05🌹

432 123 26
                                    


රෑ හතට විතර වැඩ ඔක්කොම ඉවර කරලා ජිමින්ගේ ටිකට් කපාගත්ත ජන්කූක් ජිමින්වත් එක්කගෙන එයාගෙ කා එකෙන් එයාගෙ ගෙදර යන්න පිටත් උනා.

මග දිගට ජිමින් කිසිම සද්දයක් නැතුව තොල් දෙකත් උල් කරගෙන ශටර් එකට හේත්තුවෙලා සෝල් නගරේ පුරාම එයාගේ ඇස් යැව්වා. හැමදාමත් එයා දකින ඒ කලබලකාරී සෝල් නගරය අද වෙනදට වඩා සන්සුන් කියලයි එයාට හිතුනේ.

සමහරවිට ඒ අද එයා ඒ දිහා බලන්නේ වෙනස්ම විදිහකින් නිසා වෙන්නත් පුලුවන්. කොහොම උනත් පැය කාලක් විතර එයා ඒ විදිහට පාට පාට ලයිට් එලි අතරේ තනිවෙලා ඉන්න ඇති වැඩි වෙලා යන්න කලින්ම එයාගෙ ඇස් නිදිමතෙන් බර වුනු නිසා.

පුංචි මී පැටියෙක් ශටර් එකට තට්ටු දානවා වගේ සද්දයක් ඇහෙද්දි ජිමින් ඉන්න පැත්ත හැරිලා බලපු ජන්කූක් දැක්කේ ජිමින්ගේ නිදිබර ඇස් තදටම වැහිලා ගිහින් එයාගෙ පුංචි ඔලුව තාලෙකට ශටර් එකේ වදින විදිහ. ඒත් එක්කම කාර් එක පැත්තකට කරලා නවත්තගත්ත ජන්කූක් ශීට් එක ටිකක් පිටිපස්සට කරලා ජිමින්ව හිමින්සීරුවේ පහසු විදිහට හාන්සි කෙරෙව්වා.

ජන්කූක් බලාගෙන ඉද්දිම පුංචි බබෙක් කිරි උරනවා වගේ තොල් එකට ගාව ගාව කෙලබෝල පුම්බපු ජිමින් ශීට් එක අස්සට සැපට ගුලි උනේ ජන්කූක්ගේ මූනට පුංචි හිනාවකුත් එකතු කරලා.

" ඔයත් තාම පුංචි බබෙක් වගේ ඉද්දි කොහොමද මිනී ඔයා තවත් බබෙක්ව දරාගෙන ඉන්නේ. කව්ද ඔයාට මේ දේ කලේ පුංචි කොල්ලෝ. කොහොම උනත් ඔයා දවසක මට ඒ කතාව කියයි කියලා මං බලන් ඉන්නවා. "

හිමින් සීරුවේ ජිමින්ගේ ඔලුව සිනිදුවට අතගාපු ජන්කූක් කා එක ස්ටාට් කරලා පාරට දැම්මේ තවත් රෑ වෙන්න කලින් ගෙදර යන්න හිතාගෙන.

"ජිමින්..... ජිමිනී.. නැගිටින්න . අපි ගෙදර ආවා. ජිමිනියෝ... නැගිටින්න කොල්ලෝ..."

ජන්කූක්ගේ විසාල ගෙදර ඉස්සරහ ගාඩ්න් එකේ කා එක නවත්තපු ජන්කූක් තවමත් ගුලි වෙලා පුංචි හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ජිමින්ගේ ඔලුව අතගානගමන් එයාට කතා කලා.

පුංචි කෙඳිරිලි හඩවල් කිහිපයකට පස්සේ ජිමින් ලොකූ ඈනුමකුත් අරින ගමන් නැගිටලා වටපිට බලන්න ගත්තේ තවමත් නිදිමතින් පිරුනු ඇස් හතරවටේටම කරකවන ගමන්.

with you ..🍂🌹 [jikook] completedDonde viven las historias. Descúbrelo ahora