ඔන්න ආයෙමත් ආවෝ......
මම මාස ගානක් එක පාර ඉස්සරහට එන්නම් හරිද...
ඒ කාලේ උනේ නම් අපි O/L කියලා දෙයක් ලිව්වා... මට 8A 1B.... ඕක විතරයි මට මතකත්. කවී ගේ එක එයාගෙන්ම අහ ගන්න වෙනවා ඔයාලට... අහ් තව ඔය කාලේ කවීට affair එකක් තිබිලා ඒක ඉවර උනා... අහ ගන්නකෝ ඒක තමා මරුම කතාව...
කවී ගමේ ඉඳලා එද්දී තමා ඕක පටන් ගත්තේ. මෙහෙට ඇවිත් මුල් කාලේ අවුලක් උනේ නෑ ලු. මාස හතරක් විතර ගියාට පස්සේ ඒ boy අනම් මනම් කියන්න ගත්තලු... සැක කරන්න ගත්තලු... හෙන seen ලු. ඔහොම ගිහින් ගිහින් අන්තිමේ ඒ boy ම ඒක නවත්තලා... නවත්තලා සති දෙකක් ගියේ නෑ ලු එයා ගමෙන්ම වෙන කෙල්ලෙක්ට එයාගේ පරම පිවිතුරු පාරිශුද්ධවත් ආලය පුද කරලා... ඒකටත් එක්ක අපේ ගොන් නෑම්බි ඌ ගැන හිතලා මාස ගානක් යනකම් ශෝක කාලයක් ප්‍රකාශ කලා... පිස්සු නැත්තම් ශෝක් නේ... මට වගේ වෙන්න ඕනේ.... බලා ගන්න මගේ හැටි.
ඉතින් අපි තුන් දෙනාම A/L bio කරන්න ඇවිත් දැන් නම් මාස 6ක් වෙන්නත් ඇවිත් ලු....
දැන් ඉඳලා ඔන්න මම ආයේ පටන් ගන්නවා....
"ෂේනු"
" මොකෝ...."
" උබ අරූට මොකද බං කිව්වේ"
" කාට "
" මාරියෝ... අර උබෙන් ගිය සතියේ යාලු වෙන්න අහපු boy "
" මුකුත් නෑ . ආයේ මතක් කලොත් බැහැ කියනවා..."
" ඇයි...."
" උබ දන්නවා මම ගැන... "
" අහපන්කෝ ඌ මගේ හොඳම යාලුවෙක් නිසා කියනවා නෙවෙයි . ඌ මාර හොඳයි බං . හා කිව්වට කමක් නෑ මම නම් කියන්නේ... අනික හැම එකාම උබේ තාත්තා වගේ නෑ "
" විශ්වාස කරපන් තරූ... අපේ අම්මත් ඔය කතාවම හිතපු කාලයක් තිබ්බා... අම්මට උන දේ මගේ ජීවිතේට මට ඕනේ නෑ "
" ම්ම්ම්ම් ඕන මගුලක් උබට කියලා තේරුමක් නෑ "
"උබ ඒක අද ද දන්නේ.... අහ් කෝ කවී...."
" අර ඒකි මලක.... ඕකවත් හරි ගියොත් ලොකු දෙයක්..."
" උබ හිතනවද ඒක හරි යයි කියලා... ඒක ඒකිට ගැළපෙන එක කියලා.... මම සිරාට අහන්නේ කියපන්කෝ..."