අතීත මතක අතරේ අතරමන් වෙලා හිටපු චිමී පියවි සිහියට ආවේ එයාගේ බෙල්ල මුලින් දැනෙන තෙත ගතිය නිසයි..
එයා හෙමීට ටේටේගේ ඔලුව එහාට කරලා බලද්දි ටේටේ නින්දෙන් අඩන ගමන් හිටියේ..
ඒක දැක්කාම චිමීට දැනුන දුක කියාගන්න බැරි තරම්...
එයා ටේටේගේ කදුලු පිහලා ඒ ඇස් උඩින් කෙටි හාදු තිබ්බා..
ටේටේව පපුවට තුරුලු කරන් කෙස් අතර පුන්චි හාදුවක් තවරපු චිමී ටේටේගේ ඔලුව හෙමීට පිරිමැද්දා..
ටිකවෙලාවක් යද්දි චිමීටත් ඇස් පියවිලා තද නින්දකට වැටුනා..
in the morning..
නින්දෙන්ම ඇදෙ එහා මෙහා පෙරලෙන්න ගිය ටේටේට ඒක කරගන්න බැරි වුනා
දෙවෙනි පාර ට්‍රයිකරද්දි කලින් පාට්ට වඩා ටිකක් සද්දෙන් කෙදිරියක් ඇහුනා.
ටේටේ හේමීට ඇස් ඇරලා වටපිට බැලුවේ එයාගේ ඔලුවෙන් වේදනාවකුත් එද්දී..
හිරු එලියට ඇස් හුරුකරගත්ත ටේටේ මුලින්ම දැක්කේ ඒන්ජල් කෙනෙක්ගේ මූනක්...
ටේටේ ඒ මූනේ ලස්සනට පියවිලා තිබුන ඇස් දිහා බලාලා චූටි හිනාවක් එක්ක ඇදෙන් බහින්න හැදුවේ වොෂ් එකක් දාන්න හිතන්..
ඒත්...
ඔව් කලින් පාර වගේම මේ පාරත් එයාට බැරි උනා..
එයාගේ ඇග මොක්කට හරි හිරවෙලා තිබුනා..
ඒකට කේන්ති ගියපු ටේටේ බෙල්ල ලගටම පොරවලා තිබුන ඩුවට් එක උස්සලා ඇතුලට ඔලුව දාලා බැලුවා..
එකායි...
දෙකායි...
තුනායි...
ශොක් වෙලා හිටපු ටේටේ පියවි සිහියට අපූ ගමන් ඔලුව ඩුවට් එකෙන් එලියට ගත්තා..
එයා ඊයේ දවස ගැන මතක් කරන්න ගත්තා...
ඒ දවසේ මුලත් සතුට අගත් සතුට ඒත් මැද තිබුනේ දුක..
උදේම කුකීගේන් ලැබුනු කෝල් එක නිසා ටේටේ වැදගත් මීටින් එක්කුත් කැන්සල් කරලා එයාව බලන්න ගියේ,
කුකී කියන වෙලාවට එයා කියන තැන ඉන්න ඕනි නිසයි..
එහෙම කලේ නැත්තන් හමුවුන පලවෙනි විනාඩියේ ඉදලා අන්තිම විනාඩිය වෙනකන් එයාගෙන් බැනුම් අහන්නයි වෙන්නේ..
YOU ARE READING
Don't look it //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱 //
Fanfiction(completed) ඔයා වෙනුවෙන් මන් ඕනි වෙලාවක ඉන්නවා.. 💚 vmin ❤️ forever 💛