ඩෙවන්෴
"හහ්..."
මුලු ගේම එක දූවිලි පොදක් නැති වෙන්න අස් කරපු මම ආඩම්බරයකින් මුලු ගේ වටේම බැල්මක් දාන ගමන් ලොකු හුස්මක් පහලට දැම්මා..කෙවින් ආපු දවසට මුලු ගේම අපායක් වගේ වෙනවා.. තැන තැන වැටිච්ච කෑම කුඩු, ඉහිරුනු බියර් බිංදු, සුදුපාට කුඩු.. ඒ ඔක්කොම මුකුත් නැති වෙන්නම මම අද මුලු ගේම අස් කලා.. ඒ අස්සෙ ලෙයිලත් මගේ ඇගේ දැවටී දැවටී සද්දෙ දාන්න ගත්තේ එයාටත් මම වැඩ ඉවරයි කියලා තේරිලා වගේ... සෝෆා එකට පැන්න ලෙයිලා මගේ මූණ දිහා එක දිගට බලන් හිටියේ "ඔයා දැන් මට කන්න දෙනවද නැද්ද කියන්න වගේ.."
අම්මයි අප්පච්චියි මටයි කෙවින්ටයි තියලා ගිය ගෙදර. අපි හැමෝම එකට හිටපු ගෙදර .. සුන්දර මතක වගේම මට නම් මගේ ජීවිතේ අසුන්දරම මතකත් එකතු වෙලා තිබ්බ තැනක් කිව්වොත් වැරදි නෑ.. අම්මයි අප්පච්චියි නැති නිසා ගෙදර වැඩිහිටියා විදියට ගේ ගැන හොයලා බලන්න ඕනි කෙවින් උනත් සතියකට දෙකකට දවසක් ඇරුනාම කෙවින් ගෙදර ඉන්න දවසක් උනත් හොයාගන්න අමාරුයි.. එයා ගෙදරට යන එන වෙලාවල් මම දන්නෙ නැතිඋනත් එයා හැමදාම ගෙදර ආවෙ නැති උනත් හැමදාම එයාටත් එක්ක මට කෑම වැඩිපුර හදන්නෙ උනේ කොයි වෙලේ කෙවින් ගෙදරට කඩාපාත් වෙයිද කියලා දන්නෙ නැති නිසා..
පහුගිය දවස් ටිකේම කෙවින් වෙලාවට ඇවිත් හිටියේ නෑ. එහෙම ඇවිත් හිටියා නම් එහෙම මම ගෙදර නැති බව දැනගෙන මොනා කරයිද කියලා මමවත් දන්නෙ නෑ. කෙවින්ගෙ රැවුම් ගෙරවුම් ගුටි බැට මට හුරු නිසා වෙලාව ආවාම ඕනි දේකට මූණ දෙනවා කියලා මම හිතාගෙන හිටියේ.. ඔයාලා හිතනවා ඇති ඇයි මම පොලීසී නොයන්නෙ කියලා.. ඒත් මොනවා උනත් අම්මටයි අප්පච්චිටයි පස්සෙ මට ඉන්න එකම පවුල කෙවින් විතරයි..
පොඩ් කාලේ ඉදන්ම මම ගැන බලාගන්න එක මගෙ හැටි... අවුරුදු කීපයකට කලින් ඒ ගාන දෙන්නෙක් උනා කියලා මට ගානක් වුනේ නෑ.. කොහොමත් කෙවින් ගෙදර එන දවසට පියවි සිහියෙන් නෙවේ නෙ එන්නෙ..හොදටම බීලා, ඩ්රග්ස් අරගෙන අසිහියෙන් එන්නේ... ඒත් එයාට එක දෙයක් නම් හොදට මතකයි.. සල්ලි.. ගොඩක් දවස් වලට එයා ඉන්නෙ කොහෙද කියලාවත් මම දන්නෙ නෑ..

YOU ARE READING
CEO's Little Dancer (On hold )
Romance"වැඩකට නැති එකා..." "උබෙන් කාටවත් වැඩක් නෑ...." "උබට කවුරුවත් ආදරේ කරන්නෙ නෑ.." -ඩෙවන්- "ඩීල්..." "ටූ ලේට් හී ඊස් ගෝන්.." - ඇල්ජැන්රෝ- -මල්ටි බිලියන(ර්) ඇල්ජැන්රෝ -ඩාන්සින...