හවස හොස්පිට්ල් ගිහින් ජිමින්ව පෙන්නලා ඒ දෙන්නම ගෙදර එනකොට ගොඩක් රෑ වුනා.ජිමින්ට වැටෙනකොට පොඩ්ඩක් බඩ බිම වැදිච්ච නිසා ඇතිවෙච්ච වේදනාවක් විතරයි ඒ ආවේ කියලා දැනගත්තහම ජන්කූක්ගේ හිත නිවුන තරම් එයාටත් හිතාගන්න බෑ. එයාගෙ ජිමින් හොදින්. එයාට කිසිම කරදරයක් නෑ. ඒත් ජන්කුක් එයාටම දොස් පවරගත්තා ඒ තත්ත්පර ගානට උනත් ජිමින්ව එයාට මිස් වුනු එක ගැන.
"ආයෙ කිසිම දවසක ඔහොම දෙයක්වත් වෙන්න දෙන්නේ නෑ මං ඔයාට ජිමිනී.... මගේ මැනිකගෙ ලගින්ම මං ඉන්නවා.."
කා එකේ ශීට් එකේ එදා වගේම ගුලිවෙලා නිදාගෙන ඉන්න ජිමින්ව අත් අතරට ගත්ත ජන්කූක් ගේ ඇතුලට ගියා. ජිමින්ව අතේ තියාගෙනම ලයිට්ස් ඔන් කරපු එයා ජිමින්ව ඇහැරවෙන්නෙ නැතිවෙන්න පරිස්සමට කාමරේට අරන් ගියා.
"ඔයාට ඔහොම නිදාගන්න දෙන්න බෑනෙ මිනී. වොශ් දාන්න ඕනෙ ඔයා. "
ජිමින්ව ඇදෙන් තිබ්බ ගමන් තමයි ජන්කුක්ට මතක් උනේ අද ජිමින් දාඩිය දාන්නම ඇවිද්දා නේද කියලා. ඉතින් හඩුපෙරාන ජිමින්ට නිදාගන්න දෙන්න බෑනෙ. හිමින් සීරුවට ජිමින්ගේ හූඩි එක අයින් කරපු ජන්කූක් පරිස්සමට ජිමින්ව ආයෙමත් උස්ස ගත්තා. පුංචි පුංචි ගැස්සීම් නිසා කෙදිරි ගාපු ජිමින් ජන්කුක්ගෙ අත් අතරෙම ගුලි වෙලා ආයෙමත් නිදාගන්න විදිහ ජන්කුක් බලන් හිටියේ හිනාවෙවී.
"අනේ අනේ.. නිදාගෙන ඉද්දි හොරෙක් උස්සන් ගියත් දන්නෙ නෑ මෙයා."
ඇගිල්ලකුත් කටේ ගහන් හොදට නිදාගෙන ඉන්න ජිමින්ගෙ නහයට නහය ලං කරලා චුට්ටක් පැද්දුව ජන්කූක් බාත්ෲම් එකට ගියේ නින්දෙන් හිටියට අද ජිමින්ව වොශ් කරනවාමයි කියලා හිතාගෙන. ඒත් ජන්කුක් දන්නෙ නෑනි එයාගෙ අතේ ඉන්න ඒ හුරතල් බෝලේ හොරාට නිදාගෙන වගේ ඉදගෙන ජන්කූක් කරන හැමදේම හිත අස්සෙන් හිනාවෙවී බලන් ඉන්නවා කියලා.
බාත්ෲම් එකේ තිබ්බ පුංචි ලෙජ් එක උඩින් ජිමින්ව පරිස්සමට ඉදගස්සපු ජන්කූක් එයාව බිත්තියට හේත්තු කරලා බාත් ටබ් එකට උනු වතුර පුරවලා ලෑස්ති කලා.
ඊටපස්සෙ එයාගෙ ශර්ට් එකත් ගලවලා දාලා ඇදගෙන හිටපු ඩෙනිම ගලවලා ශෝට් එකක් ඇදලා ජිමින්වත් උස්සගෙන එයා ජිමින් එක්කම ටබ් එකට බැස්සේ ජිමින් පුංචියට ගැස්සෙන විදිහ දැකලා හිනාවෙවී.
DU LIEST GERADE
with you ..🍂🌹 [jikook] completed
Fanfictionwith you..🍂🌹 jikook top -jungkook bottm-jimin bts fanfiction 🔞 start 2022.09.09 - end 2022.10.15