Mizo -මේ මනුස්සයා කොහේ ගියාද තුවාලෙකුත් තියන්...වැස්සකුත් එන්නයි යන්නේ.
Mizo වාහනේ drive කරන් යනගමන් පාර දෙපැත්ත බලන් ගියත් පාරෙ පේන තෙක් මානෙක එක මනුස්සයෙක්වත් නෑ.. පාලුයි මුලු පාරම ..ඒ හරියෙම ගස්කොලන් විතරයි ගෙදරක්වත් පෙන්න නෑ... ලාවට වැහි පොදකුත් වැටෙනවා ..
Mizo - Liora Liora ඔයා කොහෙද අහසත් ගොරවන් එන්නෙ...ඔයාට තෙමෙන්න හොද නෑ තුවාලෙත් එක්ක.. කොහෙද ගියේ ඔයා?
Mizo එක තැනක පාරෙන් ටිකක් ඇතුලට වෙන්න තිබ්බ පාලු පැල්පතක් දැකලා වාහනෙ නවත්තනවා..
Mizo -මෙතනවත් Liora ඉන්නවද....
Mizo phone එකේ flash light එකත් ගහන් පැල පැත්තට එනවත් එක්කම දාරානිපාත වැස්සක් කඩන් වැටුනා..
Mizo - හාශ් ...කරුම වැස්ස දැම්ම පටන්ගත්තනේ...
Mizo කුඩයත් අරන්ම වාහනෙන් බැස්ස නිසා Mizo කුඩෙත් ඉහලන් පැල වටේ ඇවිද්දේ පැල ඇතුලේ කවුරුහරි ඉන්නවද කියලා බලන්න ..
Mizoගෙ කකුල වැදිලා එතන තිබ්බ වීදුරු බෝතලයක් බිම වැටිලා කුඩු උනා..Liora -කවුද ඔතන....
Mizo -පැල ඇතුලෙන් නේද ඒ සද්දේ ආවේ...Lioraගෙ කටහඩ නේද ඒ...
එකපාරට පැලෙ දොර ඇරන් Liora එලියට එනකොටම Mizo කුඩෙත් ඉහලන් Liora ඉස්සරහට ආවා.....
දෙන්නා මූණට මූන බලන් ඉන්නකොට Liora ගේ ඇස් ටික ටික පහලට බර වුනා...
Mizo - පැනලා දුවනවද...?
Liora - ඇයි ඔයා ආවේ..?
Mizo - මන් අහපු දේට උත්තරයක් දෙන්න..
Liora - නෑ ඉස්සෙල්ලා මන් අහපු දේට උත්තරයක් දෙන්න.
Mizo - මන් ආවේ ඔයා නිසා. මට ඕනේ ඔයාව ආරක්ෂා කරන්න. නැතුව කාගෙවත් එක්ක මගුල් කන්න නෙමේ.. මන් හැමදේම කලේ ඔයා වෙනුවෙන් .එහෙම කරලත් ඔයා මාව දාලා ගියා.. ඇයි ඇයි...?
(තරහෙන් වගේම දුකින්)
YOU ARE READING
Cold Heart [ YIZHAN]✔
FantasyLove is Love ❤ RESPECT for each others feelings 🌈 " If I was born into this world to meet you, then every second I spend missing you just shows how special you are to me. That's why, after waiting an eternity to be with you again, I'll make each...