක..ගිහින් වාඩි වෙලා ඉදලා එන එනවා .

කාලයත් එක්ක ජිමින් තේරුම් ගත්තා කොච්චර බලාගෙන හිටියත් කෙල්ල එන්නෙ නෑ කියලා..ඉතින් කොල්ලා හ්‍යොන්ග්ලගෙ උදව්වෙන් ආයෙත් පුරුදු විදිහට වැඩ පටන් ගත්තන් ජන්ග්මිව අමතක කරන එක කරන්නනන් බැරිඋනා..

"නම්ජූන් හ්‍යොන්ග්..ඔයාල යන්න මන් ජිමින් එක්ක ගමනක් ගිහින් එන්නන්.."

ටේ එහෙම කියලා ජිමින්ගේ අතින් ඇදගෙන මාරුවුනේ ටේගේ කාර් එක නවත්තලා තිබ්බ තැනට..

"අන්ද්වේ....මට ගෙදර යන්න දීපාආආන්..මට බෑ.."

ජිමින් කෑගහන්න ගත්තම ටේ බලෙන්ම වගේ ජිමින්ව කාර් එකට දාගත්තේ මරන්න ගෙනියන හරකෙක් වගේ..

💫 PROMISE 💫  [COMPLETED] Where stories live. Discover now