Mizo කියන්නෙ කලා උපාධියක් සහිතව රැකියාවක් සොයමින් සිටින කඩවසම් තරුණයකි.green lane එකේ 3 වෙනි ගෙදර ඉන්න Mizo ටිකක් නිහඩ චරිතයක්.Video game ගැසීමට හා සංගීතයට සවන් දීමට අධිකව ඇබ්බැහිව හිටපු Mizo ජිවීතය සරලව විදින අයෙක්...
Liora කියන්නෙ ගායකයෙක් වෙන්න සිහින දකින දගකාර කොල්ලෙක්. ජිවිතේ සතුටින්ම විදින කොල්ලෙක්.කෙටියෙන් කිව්වොත් නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉන්න පොරක්. යාලුවො හදාගන්න හරිම දක්ෂයි. හැබැයි සූදුවට ඇබ්බැහි වුන චරිතයක්.🌈 Liora ට එයාගෙ පරන ගෙදර සූදුවකට උන ණයක් පියවන්න විකුණන්න වෙනවා. ඊටපස්සෙ එයා කුලියට ඉන්න නිවසක් සොයනකොට Green lane එකෙ 4 වෙනි ගෙදර Lioraට හම්බවෙනවා. ඒ කියන්නෙ Mizo ගෙ අල්ලපු ගෙදර.. Liora ඒ ගෙදරට වැඩිය කැමති උනේ නෑ ඒත් ඒ ගෙදර කලින් ගෙදරට වඩ ගොඩක් නිදහස් නිස්කලංකයි. ඒ නිසාම Liora ඒ ගෙදර තෝරගත්තා.
_______________________
දැන් තමා හොදම වලි පටන්ගන්නෙ.. අල්ලපු ගෙදර ඉන්න Mizo දඩබ්බර කොල්ලට මේ Liora දගකාර කොල්ලා හම්බුනාම කොහොම අදුනගනීද..? ඉස්සරහ කොටස් වලින් හමුවෙමු...
(කතාව ගැන පොඩි විස්තරයක් දුන්නේ..මේක funny එකක් වෙයි 🤭)
________________________
BL / GL කිව්වම පහත් කරන මිනිස්සු තාම ඉන්නවා. මන් දන්නෑ ඒ ඇයි කියලා. කෙල්ලෙක්ට කොල්ලෙක්ට ආදරේ කරන්න පුලුවන්නම් ඇයි කොල්ලෙක්ට තව කොල්ලෙක්ට ආදරේ කරන්න බැරි. ඇයි ඒක කැත විදියට දකින්නෙ කියලා කියන්න මට තේරෙන්නෑ. ඒත් එහෙම අයව කවදාවක් කොන් කරන්නෙපා. ඒක අපිට නොදැනුනාට ඒ අයට ලොකු පීඩනයක් වෙන්න පුලුවන්.මන් මෙ කතාව ඇතුළෙන් ඒ දේ කියන්නයි try කරන්නෙ.හැමෝටම තමන් කැමති විදියට ජීවත් වෙන්න අයිතිය තියෙනවා කියන දේ.. කැමතිනම් කියවන්න. ඔයාලා ආදරේ කරන Yizhan මේකට ගන්න හේතුව වුනෙත් මේක කියවන්නම ඕන කතාවක් නිසා..❤
හරි එනම් මන් යනවා බායි...1 වෙනි කොටස ඉක්මනටම අරන් එන්නම්.Never Fades එකයි මේකයි දෙකම දෙනවා ඉක්මනටම ...
බායි
අලාවියෝ ❤
YOU ARE READING
Cold Heart [ YIZHAN]✔
FantasyLove is Love ❤ RESPECT for each others feelings 🌈 " If I was born into this world to meet you, then every second I spend missing you just shows how special you are to me. That's why, after waiting an eternity to be with you again, I'll make each...