🚷 CHAPTER V 🚫

38 16 3
                                    

"සොක්ජිනා....."

"දේ..."

"මෙහෙට එනවා මිනිහෝ. මොනාද කරන්නේ?"

බර්ගර් එකකුත් අතේ අරගෙන ඒක එක කටට දෙකට කන ගමන් දුවගෙන ආවේ කැෆටේරියා එකේ ඉදලා.

" කොයි වෙලෙත් කා ගත්ත ගමන්. ඒ උනාට බලනවා ඇගේ හැටි. කන ඒවා කෙහෙට යනවද මංදා"

"පිං කලාම එහෙම තමයි. මේ ගිය ආත්ම වල කරපු පිනක් නිසයි මේ ඇග හම්බුනේ. "

"දැන් තමුසේ මට කියන්නේ මං පවු කරලා නිසා ද මට මෙහෙම උනේ කියලා?"

"නෑ නෑ කොහෙද ඉතින් මං කියන ඒවා හරහටමනේ තේරුම් ගන්නේ"

"හැබැයි එකක්"

"මොකක්ද?"

"පවු කරපු නිසයි තමුසේ වගේ එකෙක් මගේ ටීම් එකට වැටුනේ, දැන් බලනවා මං තමුසෙට අර වැඩේ භාර දීලා කොච්චර දවසක් වෙනවද කියලා? යුරායාගේ වැඩ වලින් එක වැඩයි කරන්න දුන්නේ"

"හරි හරි තෙපනිම්..මට තේරෙනවා,මං නෙකර ඉන්නේ නෑනේ"

"මට පේනවා කරනවා කියලා. බැලුවොත් කොයි වෙලෙත් ගිල ගත්ත ගමන්. වෙන වැඩක්නම් මට පේන්නේ නෑ. යුරායා මැරිලත් මාස හයක් වෙනවා දැන්."

චන්වුල් ජින්ට බැනගෙන බැනගෙන යද්දී ජින් මුලින් එකට එක කිව්වත් පස්සේ කට වහන් හිටියේ තමන්ගේ වැරැද්ද පිලි ගන්න වගේ. ඒ එක්කම ජින්ට කෝල් එකක් ආව නිසා ජින් එතනම කෝල් එකට උත්තර දීලා චන්වුල් කතා කරගෙන ඉද්දිම එතනින් දුවගෙන ගියේ චන්වුල්ගේ කේන්තිය තවත් වැඩි කරලයි.

"අයිෂ් ෂිබල් සෙක්කෙ...යාහ්..කිම් සොක් ජින්..."

"මොකද චන්වුල් කෑ ගහන්නේ?"

"එයුන්ජී ඔයත් මේවට වග කියන්න ඕනේ"

චන්වූල් එයුන්ජීටත් බැනලා එතනින් ගියේ එයුන්ජිව බිත්තියට වැදෙන්න තල්ලු කරලා. එයුන්ජී ආපස්සට මොකුත් අහන්නේ නැතුව කට වහන් බලන් හිටියේ අනිවාර්යයෙන්ම මේක පිටිපස්සේ ඉන්නේ ජින් කියලා දන්න නිසයි.

📲 මොකක්ද උනේ?

📲එහෙම වෙන්නේ කොහොමද? අනික් එක මොකද කළේ?

📲හරි එහෙනම් ඒ ටික යවනවා. පරක්කු වෙන්න එපා තේරුනාද?

"ජින්"

𝗧𝗛𝗘 𝗕𝗟𝗔𝗖𝗞 𝗕𝗜𝗥𝗗 🐦🖤 || 𝗝𝗜𝗡𝗞𝗢𝗢𝗞 𝗙𝗙Where stories live. Discover now