~3~

162 30 0
                                    

කිචන් එකට වෙලා අජුම්මත් එක්ක හරි හරියට කියව කියව ඉන්න කෙල්ල කියවන එක නතර කලේ තමන්ව ලොකු උණුහුමකට නතු වුන නිසා......
කෙල්ලව පිටිපස්සෙන් බැක්හක් කරගෙන කවුන්ටර්ටොප් එකට අත් දෙක තියන් හිටපු කොල්ලගෙ තොල් නතර වුනේ මාශ්මෙලෝස් වගේ තිබ්බ කෙල්ලගේ පිරුණු කම්මුල් වල.....

"යාහ් කුකී....."
කෙල්ල අතේ තිබුණු කුකීස් ප්ලේට් එකත් පැත්තකින් තියලා කොල්ලගේ අතට ගැහුවෙ ලැජ්ජාවෙන්....

"මොකෝ...."
කෙල්ලගේ කන ලග චූටි චූටි හාදු තවරමින් කොල්ලා ඇහුවෙ කෙල්ල තාමත් ලැජ්ජාවෙන් ඇඹරෙන දිහා බලාගෙන....

"අජුම්මත් ඉන්නව අනේ..මොකද කරන්නේ...නවත්තන්නකෝ......"

"අජුම්මා නෑ අනේ....මොකෝ මේ රතු වෙලා හුම්?"
කොල්ල අහද්දි වැලමිට නවලා කොල්ලගෙ බඩට පාරක් ගහලා අනිත් පැත්ත හැරිලා කෙල්ල එකපාරටම කොල්ලට තුරුල් වුනා...... කොල්ලත් හරි පරිස්සමට කෙල්ලව බදාගත්තේ ඒ උණුහුම කොල්ලට ඕනිම කරල තිබුණ නිසා......

"ඉතින් මැඩම්..මට දැනගන්න පුලුවන්ද අද දවසටම එක කෝල් එකක්වත් නැතුන් මොකක්ද කරේ කියලා?"
ජන්ග්කුක් අහද්දි කෙල්ල කොල්ලගේ ටී ශර්ට් එකේ තමන්ගේ නහය පිහිදලා ඔලුව උස්සලා කොල්ලා දිහා බැලුවෙ හරි අහිංසක විදියට....

"මට පාලු හිතුනා කුකී.....මන් තරහටයි එහෙම කලේ....අම්ම්ම් ලොකු තරහකට නෙවේ හොදේ.... චුට්ටයි තරහ ගියෙ...."
ආයෙත් කෙල්ල කොල්ලගේ පපුව අස්සේ මූණ හංගගද්දි කොල්ලට සිහින් හිනාවක් ගියේ ඊයේ සෝශල් මීඩියා වල තිබ්බ rumors නිසා කෙල්ල මෙහෙම කියන්නේ කියල දන්න නිසා... චූටියට හිතේ ඇතිවුන ඉරිසියාවකට මිසක් කොල්ලා ගැන කවදාවත් අවිශ්වාසයක් කෙල්ලගේ හිතේ තිබුණේ නෑ කියන්න කොල්ලා හොදටම දන්නවා.....
ආයෙත් ඒ ගැන හාර අවුස්සන්න යන්නේ නැතුන්ම කොල්ලා කෙල්ලගේ තොල් මතින් හාදුවක් තැවරුවා......

"මෙයා ඔයාට වද දුන්නෙ නෑ නේද?"
තමන්ගෙ අතක් කෙල්ලගෙ බෝල බඩ උඩින් තියලා මෘදු කටහඩකින් කතා කරපු කොල්ලගේ ඒ ඇස්වල ගැබ් වෙලා තිබුණෙ ආදරණීය බවක්ම විතරයි......

"එයාට අප්පවා ඕනි කිව්වා හුම්!!!"
කෙල්ල කොල්ලගෙ අත උඩින් තමන්ගෙ අතක් තියාගෙනම කොල්ලට ආයෙත් තුරුල් වුනා........ජන්ග්කුක් හිටියෙ සතුටින්...අද උදේ කොල්ලා කොච්චර බය වෙලා හිටියද! කෙල්ලට හොද දෙකක් කියල බනින්න හිටියා නේද කියන එක පවා කොල්ලට අමතකයි...කියා ගන්න බැරි තරම් කොල්ලා සතුටින්...... කොල්ලට ජීවත් වෙනවා කියන හැගීම ඕනිවටත් වඩා දැනෙනවා....තව මාසෙකින් ජන්ග්කුක් කියන්නේ අප්පා කෙනෙක්.......තමන්ට ඉන්න එකම පවුල තමන්ගේ වයිෆ්, තව ටික දවසකින් ඒ පවුලට එකතු වෙන පුංචි දරුවා.....ඉතින් ඒකම මදිද ජන්ග්කුක්ට සතුටින් ඉන්න?

"ඉතින් දැන් මාව බදාගෙන ඉන්නමද කල්පනාව?ඔයාට බඩගිනි ඇති කූ..... කොෆී??"

"ම්හූ...මට දැන් ඔයාවයි කන්න ඕනී..."

"යාහ්හ්හ්හ් ජියොන් ජන්ග්කුක් ගුටි කන්නෙපා මගෙන්!"

"කෑගහන්නෙපා බබා..ඔයාට හොද නෑ......"
ඩෝ බෙල් එක වැදෙනවා ඇහුනම කොල්ලා කෙල්ලගෙ තොල් වලට චූටි හාදුවක් දීලා කොෆී එකත් අරන් ලිවින් ඒරියා එකට ගියේ ආවේ කවුද කියල බලන්න..... කොල්ල යද්දිම වගේ ඒ පස්සෙනුත් ගියපු කෙල්ල ටිකක් එහාට වෙලා කන්දෙක වහගත්තා......

𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•Where stories live. Discover now