ටේටේ එයාගේ අදහස පහුවදාම ක්රියාත්මක කරලා හන්පාර්ක් එකයි නම්සන් අවටයි කැමරා හයි කලා.
දවස් දෙකතුනක් ගෙවිලා ගියේ jm ගැන අලුත් තොරතුරක් නැතුවයි..
ඒ අතර කාලයේදි එයා පොලිස්ටේශන් එකේ සීසීටීවී රෙකෝඩ්ස් චෙක් කරා.
ඒත් ඒකෙන් එයාට කිසි තොරතුරක් ලැබුනේ නෑ..
හැබැයි මේ ගතවුන දවස්වල අර හයිකරපු කැමරාවලින් එයාට එක්කෙනෙක්ව නෝට් උනා..
පොඩි අවුලකට තීන්නේ එයාගේ මූන පැහැදිලි නැති ඒක
එයා හැමවෙලාවෙම මූන කවර් වෙන විදිහට තමයි ගිහින් තීන්නේ..
ඉතින් කොයි කැමරාවෙන් චෙක්කරත් එයාගේ මූන හරියකට බලාගන්න ටේට බැරි උනා..
ටේ ඒ මූන පොලිස්ටේශන් එකේ රෙකෝඩ්ස්වල තීනවද කියලා චෙක්කර කර ඉන්නකොට කෝල් එකක් ආවා."හෙලෝ "
"හෙලෝ සර්..ජන්කුක්..ජන්කුක් නෑනේ.."
"මොකක්ද.."
"ඔව් සර්...එයාට බොන්න මිල්ක්ශේක් එකක් ගෙන්න කියලන වදේ ගැහුවා ඒක ගේන්න ගිය ටිකට එයා නෑ.."
"යාහ් මින් යුන්ගී..ඔයා දන්නවා එයා ගැන බලන්න ඉන්නේ ඔයා විතරයි කියලා ඔයා කොහොමද ඔහොම මිස්ටේක් එකක් කලේ.."
"සොරි සර්.."
"හරි..එයා ඔය ලගපාත ඉන්නවද කියලා බලන්න.."
කියපු ටේටේ කෝල් එක කට්කරලා GPS ඔන් කලා..
එයා ජන්කුක්ගේ මාලේට Gps එකක් හයිකරලා තිබුනේ..
GPS චෙක්කරපු ටේටේ දැක්කේ ඒක සෝල්වල මිනිස්සු අඩු පැත්තකට යනවා කියලා.
"ඔහ්..එයා කුක්ව පැහැරගෙන.."
ටේටේ ඉක්මන්ට එයාගේ ගන් එකයි කාර් කී එකයි අරන් චූටි පිහියක් බූට් එකෙ ගහන් තව බ්ලේඩ් එකක් වගේ පිහියක් කලිසමේ රහස් පොකට් එක්කයි දාගෙන ඉක්මන්ට කැබින් එකෙන් එලිට ගියා..
එයා උපරිම වේගෙන් ජන්කුක් ඉන්න තැනට යන්න ගත්තේ ජන්කුක්ගේ ජීවිතේට අනතුරක් වෙන්න කලින් එයා එතන ඉන්න ඕනී නිසා..
ටේටේ ඩ්රයිව් කරන අතරෙදි එයාට යුන්ගිගෙන් කෝල් එකක් ආවා..
"හෙලෝ යුන්ගී.."
"සර්..."
"ඔව් කියන්න.."
යුන්ගි හතිඅරින ගමන් කතාකරද්දි ටේටේ නොඉවසිලිවන්තව කිව්වා
"සර් ජන්කුක්..ජන්කුක්.."
YOU ARE READING
Black heart 🖤 //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fanfiction(completed) බයානක මිනිස්සු බිහිකරන්නෙත් මේ සමාජයෙන්මයි.. vmin sinhala short story