"ජිමින්..."
"ආ ඔහේ ආයෙම මෙහෙට ආවද..."
"ඔව් ඔයත් මගේ ගෙදරට ඇවිත් ගිහින් තීන්නේ.."
උදේ තමන් ගෙදර යද්දි දැකගන්න ලැබුන උඩුයටිකුරු වෙච්ච ගෙදර මතක් කරන ගමන් ටේටේ කිව්වා.
"ඔව් මන් ආවා තමයි...කෝ කියනවා මගේ ඩයරි එක..."
කිචන් එකේ උය උය හිටිය ජිමින් අතේ තිබුන හැන්ද පැත්තකට දාලා පිහිය අතට ගන්න ගමන් ඇහුවා..
"ඇයි ඔයා පිහිය අතට ගන්නේ.අපිට පුලුවන් ටිකක් වාඩිවෙලා කතාකරන්න.."
"එහෙම උවමනාවක් මට නෑ..හොද හිතින් මට මගෙ ඩයරි එක දෙනවා."
"නුදුන්නොත් ?? "
"මන් ඒක කොහොම හරි ගන්නවා.."
"එහෙනම් ඩයරි එක ගන්නකෝ.."
"හරි මන් ගන්නම්..."
කියපු ජිමින් ටේටේගේ දිහාට කඩන් පැන්නා.
එදා වගෙම දෙන්නත් එක්ක අදත් පොර අල්ලන්න පටන් ගත්තා..
ජිමින්ට ටේටේගෙන් ඩයරි එක ගන්න බැරිවෙද්දි එයාගේ කේන්තිය වැඩි උනා.
ජිමින් කේන්තියෙන් ටේටෙ ගහන්න හදනකොට ටේටේ ඒ පාරවල් වලක්වගෙන ජිමින්ගෙ එහාට ගියා.
ටේටේගේ ඕවර් කෝට් එක අතුලේ එයාගේ ඩයරි එක තීනවා ජිමින් හොදටම දැක්කා.
ඒ නිසා ජිමින් එයාගෙන් ඈතට යන්න හදපු ටේගේ ඕවර් කෝට් එකෙන් ඇද්ද..
ජිමින් එක්ක පොර අල්ලද්දි ජිමින්ගේ පිහියට ඒකේ බොත්තන් ගැලවුන නිසා ඕවර් කෝට් එක පහසුවෙන්ම ජිමින්ගේ අතට ගියා..
ජිමින් ටේටේ නාක්කලේට හිනාවක් දාලා කෝට් එක ඇතුලේ තිබුන ඩයරි එක අතට අරන් ටේට පෙන්නුවා..
ඒක දැක්ක ටේටේ ඒක ජිමින්ගෙන් ගන්න ආයෙ පොර ඇල්ලුවා.
කොහොමෙන් කොහොම හරි ඒ පොර ඇල්ලිල්ල නැවතුනේ පිහිය සෝෆා එක යටටයි ටේටේව ජිමින්ගේ ඇග උඩටයි වට්ටලා..
ඒ වැටුන විදිහට ටේගේ ලිප්ස් කෙලින්ම නතර උනේ ජිමින්ගේ ලිප්ස් උඩ...
දෙන්නගේ තොල් එකිනෙක ස්පර්ශ උනා කියලා තේරුන මොහොතෙම දෙන්නගෙ ඇස් ලොකු වුනා.
ලොකු කරගත්තු ඇස්වලින් එකිනෙකා දිහා බැලුව ඒ දෙන්නගේ ඇස් මොහොතකට අතරමං උනා..
ටේගේ දුඹුරු ඇස් දෙකේ අතරමං වෙලා හිටිය ජිමින් ගැස්සිලා පියවි සිහියට ආවා..
ටේටේව තමන්ගේ ඇග උඩින් අයින් කරපු ජිමින් එයාලට ටිකක් එහායින් වැටිලා තිබුන ඩයරි එකත් අරන් එයාගේ රූම් එකට ගියා..
බිම ඉදගෙන ටික වෙලාවක් තමන්ගේ යටි තොල හපාගත්තු ටේටේ එතනින් නැගිටලා ජිමින්ගේ රූම් එක දිහාට ගියා..
YOU ARE READING
Black heart 🖤 //𝗰𝗼𝗺𝗽𝗹𝗲𝘁𝗲𝗱//
Fanfiction(completed) බයානක මිනිස්සු බිහිකරන්නෙත් මේ සමාජයෙන්මයි.. vmin sinhala short story