දහවෙනි දවස

502 52 5
                                    

Hi.... මම ෂේනු ... dinner එකක් අල්ලසට දීලා මම කතාව කියන්න හිටිය දවස් දෙකක් ජේ මගෙන් ඉස්සුවා නේ..  ඔන්න දැන් මම ආයෙම ආවා...

ඉතින් එදා දවසම මම ජේ එක්ක ගෙව්වා... කවී රෑ වෙලා ගෙදර ගියේ එයාට වැඩ තියෙනවා කිව්ව හින්දා.... එයාට යන්න එපා කියන්න ඕනේ උනත් දැන් මට ඒකටවත් අයිතියක් නෑ කියලා මතක් වෙද්දී ඉබේම මගේ වචන හිර උනා... දවස් තුනක් ජේ මාව බලා ගත්තා ... ඒ දවස් තුනට මම පොඩි එකෙක් ගානට වැටුනා... වේල් තුනම කන්න, ඒ අතරමැදට මම ආසම පොඩි පොඩි කෑම හදලා දෙන්න, මාව හිනස්සන්න ජේ එයාගේ මුලු කාලෙම වැය කරා....
ඒ  හැමදේම මැද්දේ එකම එක පුදුමෙකුත් තිබුනා... chris ගැන... ඒ දෙන්නගෙ කතාව හරියටම කිව්වොත් හොඳම යාලුවෝ දෙන්නෙක්ගේ වගේ... ඒත් ඉතින් හැම couple  එකම එක වගේ නැති හින්දා මම පැත්තකට උනා... අහ් තව දෙයක් උනා නේ ...  තරූ මට ගත්ත කෝල් එකක් ජේ answer  කරලා.... එදා පැයක් විතර මම තරූගෙන් බැනුම් අහපු එක පැත්තකට දැම්මොත් මම පුදුම උනේ තරූ ජේට කිට්ටු උන හැටි දැකලා... ජේ කියන්නේ සමාජශීලී කෙනෙක් හින්දා අවුලක් නොවුනත් මම පුදුම උනේ තරූ ගැන... මොකද තරූ කියන්නේ මනුස්සයෙක් එක්ක වචනයක් කතා කරන්නත් දහ පාරක් හිත කෙනෙක්... ඉතින් එහෙව් එකා ජේ එක්ක පැල් බැඳන් කියවනවා දකිද්දී මට පුදුම හිතෙන එක සාධාරණයි නේ ... 

කොහොම හරි මම දවස් තුනක් ජේ එක්ක ඉඳලා මගේ ගෙදරට ආවා. තුන්වෙනි දවසෙත් රෑ කෑම අරන්ම එන්න උන හින්දා ගෙදර එද්දී මම දහය පහු වෙලා. ගෙදරින් පිට කිසිම එලියක් නැති උනත් living area එකේ light on නිසා කවිත්මා තාම ඇහැරලා කියලා හිතුනා. දොරට තට්ටු කරත් කවිත්මාගෙන් කිසිම response එකක් නැති නිසා මං ගාව තිබ්බ extra key එකෙන් දොර ඇරන් ගියාම තමා මගේ ඇස් උඩ ගියේ...

කවිත්මාට වෙරි... නෑ ඔයාලට ඇහිනේ හරිම දේ... එයාට වෙරි... වෙරි වෙන්නම drinks අරන්... වෙන වෙලාවක වගේ නම් මගෙන් හොඳම එකෙන් අහ ගන්නවා කියලා මටම හිතුනත් මේ වෙලාවේ මට හොඳටම හිනා ගියා... oh my god.. she is so adorable ... sofa එක ගාව බිම තිබ්බ beer can තවත් මට සාක්කි දෙද්දී හිතා ගන්න බැරි උනේ මෙයාට beer  එකකටත් වෙරි වෙනවද කියන එක..

මම කවිත්මාව bridal style  එකට අතට ගත්තේ එයාගේ room එකෙන් තියන්න... ඒත් උනේ ඒකට එයා ඇහැරුන එක...

අපේ කතාව Where stories live. Discover now