ඊගාව දවසෙත් මං ඒ වෙලාවටම ඩාන්සින් රූම් එකට ගියේ එයා හම්බෙන්න ප්ලෑන් කරලා නෙමේ. ඒ මගේ ස්කූල් වෑන් එක ස්කෝලේ ගාවට එන වෙලාව. හිතේ කොනක පොඩි බලාපොරොත්තුවක් නොතිබ්බම නෙමේ. ඒත් එයාව හම්බුනේ නෑ.
ප්‍රැක්ටිස් ඉවර වෙලා මං ක්ලාස් එකට දුවගෙන ගියේ ඒ වෙද්දිත් මං සිංහල පීරියඩ් එකට පරක්කු නිසා.
"පුතේ... අනුල්‍යා..."
ඔෆිස් එක ගාවින් යද්දි මට ඇහුනේ ශ්‍රීමතී මිස්ගේ කටහඬ.
"මිස්..."
මං මිස් ළගට දුවගෙන ගියා. ශ්‍රීමතී මිස් මගේ අට වසරේ මැත්ස් ටීච. ඒත් නවය වසරේදි අපිට හිටියේ සර් කෙනෙක්.
"පුතේ... පුතාගේ ක්ලාස් එක මොකක්ද 9?"
"9-C"
" අනේ පුතේ 9-D class එකේ මොනිටර් හම්බෙලා මෙන්න මේ පැවරුම කරන්න කියලා දීගෙන යන්න පුළුවන් ද ක්ලාස් එකට? මට හදිසි ගමනක් යන්න වෙලා."
"හරි මිස් මං දෙන්නම්."
මං පැවරුමත් උස්සගෙන ක්ලාස් එකට දිව්වා. අද නම් පරක්කු උනාට බැනුමක් අහන්නම වෙනවා. දැන් ඉතින් හොයපන්කො 9-D කොහෙද කියලා. මං ක්ලාස් එකේ වැඩිය ඉන්නෙම නැති නිසා ක්ලාසස් තියෙන තැන් වැඩිය දැනගෙන හිටියේ නෑ. ඒත් වෙනදට මං පහුකරගෙන යන එක පන්තියක්වත් 9-D නෙමේ කියලා මං දැනන් හිටියා. ඒ නිසා මං තීරණය කරා අනිත් පාරෙන් යන්න.
9-E
9-F
9-A
9-D
මෙන්න නවට D. අයියෝ අපේ ක්ලාස් එකට එහා පැත්තේ ක්ලාස් එකනේ. කමක් නෑ මේ පැත්තෙන් ආව එක හොඳයි. නැත්නම් ක්ලාස් එකට ගිහින් ආපහු මිස්ට කිය කිය එන්න වෙනවනේ පැවරුම දෙන්න. මේක මෙහෙම්ම දීගෙනම යනවා.
මං යද්දි ක්ලාස් එකේ ළමයි වහලේ උලු උඩ යන්න බෙරිහන් දෙනවා. තව සුලු මොහොතකින් අපේ ක්ලාස් එකේ මිස් හරි එහා පැත්තේ 9-A එකේ මිස් කෙනෙක් හරි මේකට ඔලුව දාලා එක්කො බනිනවා. නැත්නම් ඔක්කොම දණගස්සනවා කියනෙක නම් හෙට ඉර පායනවටත් වඩා විශ්වාසයි.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...