34🌹end

540 104 78
                                    


පුංචි ජිමින්ගෙයි එයාගෙ කුමාරයාගෙයි ගෙවුනු මාස කිහිපය ගොඩක් ලස්සන විදිහට ගෙවිලා ගියා. ඒක ගොඩක් ආදරනීය වගේම හැගීම්බර කාලපරිච්චේදයක්. මොකද කියනවා නම් ඒ කාලය ඇතුලත අපේ පුංචි ජිමින්ගෙයි කුකීගෙයි ගෙදරට අලුත් සාමාජිකයෙක් එන්න බලාගෙන හිටපු නිසා.

ඔව් එයාලගෙ චූටියා ආයෙමත් එයාල ලගට ඇවිත් තිබුනා. මේ කාලය ඇතුලත ජන්කුක් ජිමින්ව පරිස්සම් කරපු හැරි මම ඔයාලට කියන්න ඕනි නෑ නේද...

ඒතරම් ආදරයක් රැකවරනයක් ජිමින් කවදාවත්ම විදලා තියෙන්න නැතුව ඇති. කන බොන දේ පවා හරියටම බලලා හැම තප්පරේම ලගින් ඉදගෙන ජන්කුක් ඒ කරපු කැපකිරීම හිතාගන්නවත් බෑ.

ඒ වගේම ජිමිනිත් එයාගෙ දග වැඩ ටිකකට නවත්තලා එයාගෙ චූටියව මලක් වගේ පරිස්සමට එයාගෙ චූටි බංඩිය ඇතුලේ හංගගෙන බලාගත්තා. හැමදාම රෑට චූටියට ඇහන්න කතන්දර කිව්වා , එයාගෙ ඩඩා ගැන වීර කතා කියලා දුන්නා , චූටියා සුදු වෙන්න කියලා පලතුරු ගොඩාක් කෑවා.

මේ කාලය ඇතුලත ජන්කුක් ජිමින්ගෙයි එයාගෙයි කාමරේ පුදුම තරම් ලස්සන කලා. කලින් ස්කෑන් කරලා බලනකොට එයාලට දැනගන්න ලැබුනා එයාලට ලැබෙන්න ඉන්නේ චූටි කුමාරියක් කියලා.

ඉතින් ඒ දෙන්නා එයාලගෙ කාමරේ රෝස පාටින් සැරසුවේ චූටි කුමාරි එන්න මාස ගානකටම කලින්. ඔව් එයාලා තීරනය කරලයි තිබුනේ චූටි කුමාරිව වෙනම කාමරේක නොතියා එයාලා ලගම තියාගන්න.

ඉතින් හරිම වේගෙන් මාස දහයක්ම ගෙවිලා ගියා. අන්තිමට ජන්කුකීගෙයි ජිමිනිගෙයි චූටි කුමාරි එයාලගෙ අත් අතරට එන කාලය උදා වුනා.

"ජන්කුකී ඔයා සන්සුන් වෙන්න දරුවෝ... "

ලේබ රූම් එක ලග අත්දෙක අතුල්ල අතුල්ල හොදටම බය වෙලා වෙව්ල වෙව්ල ඉන්න ජන්කුක්ගේ ලගට ආපු ජින් එයාගෙ පිට අතගාලා හිනා වුනා.

"කියලා වැඩක් නෑ ජින් හියුන්. ජිමින්ට නැතුව මුට බබා හම්බුනා නම් මූ මෙතනම මැරිලා බ්ලඩ් ප්‍රෙශර් වැඩිවෙලා."

පැත්තක ඉදන් බිත්තියට හේත්තුවෙලා කූක්දිහා බලන් හිනාවෙවී හිටපු ටේ එහෙම කියනකොට යූංගි ටේව ඇදලා ලගට ගත්තා.

with you ..🍂🌹 [jikook] completedWhere stories live. Discover now