"කූක් බලන්නකො ප්රින්සස් කෙනෙකුයි ප්රින්ස් කෙනෙකුයි! ප්රින්සස් ඔයා වගේ!!"
ජන්ග්කුක්ගෙ ඇස් දිලිසෙනවා..... ජන්ග්කුක් අප්පා කෙනෙක්... එක්කෙනෙක්ගෙ නෙවේ පැටව් දෙන්නෙක්ගෙම.....චූටි කෙල්ල ජන්ග්කුක් වගේමයි....එතකොට කොල්ලා එයා ජස්මින් වගේ......"හ්යුන්ග් එයාලා චූටියිනේ...."
ජන්ග්කුක් චූටි කොල්ලගේ අතකින් අල්ලගමන් කිව්වෙ ඇස් වල කදුලු පුරවගෙන........
ඩිලිවරි එකෙන් පස්සෙ ජස්මින්ව VIP room එකකට මාරු කරාට පස්සෙ ජන්ග්කුක්ට වගේම ජින්ටත් ජස්මින්ව වගේම ලමයි දෙන්නවත් බලන්න පුලුවන් වුනා.....ජන්ග්කුක්ගෙ අතේ නිදාගෙන හිටපු බබා එක පාරටම කෑගහල අඩන්න පටන් ගත්තේ ජන්ග්කුක්ට කරන්න දෙයක් තේරෙන්නෙ නැතුව බලන් ඉද්දි...
ජන්ග්කුක් මීට කලින් අප්පා කෙනෙක් වෙලා නැති නිසා මනුස්සයා දන්නේ නෑ බබෙක් නලවගන්න ඕනි විදිය..... ඒකටම හරියන්න මෙච්චරවෙලා ජින්ගෙ අතේ හිටපු චූටි කෙල්ලත් කෑගහලා අඩන්න පටන් ගත්තා..
මන් හිතන්නේ ට්වින්ස්ලා නිසා එක්කෙනෙක් අඩද්දි අනිත් කෙනාට නිකන්ම ඇඩෙනවද කොහෙදෝ!ජින් දන්න දහංගැට ඔක්කොම දාලා චූටි කෙල්ලව නලවගන්න හදද්දි ජන්ග්කුක් චූටි කොල්ලව නලවගන්න උත්සහ කරා......
චූටි කොල්ලා අඩන එක වැඩි කරද්දි ජන්ග්කුක් දැක්කෙ ඇස් අරින්න හදන ජස්මින්ව......"හ්යුන්ග් ජස්මින්......"
ජන්ග්කුක් සද්දෙන්ම කෑගහලා ජින්ට ජස්මින්ව පෙන්නුවාම ජින් ඉක්මනට ඩොක්ටට කෝල් කරා....."මැණික......."
ජන්ග්කුක් ජස්මින් ලගට ගිහින් කෙල්ලගේ අතින් අල්ලගත්තේ ජස්මින් ඇස් ඇරලත් ආයේ එකපාරටම වහගත්ත නිසා.......
ඒත් එක්කම වගේ ඩොක්ටර් ඇතුලට ඇවිත් ජස්මින්ව චෙක් කරන්න ගත්තා.."මිස්ටර් ජියෝන් ඔයාගේ වයිෆ් ගැන බය වෙන්න දෙයක් නෑ...එයා හොදින්...හැබැයි එයාට හොදට රෙස්ට් කරන්න වෙනවා....එයා වීක්..."
ඩොකටර් සැනසිලි දායක හිනාවකින් ජන්ග්කුක් එක්ක කතා කරල එලියට ගියාම ජන්ග්කුක් බැලුවෙ තමන් දිහා කදුලු පිරුණු ඇස් වලින් බලන් ඉන්න කෙල්ලව.............................................
"ජන්ග්කුකා ගිහින් කතා කරපන්... කෙල්ල අවුලින්...."
ජින් ජන්ග්කුක්ගෙ පිටටත් තට්ටු කරන ගමන් සෙටි එකෙන් නැගිටලා ජස්මින් ලගට ගිහින් ජස්මින් තුරුලෙ නිදන් ඉන්න චූටි බබාව පරිස්සමින් අරන් කොට් එකෙන් තිබ්බා.....

YOU ARE READING
𝓢𝓽𝓪𝓷𝓭 𝓫𝔂 𝓶𝓮 •ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ•
Fanfiction"කිසි වැදගැම්මකට නැති මනුස්සයෙක් වුන මට එදා ඉදන් ලග තිබ්බ වටිනම දේ ඔයා මැණික...ඔයාට බෑ එහෙම මෙච්චර දුරක් ඇවිත් මාව දාල යන්න!"