"අපි කොහෙද යන්නේ.." බස් එකේ එයා මගේ එහා පැත්තෙන් ඉදගෙන හිටියා.. එයා හිටියේ ශ්ටර් ඒක පැත්තේ මං හිටියේ අනෙක් පැත්තේ.. හුගක් කාලයකට පස්සේ එයාගේ ස්කින් ඒක මගේ ස්කින් එකේ වැදෙන ඒක මට තවත් uncomfortable උනේ නෑ.. මං ඒකට කැමති!
එත් තාමත්! නෑ එයා මට ගැලපෙන්නේ නෑ!
"Date එකකට! අපි හුගක් කාලෙකින් ගියෙ නෑ නේ.."
එයා මං දිහා නොබලාම උත්තර දුන්න!
ඩේට් !! මට එයා එක්ක ඩේට් යන්න ඕනේ නෑ! ඇත්තවශයෙන්ම නෑ!! මං එයාට කැමති නෑ! ඇත්තටම නෑ! මට එයාගෙන් ඈත් වෙන්න ඕනේ..!!
එත් මොනව ද මං කරන්න ඕනේ!
මට තේරෙන්නේ නෑ! ඇයි මං මේක පටන් ගත්තේ!
ඇයි! මං මහා මෝඩයි! ආදරය ඇත්තටම හරි බොළද දෙයක්! ඒක මට ගැලපෙන්නේ නෑ! මං ඒක තෙරුන් ගන්න ඕනේ දුකෙන් උනත්!
මට කරන්න දෙයක් නෑ! එයා එක්ක මේ පැය කීපය ගත කරනවා මිසක්!
මං නිහඩව හිටියා.. මං නිහඩවම හිටියා..
එත් මං දන්නවා නිහඩ වෙලා බෑ හැමදාම!
මං අද එයාට ඒක කියනවා! මට තවත් මේ සෙල්ලම ඉස්සරහට ගෙනියන්න ඕනේ නෑ..