පළවෙනි දවස...

1.7K 74 15
                                    

ම්ම්ම් මේක love story එකක් ද.... ඔව්. ඒත් ඔයාල හිතන විදිහේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි නම් නෙවෙයි 

මම මෙහෙම පටන් ගන්නම්......

මම ෂේනු. අම්මට ඉන්න එකම දුව. මගේ යාලුවෝ කියන හැටියට නම් නමට විතරක් කෙල්ලෙක් උන කොල්ලෙක් 

මේ අපේ කතාව.... අපි හම්බුන පළවෙනි දවස 

"ෂේනු...."

උදේ පාන්දර කවුද කන ලඟ බෙරිහන් දෙන්නෙ කියල බලන්න මාත් හැරුණා... 

"Sry monitor අද මම අතුගාන දවස නෙවෙයි " 

එහෙම කියලා මම ආයේ gate එක දිහා බැලුවා.... මේ මල යකා තවත් නැති හැටි.... 

" නෑ බං ඊයේ ඔයා ආවේ නෑ නේ මලීගේ තැනට ඊයේ අපේ පන්තියට අලුතෙන් ආපු ලමයව දැම්මා කියන්න ආවේ... ඒ ළමයව නරක් කරනව එහෙම නෙවෙයි ඔන්න.. "

ඒක පුදුම කතාවක් නේ මම මොකටද වටේ ඉන්න මිනිස්සුන්ව නරක් කරන්න යන්නේ....

"මේ අහිංසක මට මොන හිතකින්ද ඔයා ඔහොම කියන්නේ.... මම එහෙමද...."

දාන්න පුලුවන් ලොකුම අහිංසක බැල්ම දාලා මම ඇහුවා... ඔයාල හිතනවද එයා ඒකට රැවටුනා කියලා... ම්ම්හු මොන පිස්සුද මටත් හෙන නෝන්ඩි හිනාවක් දාන් ඔය ගියේ ආපහු හැරිලා....

"මොකද උබ උදෙන්ම මූන දෙක කරන්" 

ඒ මගේ මල ඇණේ.... තරූ... මගේ හොඳම යාලුවො දෙන්නගෙන් කෙනෙක්. අනිත් කෙනා මලී එයා දැන් ලංකාවේ නෑ නේ ......

" බලපන්කෝ කිව්ව කතාව අරයා මම වටේ ඉන්න උන්ව නරක් කරනවලු එහෙමද මම....."

"මම මුකුත් කියන්නෙම නෑමයි හිත රිදෙන කතන්දර බෝමයි වරෙන් යන් පන්තියට " 

තරූ මාවත් ඇඳගෙන පන්තියට යද්දී තමා මම එයාව දැක්කේ....

"කවුද බං අර අහිංසකාවී" 

මම එහෙම ඇහුවේ මලී හිටිය තැන ඉන්න අලුත් රූපේ දැකලා.... 

" ඒ තමා උබට නරක් කරන්න එපා කිව්ව අහිංසකී කවිත්මා" 

අහ්... එයාද ඒ... අපරදේ කියන්න බැහැ මල් කතාවකින් ඇඳලා ගත්ත චරිතයක් වගේ අහිංසක කම දෝරේ යනවා.....

"Hi good morning.... ඔයාව ඊයේ සාදරෙන් පිළිගන්න මම school ආවේ නෑ නේ. මම ෂේන්යා " 

මම එහෙම කිව්වේ කවිත්මා ලගට ගිහින්.... තුන්වෙනි ලොක යුද්දේ තව පැයකින් පටන් ගන්නවා කියලා නිල මාධ්‍ය ප්‍රකාශනය මම දුන්නා වගේ look එකකින් මම දිහා බලපු එයා යාන්තම් hi කිව්වා....

එතනින්ම එයාව සාදරෙන් පිළිගන්න අදහස අත ඇරපු මම මාගේ ඉදිරි කාලය මොනතරම් දුක්බර වෙයි ද කියලා හිතන ගමන් ම ගිහින් කවිත්මාට එහා පැත්තෙන් ඉඳ ගත්තා.....

ඉතින් ඕක තමා අපේ පළවෙනි දවස... ඉස්සරහට මොකද උනේ කියලා දැන ගන්න ඔයාලට නම් ටිකක් ඉන්න වෙයි

අඩුපාඩු තියෙනවනම් කියන්න හරිද.... ඒ ටිකත් හදන් අපි ඉස්සරහට යමු නේ....

අපේ කතාව Where stories live. Discover now