යාහ් ......
ඉක්මනට එන්න කියනව තමුසෙලගේ ලොක්කට....මොකක්ද මේ කලබලේ..
කියන ගමන් ජන්කුක් එතනට ආවා.ඒ එද්දි පොලීසියේ තිබුන පුටු දෙකක් ස්වර්ගස්ථ වෙලා..කවුද ඒ වැඩේ කරේ කියල අහන ගමන් ජන්කුක් බලද්දි දැක්කේ ගාර්ඩ්ල හෙන ගොඩක් වටකරගෙන ගිනි පිටවෙන ඇස් වලින් බලාගෙන ඉන්න හෙන හැන්ඩ්සම් කොල්ලෙක්ව....ආහ් තමුන්ද ලොක්කා..
එහෙම කියන ගමන් ජන්කුක් ලගට ආව ඒ කොල්ල ජන්කුක්ට හිතන්න වෙලාවක් නොදීම එයාගේ කොලර් එකෙන් ඇදල අල්ලගත්තා..ඒක දැකපු ගමන් වටේ හිටිය අනිත් පොලිස් ඔෆිසර්ස්ල ජන්කුක් ලගට එන්න ආවත් ජන්කුක් අතක් දික්කරල එයාලට එන්න එපා කියල කිව්වා..ඔව් මන් තමයි මෙතන පොලිස්සථානිධිපති...නැත්තම් ඔයා කියන විදියට ලොක්කා...ඒ මන් තමා...
තමන්ගේ කොලර් එකෙන් තේහියුන් අල්ලන් ඉදිද්දිම ජන්කුක් තමන්ගේ අත් දෙක පපුව හරහා බැදගන්න ගමන් කතාකරා..එතකොට මේ මහත්තයා කවුද...
මමද..මම තමයි......
එතන හිටිය කොල්ලා තමන් ගැන කියන්න හැදුවත් ආයේත් පාරක් බැලුවේ වටේ ඉදගෙන මේ දිහා බලන් ඉන්න කට්ටිය දිහා.. තමන්ගේ තත්වෙට මෙහෙම ප්රසිද්ධියේ හැසිරෙන එක හොද මදි කියල හිතුන ඒ කොල්ලා ජන්කුක්ගේ කරට අතක් දාගන්න ගමන් යන්කෝ ඔයාගේ ඔෆිස් එකට කියල ජන්කුක්වත් බලෙන්ම ඇදගෙන පොලිස්ස්ථානාධිපති කියල බෝඩ් එකක් ගහල තිබුන කාමරේ ඇතුලට ගියා..ඒ ගිහින් ජන්කුක්ව අතෑරපු කොල්ලා,මම කවුද කියලද ඇහුවේ ආහ්...මම තමයි ජනාධිපති මූන්ගේ පුතා කිම් තේහියුන්...
ජන්කුක්ට ඒක ඇහුන ගමන් කරේ නෝංඡල් හිනාවක් දාපු එක..
ඔහ්...හෝ ...එතකොට ඇවිත් තියෙන්නේ ඔයාගේ බාප්පද අන්කල්ද..අනේ මන්දා ඒ කාවද බේරගන්න වෙන්න ඕනේ නේද..
මොකද තමුන් හිනාවෙන්නේ...මගේ අන්කල්ව එලියට දානවා..මතක් කරල ඒ එක්කම ආන්ටිවත් නිදහස් කරනව...
මට බෑහ්..
තමන්ගේ හඩ ගැබුරු කරල තේහියුන්ගේ මූනට පාත්වුන ජන්කුක් කිව්වා..
