ඒ මම ජේට අපි දෙන්න ගැන කියලා සති දෙකකට පස්සෙ... මම රට යන්න සතියයි...
අම්මි කාමරේට එද්දී මම ඇඳට වෙලා ඔහේ හිටියේ... එයා කතාවක් නැතුවම ගිහින් පොත් මේසෙ ලඟින් වාඩි උනා...
" දෝණි ඔයත් දැන් marry කරා නම් හරි නේ.... හැමදාම ඔහොම ඉන්නත් බෑ නේ ... "
" අම්මා, එකපාරටම ඇයි මේ marriage එකක් ඇදලා අරන්... "
" ඔයාගෙත් කටයුතු වෙන්න ඕනේ නේ .... අපේ office එකේත් දෙතුන් දෙනෙක්ගෙන්ම යෝජනා ආව දූට... ඔයා එනකම් හිටියේ "
" දැන් ම ඕනේ නෑ අම්මා ඔයා ඒ ගැන හිතන්න එපා... ඕනේ උන කාලෙක මම කියන්නම්... එතකොට මට හොයලා දෙන්නකෝ හා ද... "
" දැන් ම ඕනේ නැද්ද .. නැත්තම් කවීව අමතක කරන්න අමාරුයි ද"
" අම්මා..."මට කියන්න දෙයක් තිබ්බේ නෑ ... පාටි එක වෙලේ කවීව් දැක්ක වෙලේ ඉඳන් මම එලෝ සිහියෙන් මෙලෝ අත ගාපු එක කරේ...
" ඔයා මගේ දෝණි ... ඔයා හැරුනත් මම දන්නවා... "
" හිතලා තීරණයක් ගන්න දෝණි ... මම බල කරන්නේ නෑ ... ඔයා දැන් දැනුම් තේරුම් තියෙන ළමයෙක් කියලා මම හිතනවා... "මගෙන් උත්තරයක් නැතිම තැන අම්මි කියවන් යනවා...
" මම කවීට තාම ආදරෙයි අම්මා... මම වෙන තීරණයක් ගන්නම් මට කවීට වඩා වෙන කෙනෙක්ට ආදරේ කරන්න පුලුවන් උන දවසකට.. එතකම් මගෙත් ඒක ගැන අහන්න එපා අම්ම plz... "
Room එකෙන් අම්මි යන්න යනවා දැකලා මම එකපාර කියවන් ගියා... යන්න ගිය අම්මි ආයේ හැරිලා මම දිහා බැලුවා...
" මගේ දෝණි දැන් ලොකු වෙල නේ ... ආදරෙයි කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න තරම්... ඔයාගෙ කවීට ගෙදරින් වෙන කෙනෙක්ව හොයලා තියෙන්නේ ... ඒක ඔයා දන්නවද"
" ඔව් අම්ම... ඒත් ඔයාම නේද කිව්වේ ආදරේ ඇතුලේ හිමි කර ගැනීම ම විතරක් තියෙනවා නම් ඒ ආදරේ නෙවෙයි ආත්මාර්තකාමීත්වය කියලා... මට තියෙන්නේ ආදරයක් අම්මා... මම කවීට ආදරෙයි... එයත් මට ආදරේ කරත් නොකරත් මගේ ආදරේ වෙනසක් නෑ .. මට ඉන්න දෙන්න අම්මා... අඩුම තරමේ මට මගේ හිත හදා ගන්න පුලුවන් වෙනකම්වත්"
මුකුත්ම නොකියපු අම්මා room එකෙන් එලියට ගියා...
මම මගේ ඇස් පියා ගත්තා ... මට මතක උනේ එදා දවස... මගේ first kiss එක...