කොල්ලා ඇදට වෙලා බලන් හිටියේ ජස්මින් කණ්නාඩි මේසෙට වෙලා කොණ්ඩෙ පීරනවා...කොච්චර කිව්වත් කෙල්ල පන්ඩිතයි...කරගන්න පුලුවන් දෙකුත් නෑ බකපණ්ඩිතකමේ අඩුවකුත් නෑ........
තුන්වෙනි වතාවටත් කොණ්ඩෙ ගැටගහන්න බැරි වුන නිසා ජන්ග්කුක් ගිහින් කෙල්ලගේ පිටිපස්සේ හිටගත්තා...
"මට පුලුවන්....."
"පේනවා පේනවා පුලුවන් කියල...බබා ඔයානම් ඔම්මා වගේ වෙන්න එපා හරිද! ඔයා අප්පා වගේ වෙන්න බක පණ්ඩිතයෙක් නොවී...."
කෙල්ලගෙ කොන්ඩෙ බදින ගමන් ජන්ග්කුක් කියද්දි කෙල්ලගෙ මූණ ඇද වුනා...
එහෙම්මම කෙල්ලවත් පරිස්සමින් නැගිට්ටවලා ඇදේ හාන්සි කරවපු කොල්ලත් ඒ ලගින්ම හාන්සි වෙලා කෙල්ලව තුරුල් කරගත්තා....."කුකී........"
"හ්ම්ම්ම්?"
"ඔයා සතුටින්ද??"
"ඇයි එහෙම අහන්නෙ මැණික? මන් ගොඩක් සතුටින්..ඔයා නිසයි හැමදේම... ඔයා නැත්නම් ජියොන් ජන්ග්කුක් කියන්නේ පොලොවට පස් වෙච්ච මිනිහෙක්...."
කොල්ලගේ ඇස් දිලිසෙනවා...මේ වෙනකන් ආපු ගමනේ අමිහිරි මතක වලිනුත් කොල්ලා සතුටු වුනා....
අමිහිරි දේවල් නැත්නම් අපි කොහොමද මිහිරි දේවල් ගැන දන්නේ??"යාහ්හ්හ් ඔහොම කියන්නෙපා.... මන් නැති වුනත් ඔයා හැමදාම ඔහොම ඉන්නෝනි කුකී....."
"මොනවද මේ කියවන්නේ??ආඅ?? ජස්මින් නැත්නම් කුකීත් නෑ තමා... දැන් නිදාගන්න...."
ජන්ග්කුක් කෙල්ලගෙ කෙස් අතරින් ඇගිලි යවන ගමන් කෙල්ලව තවත් තුරුල් කරගෙන ඇස් පියාගත්තා..."කුකී!!!!! ප්රොමිස් වෙන්න?"
"මොනාද?"
"මන් නැතත් ඔයා ඔය විදියටම ඉන්නව කියලා..."
කෙල්ල කියද්දි ඇස් දෙක ඇරපු ජන්ග්කුක් කෙල්ල දිහාට නොරිස්සුම් බැල්මක් දැම්මා..."මොනාද මැණික ඔයා මේ කියවන්නේ???? ප්රෙග්නට් කාලෙට මනස්ගාත කියවන එක හැටිද???ගුටි නොකා නිදාගන්න......."
ජස්මින් කිව්ව දෙයින් ජන්ග්කුක්ගෙ හිත කලබල වෙලා....ඒක එච්චර ගනන් ගන්න ඕනි දෙයක් නොවුනත් ජන්ග්කුක් විනාඩි ගානක් තිගැස්මකින් හිටියා... ජස්මින් නැති ජිවීතයක්??? ජන්ග්කුක්ට හිතන්නවත් බැරි දෙයක් ඒක!

YOU ARE READING
𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
أدب الهواة"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!"