.ජස්මින්ගෙ නලලට නලල තියාගෙන හිනා වෙවී හිටපු ජන්කුක්ගෙ අවදානේ ගත්තෙ එයාලා ඉන්න රූම් එක එලියෙන් ඇහෙන කාලගෝට්ටිය...
"අහ්හ්හ් තමුසෙ! තමුසෙ උලමා!!!!හෙන කදයා වගේ හිටියට මොලේ නැති හරකා..... මට යන්න දෙනවා මිනිහො ඇතුළට! තමුසෙ දන්නැද්ද මන් කවුද කියලා???? පස්සෙ වෙලාවක එනවා කියල දෙන්නම්!! අහ්ර්ග්ග්ග්ග්ග්ග් ශිට් අර අවලං කුක්කා වගේමයි උගෙ බලු නකුට්ටොත්!කිසිම වැඩකට නෑ!!! මේ ඕයි...තමුසෙට උපරිම සංවර විදියට මන් මේ කියන්නේ....මට ඇතුළට යන්න දීපන් දණ්ඩෝ!!!!!!!!!"
"ඒත් මැඩම්-"
ගාඩ්ගෙන් ඒ වචන දෙක ඇහෙනවත් එක්කම මොනා හරි පෙරලන සද්ද වගයක් එක්ක තව එහෙන් මෙහෙන් කෙදිරි ගාන සද්ද වගේකුත් ජන්ග්කුක්ටයි ජස්මින්ටයි ඇහෙද්දි දෙන්නම මූණට මූණ බලාගත්තෙ ඇස් ලොකුකරගෙන...
ඒත් එක්කම ජන්ග්කුක්ගෙ හෙඩ් ගාඩ් දොරට තට්ටු කරල ඇතුළට ආවම ජන්ග්කුක්ගෙ ඇස් තවත් ලොකු වුනේ මිනිහා ඉන්න විදිය දැකලා.... ඒ මනුස්සයගෙ ටයි එක බාගෙට ගැලවිලා ඇදුම් පොඩි වෙලා,කෝට් එකේ එක අතකුත් ඉරිලා...ඒ මදිවට කොණ්ඩෙත් ඇවිස්සිලා මූණෙත් සීරුම් පාරවල්....."😐 මෙච්චර ගුටි කෑවේ කොහොමද!
එයාට එන්න දෙන්න..."
ජන්ග්කුක් කිව්වාම කොල්ලට ආචාර කරපු මනුස්සයා දොර අරිද්දි එතන ඉදන් කෙල්ලෙක් කොණ්ඩෙත් ඩ්රැමටික් විදියට ගස්සගෙන ඉස්සරහට ආවේ හෙඩ් ගාඩ්ට ලොකුම එකෙන් රවන ගමන්.. ඒ ඇවිල්ලත් ඒ මනුස්සයගෙ කෝට් එකෙන් ඇදලා එලියට දාලා දොර වහලා දොරට විරිත්තලා කෙල්ල කෙලින්ම ජස්මින් දිහා බැලුවා............"හනේව්ව්ව්ව්ව්ව්ව්ව් මයේ හම්බාවා😫"
කෙල්ල පැනපු ගමන් කෑගහගෙන ජස්මින්ව බදාගත්තේ ජන්ග්කුක්ගෙ අතේ ඉන්න පොඩ්ඩව බය කරලා.... චූටි කොල්ලා අඩන්න පටන් ගත්තාම ජන්ග්කුක් අසරණ වෙලා ජස්මින් දිහා බැලුවා.........
ජන්ග්කුක්ට හිනාවක් දාපු ජස්මින් ආපු කෙල්ලව ආපස්සට බදාගන්න ගමන් ඒ කෙල්ලටත් වඩා හයියෙන් කෑගැහුවෙ ජස්මින් ලග නිදන් උන්නු චූටි කෙල්ලවත් අඩවලා...."හනේඒඒඒඒඒඑ මයේ සූටි හෝතම්බු😫😫"
"ජස්මින්!! තමුසෙ කොහොමද එහෙම මට නොකියා ට්වින්ස්ලා ගෙනාවේ තිරිසනී!!!"

YOU ARE READING
𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
Fanfiction"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!"