"මේක ඉක්මනට කැඩුනොත් ඔයාලගේ සමබන්ධේ වැඩි කාලයක් තියෙන්නෑ. අනික-" බය වෙලා එයා දිහා බලන් ඉන්න මං දිහා එයා සන්සුන්ව බැලුවා.
"මේක ඉක්මනට කැඩෙනවා."
එයා ආපහු මගේ අතට බ්‍රේස්ලට් එක දුන්නා. මං ඒක තිබුන බොක්ස් එකටම දාලා ස්කූල් බෑග් එක පතුලෙන්ම තැන්පත් කරේ අපේ සම්බන්ධේ නැති වෙයි කියන බයට. මොකක් නමුත් මං සහස්‍රාට ඇබ්බැහි වෙලයි හිටියේ. කතාබහ නොකරත් ළගින් යද්දි ඇහැක් හරි ගහන් යනවනේ. ඒකත් නැතුව කොහොම ජීවත් වෙන්නද.... අනික මං ඒ තෑග්ගට ආදරේ කරන්න පටන් ගෙනයි තිබුනේ. අපේ සම්බන්ධේ දැනටමත් නෑ වගේනේ තියෙන්නේ. සමහරවිට නතාශා ඒක දැනගෙන කියන්න ඇති කියලා මට හිතුනා..
................................................................................
ස්පෝට් මීට් එකේ අවසානය ටිකෙන් ටික ළං වෙමිනුයි තිබුනේ. ඒ නිසාම දවසකට එක්ස්‍රා පීරියඩ්ස් තුන හතරක්ම ලැබෙන නිසා ළමයි ස්කෝලේ පුරා ඔහේ ඇවිදිමින් ගත කරන කාලය එන්න එන්න වැඩි උනා.
කබඩි මැච් එක ඉවර වෙලා ආට්ස් ක්ලාසස් මැද්දෙන් මං ලහි ලහියේ ක්ලාස් එකට දුවගෙන ගියේ ඊළගට තියෙන සයන්ස් පීරියඩ් එක මොන හේතුවකටවත් සංජීවනී මිස් නතර කරන්නෑ කියලා මං හොඳාකාරවම දන්න නිසා. එදා දවසේ තිබුන වැහි අඳුරත්, සාමාන්‍යයෙන්ම ආට්ස් ක්ලාසස් තියෙන හෝල් එකේ තියෙන අඳුරු බවත්, ඒ වෙලාවේ ක්ලාසස් වල එක ළමයෙක්වත් නොසිටි නිසාත් ශාලාව ඉසිලුවේ අත්භූත බවක්. මං අඩිය ඉක්මනින් කරලා ප්‍රධාන දොර දිහාට දිව්වා.
ආර්ට් එකෙන් එළියට යන දොර පේන මානයේදිම එකවරම කවුරුහරි මගේ දකුණු අතින් ඇදලා ගත්තා වගේ දැනෙවත් එක්කම ඒ කෙනා මගේ කට තද කරලා වැහුවා.
"ෂ්ෂ්ෂ්ෂ් කෑගහගන්නෙපා මේ මං"
කවුරුහරි මගේ කනට මිමිණුවා. ඒත් ඒ කටහඬ මට හුරුපුරුදු උනේ නෑ. මං එයාගෙන් ගැළවෙන්න උත්සාහ කරත් ඒ යකඩ අඬු වගේ අත් අතරේ මං හිරවෙලයි හිටියේ.
මාව එහෙම්ම තල්ලු කරගෙන වගේ ගියේ අට්ස් ක්ලාසස් ඇතුලේ තිබ්බේ කුටියකට. එහෙම තැනක් ස්කෝලේ තියෙනවා කියලා මං දැනගත්තෙත් ඒ වෙලාවේ. ඒ කුටිය ඇතුලේ තිබුන තව දොරකින් එයා මාව ඇතුලට තල්ලු කරා. ඒක තවත් කුටියක්. කුටියේ තිබුනේ ලා කහ පාට එලියක් විතරයි. මං ඒ එලියට මගේ දෑස් හුරුකරගන්න උත්සාහ කරා.
YOU ARE READING
Dandelion
Non-Fictionඑකවරම එයා නැඹුරු වෙලා මගේ දකුණු අත සිපගත්තා. මං කොතරම් තිගැස්සුනාද කියනවා නම් මං අත ඇදලා ගත්තු පාර එයාගේ යුනිෆෝම් එකේ දිග කාබන් පාරක් ඇඳුනා. "සොරි" මං යුනිෆෝම් එක දිහා බලාගෙන මිමිණුවා. තාමත් මගේ අත් දෙකම වෙව්ලනවා. එයා හිනාවෙලා මං දිහා බැලුවා. "හැපි...