දොළොස්වෙනි දවස - අවසාන දවස

668 59 10
                                    

❤ අපි ???

💛 ම්ම්ම් ඔව්... මායි මට propose කරපු අයියයි...

❤ ඔයාලා දෙන්නම ඇයි ... එතකොට ...

💛 අයියෝ... නෑ මැණික... එයා මෙහෙට job එක apply කරලා තිබ්බේ කාලෙකට කලින්... මේ ලඟදී ඒක හම්බුනේ.. ඉතින් මමත් එන හින්දා එයා මගේ වැඩෙත් කරලා දීලා මාව එක්කගෙනම ඇවිත් මගේ වෙන්න හබියට මාව දීලා ගියා..

❤ වෙන්න හබියට...

💛 හුම්ම්ම්ම් ... ඔව් නේ... මේ ඉන්නේ මගේ වෙන්න හබියා.. ලෝකෙටම ඔයා කෙල්ලෙක් වෙන්න පුලුවන් ... ඒත් අපේ ලෝකෙට මගේ ලෝකෙට ඔයා මගේ හබී..

❤ එතකොට ඔයාගේ තාත්තා ???

💛 එයා කිව්වේ මගේ සතුට තියෙන තැන නතර වෙන්න කියලා... ඉතින් ඒ ඔයා නේ..

❤ ඇයි මේක ආව ගමන් නොකිව්වේ... ඇයි මට ඒ තරම්ම විඳවන්න දුන්නේ...

💛 මම හිතුවේ ඔයා ජේ එක්ක යාලුවෙලා ඇති කියලා. ඔයාලා දෙන්න එකටමයි නේ ඉතින් හිටියේ. ඒක හින්දා ඔයා තාම මට ආදරෙයි ද නැද්ද කියලා හරියටම නොදැන මට ඒක කියන්න හිතුනේ නෑ ...

ඉතින් එතනින් එහාට කොහෙද මට සීමාවක්... කවී මගෙමයි කියන්න මම දැන ගත්තයින් පස්සේ ඇයි මම තවත් මාවම හිර කරන්නේ... මම එයාව kiss කරා... එයාගේ lips සම්පූර්ණයෙන් මගේ යටතට ගත්තා ... පලවෙනි පාර අසිහියෙන් උනත් දැන් කවී එයාවම මට දුන්නා... තව තවත් තද වෙන lips වලින්, මගේ ඉන කවීගේ අතින් මිරිකෙන විදිහෙන් කවීට තව දුර යන්න ඕනේ කියල මට දැනුනත් මම කවීව ඈත් කරා... මේක නෙවෙයි ඒකට වෙලාව..

❤ ආදරෙයි මගේ මැණිකට... හැමදාමත්

💛 හුම්ම්ම්ම් ... මාත් ආදරෙයි ලූ ඉතින් ...

ඔන්න දැන් පරණ කවී ආවා... වෙලාවක් හම්බුන ගමන් මං ළඟ හුරතල් උන, පොඩි දේටත් ගස්සපු කවී ආවා... අපේ කතාව ආයෙම පටන් ගත්තා ...

💛 ෂේනු ...

❤ ම්න්..

💛 බඩගිනියි නේ...

❤ කෝ බහින්න... ඉතුරු ටික හදලා ඉවර කරන්න මට... එතකම් මේ කිරි එක බොන්න..

දවස් ගෙවුනා... අපි අපේ වෙලා... කවී ඉගෙන ගන්නවා. මම job එක කරන හින්දා එයාට ඉගෙන ගන්න එක විතරක් කරන්න කිව්වා. ඒකට නම් පොඩ්ඩක් කියෙව්වත් පස්සේ ඒක හරි ගියා.. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න ඕනේ වෙන වැඩ නොකර... අහ් නැද්ද .. නෑ මේ මම නිකමට කිව්වේ.. මගේ ගෙදර ගෙදරක් උනා.. හිනාව උතුරන්නම තිබ්බා...

අපේ කතාව Where stories live. Discover now