🚷 CHAPTER VIII 🚫

38 13 6
                                    

" හියොන් "

"ජංගුකා.. හෝසොක් ගැන ඇහැ ගහගෙන ඉන්න වෙයි"

"හෝසොක්..? අර FBI Agent? මොකක්ද හේතුව?"

"ජංගුකා මං හේතුවක් නැතුව කිසිම දෙයක් කියන්නෙත් නෑ කරන්නෙත් නෑ"

ජින් කිව්වේ තමන් ඉස්සරහ වාඩිවෙලා හිටිය ජංගුක්ගේ මූණට එබෙන ගමන්. ජංගුක් තම lip piercing එකට දිවෙන් ගාවන ගමන් ජින් දිහා බැලුවේ කට කොනින් හිනා වෙලා.

"මං බලා ගන්නම් හියොන්"

"හැබැයි මිනිහට කරදරයක් වෙන්න බෑ. තේරුනාද?"

"ඒ ගැන මට guarant කරන්න බෑ හියොන්. දන්නවනේ මං වැඩකට බැස්සොත් මගේ ප්‍රිස්ටල් එක මටම පාලනය කර ගන්න බෑ. "

"ජංගුක් කියන දේ අහපන්. මේක කිරෙන් දිය වෙන් කර ගන්නවා වගේ පරිස්සමින් කරන්න ඕන දෙයක්"

"හියොන් එහෙම කියන්නේ අපි ගැන හිතල ද නැත්නම් එයුන්ජී හියොන්ගේ real identity එක දැන ගනියි කියලා හිතලද?"

"ජංගුක් මං මේ ඉවසීමෙන් උඹට කියන්නේ. උඹේ වැඩ නිසා මට මේ දේවල් වල වැඩියෙන්ම කට්ට කන්න වෙලා තියෙන්නේ අපේ identity එක හැමෝගෙන්ම වහන්න උත්සාහ කරපු එකයි.."

"හියොන්...ඔයා ඉන්න ඕන ඒවට තමයි. ඒකනේ මං හියොන් කියන්නෙ නැත්නම් සොක් ජින් කියනවනේ"

ජංගුක් උරහිස දෙපැත්තෙන් උඩට පහලට කරන ගමන් ගියේ fridge එක ළගට.

"අයිෂ්...මේ පොඩි එකා...මූ පොඩිත් නෑ කරන දේවල් වල හැටියට"

ජින් ජංගුක් යන දිහා බලාගෙන තමන්ටම මුමුණ ගත්තේ හිනාවෙලා.

"හියොන්...."

"ම්...."

"හෝසොක්ව මට හම්බෙලා තියෙනවා. "

"ඒ කොහොමද කවද්ද?"

"ඕක උනේ සොංයීගේ murder එක වෙලාවෙදී. "

"මොකක්? දැන්ද කියන්නේ?"

"හියොන් හෝසොක් දැක්කෙ මගේ tattoo එක විතරයි. ඒකයි මං දැන් tattoos expose කරන්නේ නැත්තේ"

ජංගුක් කිව්වේ ජින් දිහා අහිංසක විදියට හිනා වෙලා. frustrated feeling එකෙන් ජංගුක් දිහා බලං හිටිය ජින් ඔළුව දෙපැත්තට හොලවලා නලල දෙපැත්ත අත ගා ගන්න ගමන් ඔළුව පහත් කර ගත්තා.

𝗧𝗛𝗘 𝗕𝗟𝗔𝗖𝗞 𝗕𝗜𝗥𝗗 🐦🖤 || 𝗝𝗜𝗡𝗞𝗢𝗢𝗞 𝗙𝗙Where stories live. Discover now